SUPER PHYSICS : කාඩෂෙෆ් පරිමාණයේ උපරිමයට ගිය ශිෂ්ඨාචාරයක් කෙසේ වේවිද?


Kardashev Scale

සෝවියට් තාරකා විද්‍යාඥ නිකොලායි කාඩෂෙෆ් විසින් කල්පිතයක් ලෙස නිර්මාණය කරන ලද කාඩෂෙෆ් පරිමාණය විශ්වයේ දියුණු ශිෂ්ඨාචාරවල දියුණුව විස්තර කල හැකි විද්‍යාත්මක විශ්ලේෂණයක්.

කාඩෂෙෆ් පරිමාණය විශ්වයේ පැවතිය හැකි ශිෂ්ඨාචාර, ඔවුන්ගේ පැවැත්ම සඳහා බලශක්තිය ලබාගන්නා ආකාරය හා වෙනත් තාක්ශිණ හැකියාවන් අනුව වර්ගකිරීමකි. මෙම වර්ග කිරීමට අනුව විශ්වයේ පැවතිය හැකි ශිෂ්ඨාචාර වර්ග 6කට බෙදා තිබෙනවා.

Type 0 Civilisation - වැඩිමනත් බලශක්තිය ලබාගන්නේ කාබනික ද්‍රව්‍ය මගිනි. එනම් දර, ෆොසිල ඉන්ධන ආදිය. මෙවැනි ශිෂ්ඨාචාරයකට තම මව් ග්‍රහයාගේ කක්ශය වටා ගමන් කිරීමට සමත් තාක්ශණයක් පැවතිය හැකිය. මෙවැනි ශිෂ්ඨාචාර තමන්වම විනාශකරගැනීමේ සම්භාවිතාවය 9.99% පමණ වෙතැයි උපකල්පණය කෙරේ. පෘථිවිය මේවන විට type 0 වර්ගයේ ශිෂ්ඨාචාරය අභිබවා type 1 ශිෂ්ඨාචාරයක් වෙත පරිවර්තනය වෙමින් පවතී. තවත් වසර 500කින් පමණ අප ශිෂ්ඨාචාරය පූර්ණ ලෙසම type 1 බවට පත්වනු ඇත.

Type 1 Civilization - මෙවැනි ශිෂ්ඨාචාරයක් සිය මූලික බලශක්ති ප්‍රභවය ලෙස න්‍යෂ්ඨික විලයනය (nuclear fusion) භාවිතා කරයි. සූර්යයා දැල්වෙන්නේද හයිඩ්‍රජන් හීලියම් බවට පරිවර්තනය වන න්‍යෂ්ඨික විලයනයෙනි.තමන්ගේ සෞරග්‍රහ මණ්ඩලය සිසාරා ගමන්කල හැකි අන්තර්-ග්‍රහලෝක ප්‍රවාහණ පද්ධතියක් නිර්මාණය කරගෙන ඇත. තම සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලෝකවලද පදිංචිවී සිටී. තමන්ගේ මව් ග්‍රහලෝකයේ කාළගුණය වෙනස් කිරීමේ හැකියාව, ගිණිකඳු පිපිරීම්, භූමිකම්පා, සුනාමි වැනි ව්‍යසන කලින් දැනගන්නවා පමණක් නොව ඒවා නැවැත්වීමේ තාක්ශණයද සතුකරගෙන ඇත.

Type 2 Civilisation - තමන්ගේ චක්‍රවාටය පුරා ගමන්කිරීමේ අන්තර්-තාරකා (inter-stellar) ප්‍රවාහන හැකියාව ලබාගෙන ඇත. තම සූර්යයාගේ සියලුම බලශක්තිය අපතේ නොයවා තම ප්‍රයෝජනයට ගැනීමේ සුපිරි හැකියාවක් ලබාගෙන ඇත. වෙනත් සෞරග්‍රහ මණ්ඩලවලට ගමන් කරමින් කොලනි පිහිටුවා ගැනීමේ හැකියාව අත්පත් කොටගෙන ඇත. ඕනෑම ග්‍රහලෝකයක දේශගුණය, ස්වභාවය තමන්ට අවශ්‍ය ලෙස වෙනස්කරගැනීමේ හැකියාව (terra-forming) ලබාගෙන ඇත.

Type 3 Civilisation - අන්තර් තාරකා මණ්ඩල (inter-galactic) සංචරණ හැකියාව ඇත. තමන්ගේ තාරකා මණ්ඩලයේ (චක්‍රවාටයේ ) සියලුම සූර්යයන්ගේ බලය උකහාගැනීමේ තාක්ශණයන් නිර්මාණය කරගෙන ඇත.

Type 4 Civilisation - විශ්වයේ සියලුම තාරකා මණ්ඩල සිය අණසකට යටත්කරගත හැකි තරමේ තාක්ශණ දියුණුවක් ලබා ඇත. කාලය හරහා ගමන් කිරීමේ හැකියාව, කාලය වෙනස් කිරීමේ හැකියාව, සෞරග්‍රහමණ්ඩයක් පවා තමන්ට කැමති තැනකට ගෙනයාමේ හැකියාව වැනි සිතාගත නොහැකි දිව්‍යමය බලයක් මෙන් පෙනෙන තාක්ශණයක් මොවුන් සතුය.

Type 5 Civilisation - තමන්ගේ විශ්වය හැරපියා වෙනත් විශ්වයන් (other universes) වෙත ගමන් කිරීමේ හැකියාව, වෙනත් මානයන් වෙත (එනම් ද්විමාන, සිව්මාන, පංචමාන වැනි මානයන්) වෙත ගමන් කිරීමේ හැකියාව ලබාගත් දිව්‍යමය බලයන් සතු සුපිරි ජීවීන් පිරිසකි. Type 5 ශිෂ්ඨාචාරයක තාක්ශණික හැකියාවන් අද පවතින මිනිස් මනසට කිසිලෙසකින් වත් ග්‍රහණය කරගත නොහැකිවනු ඇත. 

භෞතික විද්‍යාව හා ගණිතය පිලිබඳ මේ විශ්වයේ පමණක් නොව අන් සියලූම විශ්වයන්වල ගණිතමය හා භෞතික විද්‍යාත්මක සිද්ධාන්තයන් සියල්ලම අවබෝධ කරගත්, කළු කුහරයක් තුලින් වුව නිරුපද්‍රිතව ගමන් කල හැකි මේම සුපිරි ජිවීන් ඒවන විට සිය භෞතිකත්වයෙන් මිදී වෙනත් ආකාරයකට පරිවර්තනය වී සිටින්නටද පුලුවන්. සියලුම විශ්වයන්හි ඇති සියලුම මාන වෙත ගමන් කල හැකි මොවුන්ට තාරකා, සෞරග්‍රහ මණ්ඩල පමණක් නොව මන්දාකිනි පවා ඇති කිරීමට හා නැති කිරීමට හැකියාවක් තිබෙන්නට පුලුවන.

මිනිසා

තව වසර 200 සිට 500 දක්වා අතර කාලයකදී මිනිසා Type 1 ශිෂ්ඨාචාරයක් වනු ඇත. වසර 3500ක පමණ ඇවෑමෙන් ඔවුන් Type 2 තත්වයටද තවත් වසර 5000කින් Type 3 තත්වයටද පත්වනු ඇතැයි විද්‍යාඥයින් විශ්වාස කරනවා.











__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments