කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ලොස් ඇන්ජලීස් පීඨයේ පර්යේෂකයෙකු වන මාටින් මොන්ටි, කොමා නිද්‍රාව ලෙස හැඳින්වෙන මොළයේ ක්‍රියාකාරිත්වය ඉතා අඩුවී යන නිද්‍රා තත්වයට පත්වූවන් ඇහැරවා ගන්නට අල්ට්‍රා සවුන්ඩ් ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන තිබෙනවා.
මොලයේ සිතුවිලි හා තොරතුරු සැකසුම්කරණය සිදුවන තැලමස් නම ප්‍රදේශය ඉලක්ක කරගෙන මෙම අල්ට්‍රා සවුන්ඩ් කිරණ ප්‍රතිකාරය සිදුකොට ඇති අතර එම ප්‍රතිකාරය ලැබූ රෝගියා අවදිවීම හා ඉන්පසු සාමාන්‍ය තත්වයට මොලයේ ක්‍රියාකාරිත්වය පැමිණීම ඉතා වේගවත්ව සිදුවූ බව වාර්තාවනවා.
සාමාන්‍යයෙන් මොලයට සිදුවන හානි නිසා කෝමා තත්වයට පත්වූ රෝගීන් ඉන් මිදීමට බොහෝ කාලයක් ගත වන අතර අවදිවූ පසුත් බොහෝ කාලයක් යනතෙක් මොලයේ ක්‍රියාකාරිත්වය සාමාන්‍ය මට්ටමට පත්වන්නේ නෑ.
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment