අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ENVIRONMENT / CONSERVATION / WILDLIFE : ලෝක සාගර දිනය අදයි!





















ලෝක සාගර දිනය අදට (08 වැනිදා) යෙදී තිබේ. සාගර අපගේ ග්‍රහලෝකයේ හදවත බඳු ය. මිනිසෙකුගේ හදවත ශරීරයේ සෑම කොටසකටම රුධිරය පොම්ප කරන්නාක් මෙන්, අපි ජීවත් කොතැනක් ජීවත් වූවද සාගර මඟින් පෘථිවිය පුරා වෙසෙන ජනතාව එකිනෙකාට සම්බන්ධ කරයි.

සාගර මඟින්: දේශගුණය පාලනය කරයි; වසරකට මිනිසුන් මිලියන ගණනක් පෝෂණය කරයි; ඔක්සිජන් නිෂ්පාදනය කරයි; අපට ඉතා වැදගත්වන ඖෂධ සපයයි; එපමණකින් නොනැවතී ඇදහිය නොහැකි ලෙස වනජීවීන් මට නිවස්නයක් ද සපයයි. අපේ ප්‍රජාවන් සහ අනාගත පරම්පරාවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කිරීමට නම් අපි සැලකිලිමත් ලෙස සාගර රැකබලා ගැනීම ට අත්‍යවශ්‍ය වේ.

සමුද්‍ර පරිසරයෙහි වැදගත්කම පිළිබඳව ලෝක ප්‍රජාවට දනුවත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ සිට සෑම වසරකම ජුනි 8 වැනිදා ජගත් සාගර දිනය සැමරීම සඳහා නම් කර තිබේ.

පෘතුවි තලයෙන් 70%ක් ම වැසී පවතින්නේ සාගරයෙන්. නමුත් මේ පිලිබදව ලෝක වාසීන්ගේ අවධානය යොමු වුනේ 2009 ජුනි 08 වන දින "ලෝක සාගර දිනය" නිල වශයෙන්  ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

ඒ අනුව 1992 දී රියෝ ද ජැනයිරෝ නුවර පැවති මිහිතල සමුළුවේදී, 2009 දී "ජගත් සාගර දිනය" සැමරීමට කටයුතු සුදානම් කරනු ලැබීය.

මෙවර සාගර දිනයේ ලෝක තේමාව "OUR OCEANS, OUR FUTURE" යනුවෙන් නම් කර ඇත. ශ්‍රී ලංකාවේ ද මෙම තේමාව යටතේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ජගත් ජාතික සාගර දින සැමරීමේ ජාතික වැඩසටහන සංවිධානය කර ඇත.









ggggggggggggggg





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments