අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ගූගල් ඩූඩලයෙන් සැමරෙන කාර්ල් ලන්ඩ්ස්ටයිනර්ගේ 148වැනි උපන්දිනය...















1868 ජූනි 24 (එනම් අදවැනි දිනක ) ඔස්ට්‍රියාවේ වියෙනා නුවර ආසන්නයේ ගමක ඉපදුනු කාර්ල් ලන්ඩ්ස්ටයිනර් වෛද්‍ය විද්‍යාවට අනුපමේය සේවයක් ඉටුකල නැණපහණකි.

වෘත්තියෙන් වෛද්‍යවරයෙකු හා ජීවවිද්‍යාඥයෙකු වූ ලන්ඩ්ස්ටයිනර් 1900දී මුල්වරට මිනිස් රුධිරය විවිධ වර්ගයේ කාණ්ඩවලට බෙදිය හැකි බව සොයාගත්තේය. රුධිරයේ
ඇති ඇග්ලූටිනින් නම් පට්ටිකාව හඳුනාගෙන එහි ක්‍රියාකාරිත්වය අවබෝධ කරගත් ලන්ඩ්ස්ටයිනර් ඒ අනුව නූතන රුධිර වර්ගීකරණ මාළාව නිර්මාණය කලේය.

1909දී කොන්ස්ටන්ටයින් ලෙවාඩිටි හා අර්වින් පොපර් යන පර්යේෂකයින් දෙදෙනා හා එක්ව පෝලියෝ වෛරසය හඳුනාගත්තේද කාර්ල් ලන්ඩ්ස්ටයිනර් විසිනි.

රුධිරය පිලිබඳව තවදුරටත් පර්යේෂණ සිදුකල ලන්ඩ්ස්ටයිනර්, 1937දී ඇලෙක්සැන්ඩර් එස්. වයිනර් සමග එක්ව රුධිරයේ රීසස් සාධකය (Rhesus factor) හඳුනාගත් අතර ඒ අනුව රුධිරය අවශ්‍ය රෝගියෙකුට අවදානමකින් තොරව රුධිරය පාරවිලයනය (Blood Transfusion) කලහැකි වෛද්‍ය තාක්ශණය බිහිවිය. මේ මහා ප්‍රාඥයා වෛද්‍යවිද්‍යාවට කල සේවය නිමිත්තෙන් 1930දී ඔහුට නොබෙල් ත්‍යාගය ප්‍රධානය කරන ලදී.


__________________________________________________________________________

Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments