ENVIRONMENT / CONSERVATION / WILDLIFE : කාළගුණ විපර්යාස නිසා අවලංගුකල කාළගුණ විපර්යාස අධ්‍යයනය


CCGS Amundsen කැනේඩියානු පර්යේෂණ නෞකාවකි. එමෙන්ම එය ඝණ අයිස් තට්ටු කඩාගෙන ඉදිරියට යාහැකි අයිස් කඩන (ice breaker ship) නෞකාවකි. මෙම නෞකාවේ ගමන් කරමින් කැනේඩියානු ආක්ටික් ප්‍රදේශයේ කාළගුණ විපර්යාස නිසා ඇතිවී ඇති වෙනස්කම් හා ඒවායේ බලපෑම් අධ්‍යයනය කිරීමේ ව්‍යාපෘතියක් මේ වසරේ දියත් කිරීමට සැලසුම් කොට තිබුණා. 

කැනේඩියානු විශ්වවිද්‍යාල පහක පර්යේෂකයින්, කැනේඩියානු වෙරළාරක්ෂක බළකාය හා ඒකාබද්ධව සිදුකිරීමට සැළසුම් කොට තිබූ මේ ගවේෂණයට කැනේඩියානු ඩොලර් මිලියන 15ක අරමුදල්ද ලැබී තිබුණා. 

පාවෙන පර්යේෂණාගාරයක් වන අමුන්ඩ්සන් නෞකාවේ විද්‍යාත්මක පර්යේෂණ 65ක් සිදුකල හැකි උපකරණ, විවිධ විද්‍යාගාර 22ක් හා වායුගෝලයේ, අයිස්මත, හා මුහුදු පතුලේ දත්ත එකතුකල හැකි විවිධ උපකරණ රාශියකින්ද සමන්විත නිසා මෙම පර්යේෂණ චාරිකාව ගැන කාළගුණ විපර්යාස පිලිබඳව පර්යේෂණ පවත්වන බොහෝ විද්‍යාඥයින් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටියා.


එහෙත් දැන් කැනඩාවෙන් ලැබෙන වාර්තාවලට අනුව සැළසුම් කල ලෙස මෙම ගවේෂණය සඳහා පිටත්වීමට මෙම නෞකාවට මේ වසරේ හැකිවෙන්නේ නෑ. ඒ කාළගුණ විපර්යාස නිසා ආක්ටික් සාගරයේ අයිස් ඉතා වේගයෙන් මිදීයාම නිසා නෞකාවේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි විශාල අයිස් කඳු මුහුදේ පාවෙමින් තිබීමයි. ඒ අනුව එම ප්‍රදේශයෙන් ගමන්කිරීම ඉතා අණතුරුදායක බැවින් මේ වසරේ එම ගවේශණය සඳහා පිටත් වීමට අවස්ථාවක් නැති බවයි පැවසෙන්නේ.




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments