අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ALIENS & EXTRA TERRESTRIALS : අතීත මානවයා පිටසක්වලයින් හමූ බවට සාක්ෂි?


ඉන්දියාවේ ඉපැරණි ලෙන් චිත‍්‍ර කිහිපයකින් ඈත අතීතයේදී පිටසක්වළ ජීවීන් පෘථිවියට පැමිණි බවට ඉදිරිපත්වන, පෑලියෝ එක්ස්ට්‍රාටෙරෙස්ට්‍රියල් කන්ටැක්ට් හයිපෝතීසිස් (paleo extraterrestrial contact hypothesis) හෙවත්, නූතන ජනවහරේ ඒන්ෂන්ට් ඒලියන්ස් ලෙස හැඳින්වෙන කල්පිතයට නව පණක් ලැබී ඇතැයි ඉන්දීය පුරා විද්‍යාඥ ජේ.ආර්. භගත් පවසා තිබේ.

චාටිස්ගාර් ප‍්‍රාන්තයේ කන්කෙර් දිස්ත‍්‍රික්කයේ චරාමා ප‍්‍රදේශයේ පිහිටා ඇති ලෙන් පද්ධතියකින් මෙම සිතුවම් හමුවී ඇතැයි පැවසේ. පුරාවිද්‍යාඥ භගත් පවසා ඇත්තේ මෙම ගුහා චිත‍්‍ර වසර 10000ක් පමණ පැරණි බවයි.

මෙම සිතුවම් වල මුහුණේ කට, ඇස නාසාදී ඉන්ද්‍රියන් සටහන් කර නොමැති අතර ඇතැමෙකු අභ්‍යවකාශ ඇඳුම් වැනිදෑ පැළඳ සිටී. මේ අතර පාද 3ක් සහිත ව්‍යූහයක්ද සටහන් කර ඇති අතර භගත් පවසන්නේ එය පිටසක්වළ යානය වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බවයි.

ඔහු පවසා ඇත්තේ ප‍්‍රාග් ඓතිහාසික මිනිසා එක්කෝ පිටසක්වළ ජීවීන් දැක තිබීම හෝ නැතිනම් එවැන්නක් පිළිබඳ පරිකල්පනය කරමින් සිට ඇති බවයි.

වටකුරු පියාඹන වස්තුවකින් අහසින් පැමිණි රෝහෙලා හෙවත් කුඩා මිනිසුන් පිරිසක් ගම්වාසීන් ගණනාවක් රැගෙන ගිය බවට පුරාවෘත්තයක් ගල් ගුහා පද්ධතියට යාබදව පිහිටා ඇති චන්දෙලි සහ ගෝටිටෝලා ගම්මාන වල වැසියන් අතරේ පවතින බවද අනාවරණය වී තිබේ.

ස්වාභාවික වර්ණ වලින් තවමත් දැකිය හැකි මෙම බිතු සිතුවම් වල නාසය සහ කට රහිත මිනිසුන් විසින් තුවක්කු වැනි අවි දරා සිටීම හා අභ්‍යවකාශ ඇඳුම් උපකල්පනය කරන්නට ඇතැයි තර්කයක් පැවතුණද මිනිසුන් එවැන්නක් පිළිබඳ අදහස් ඉබේ දැරිය නොහැකි බවටද මත පළවී තිබේ.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments