අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ඇඳුම් අයන් කරලා නමලා දෙන රොබෝ මැෂිම

 

 ඇඳුම් මැදලා නමන එක මහා වදයක් ලෙස සළකන අයට ඔන්න දැන් කැලිෆෝනියාවේ අලුත් සමාගමකින් (start-up) උදව්වට අලුත් ගැජට් එකක් හදලා. ෆෝල්ඩිමේට් කියලා හඳුන්වන මේ අලුත් ගැජට් එක ඕනෑම ඇඳුමක් ලස්සනට වාෂ්ප වලින් (steam iron) අයන් කරලා, පිලිවෙලට නමලා දෙන්නේ විනාඩියකටත් අඩු කාළයකින්. යන්ත්‍රයේ ඉස්සරහ තියෙන ක්ලිප් වල ඇඳුමක් එල්ල්ලා, ඒක මොන විධියේ ඇඳුමක්ද - ෂර්ට් එකක්, ගවුමක්, සාරියක් - කියන එක යන්ත්‍රයේ ටච්-ස්ක්‍රීන් තිරයෙන් ඇතුලු කලාම විනාඩියකට අඩු කාලයකදී හොඳට මැදාලා, ලස්සනට අයන් වුනු ඇඳුම එහි ඉදිරියෙන් ඇති ට්‍රේ එකට එනවා.



__________________________________________________________________________

Creative Commons License  

VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com . 

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments