ARTIFICIAL INTELLIGENCE : භ්‍රෂ්ඨවුනු (Rouge) කෘත්‍රිම බුද්ධි යන්ත්‍රයක් අක්‍රිය කරන්න පුලුවන්ද?





















කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ දියුණුව හිතාගත නොහැකිතරමින් වේගවත් වෙලා. මෙවැනි යන්ත්‍ර මගින් නුදුරු අනාගතයේදීම විශාල තර්ජනයක් මානව වර්ගයාටම සිදුවිය හැකි බවට මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් වැනි විද්වතුන් අණතුරු අඟවා තිබෙනවා.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය කොතරම් දියුණුද යත් නොබෝදා ගූගල් ඩීප් මයින්ඩ් කෘත්‍රිම බුද්ධි යන්ත්‍රය ලෝකයේ අමාරුම ක්‍රීඩාව ලෙස සැලකෙන Chinese GO ක්‍රීඩාවේ ලෝක ශූරයා පරාජය කරනු ලැබුවා.

සමහර කටයුතු වලදී කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර මිනිස් ඥාණයට වඩා බොහෝ සෙයින් ඉදිරියට ගිහින්. ඒ වගේම කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර වලට, වෙනත් කෘත්‍රිම බුද්ධි යන්ත්‍රවලට ඉගැන්වීමේ හැකියාවත් දැන් ලබාගෙන. ඒ අනුව මිනිස් මැදිහත්වීමකින් තොරව පරණ යන්ත්‍ර අලුත් යන්ත්‍ර වලට තමන් දැනගත් දේ, ඉගෙන ගත්දේ උගන්වන්න පටන් අරන්. මෙහි කෙලවර කොහේවේදැයි සිතාගන්න අමාරුයි.

බලසම්පන්න කෘත්‍රිම බුද්ධි යන්ත්‍රයක් යම් ආකාරයකින් අසතුටුදායක ලෙස, හෝ තර්ජනාත්මක ලෙස නැතිනම් විනාශකාරී ලෙස හැසිරෙන්නට පටන්ගත් විට එවැනි යන්ත්‍රයක් නවත්වන්නේ කෙසේද?

සුපිරි බුද්ධියකින් යුතු යන්ත්‍රයක් අක්‍රිය කරන්නට යොදා ඇති උපක්‍රම සොයාගෙන ඒවා නිෂ්ක්‍රිය කරන්නට එයට හැකියාව තිබෙනවා. නිර්මාණශීලීව අලුත් අවස්ථාවන්ට මුහුණදීමට ඇති හැකියාව නිසා විවිධ ක්‍රම මගින් තමන්ව අක්‍රිය කල හැකි දෑ නිශ්ක්‍රිය කරන්නට පමණක් නොව තමන් අක්‍රිය කරන්නට එන මිනිස් තාක්ෂණවේදීන් මරා දමන්නටත් යන්ත්‍රයක් පෙළබෙන්නට පුලුවන්.

මෙවැනි අවස්ථාවක කෘත්‍රිම බුද්ධි යන්ත්‍රයක් සාර්ථකව ක්‍රියා විරහිත කරන්නේ කෙසේද යන්න දැනට කෘත්‍රිම බුද්ධි පර්යේෂකයින් අතර බරපතල ගැටලුවක් වී තිබෙනවා. ගූගල් ඩීප් මයින්ඩ් කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කල කණ්ඩායම මේ පර්යේෂණ වල පෙරමුණ ගෙන සිටිනවා.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments