අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

BREXIT REFERENDUM - එක්සත් රාජධානිය යුරෝපා හවුලෙන් ඉවත්විය යුතු බවට ජනතාව තීරණය කරයි!!!
































දැනට චන්දවලින් 92% ගණන්කොට අවසන්ව ඇති අතර, ලැබී ඇති ප්‍රථිපලයට අනුව 52% ප්‍රතිශතයක් චන්දය දී ඇත්තේ බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්විය යුතු බවය.

ප්‍රථිපලය වාර්තාවීමත් සමගම බ්‍රිතාන්‍ය පවුම වසර 31ක ඉතහාසයේ දරුණුම කඩාවැටීමට ලක්වී ඇති අතර ලන්ඩන් කොටස් වෙළඳපොලෙහි කොටස් මිළගණන්ද වේගයෙන් පහල වැටෙමින් තිබෙන බව ලන්ඩන් නුවරින් ලැබෙන වාර්තාවල දැක්වේ...

චන්ද ප්‍රතිපල සිතියම - නිල් පැහැයෙන් බ්‍රෙක්සිට් වලට සහය දැක්වූ පලාත් හා කහ පැහැයෙන් එක්සත් රාජධානිය යුරෝපා හවුලේ සිටිය යුතු බවට තීරණය කල පලාත් දැක්වේ.

මුලු ස්කොට්ලන්තයම බ්‍රෙක්ස්ට් වලට විරුද්ධව, එක්සත් රාජධානිය යුරෝපා හවුලේ සිටිය යුතු බවට චන්දය දුන්නද, ජනගහනය අඩු බැවින් සමස්ථ ප්‍රතිපලයට එය එතරම් බලපෑමක් සිදුකොට නැත.









__________________________________________________________________________


Creative Commons License 

VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR

CONTACT    : terence.arachchi@gmail.com . 

GOOGLE +   : About Me  . 

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments