අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

නුදුරු අනාගතේදීම බටහිර තරුණ තරුණියන් ලිංගික සබඳතා පැවැත්වීමට රොබෝවරුන් තෝරාගනු ඇත!



බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ රොබෝ තාක්ශණය පිලිබඳ මහාචාර්යවරයෙකු අනාවැකි පලකරන ආකාරයට තව වසර 10ක් ඉක්මවීමට පෙර මානවරූපී (මිනිසෙකු මෙන් පෙනෙන හා හැසිරෙන ) රොබෝ තාක්ශණය ඉමහත් දියුණුවට පත්වන අතර මෙම රොබෝවන්ට පැවරෙන එක් කර්තව්‍යයක් වනු ඇත්තේ තරුණ තරුණියන් ලිංගික තෘප්තියට පත්කිරීමයි. 

තරුණ තරුණියන්, සමවයස් යහලු යෙහෙලියන්ට වඩා රොබෝ ආදරවන්තයින් ප්‍රිය කරනු ඇතැයි ඔහු පවසනවා. ආරක්ශාකාරී ලෙස ලිංගිකව එක්වීමට හැකිවීම හා ඉතා කීකරු ආදරවන්තයින් වීම මෙම රොබෝවන්ට වැඩි කැමැත්තක් දැක්වීමට හේතු ලෙස ඔහු දක්වන්වා. එමෙන්ම මිනිස් ආදරවන්තයෙකු හා සබඳකම් පවත්වනවිට ඇතිවන කරදරකාරී වෙනත් බැඳීම් (විවාහවීමට සිදුවීම, පෙම්වතා/පෙම්වතිය සමග කල්ගතකිරීමට සිදුවීම ) මෙන්ම වෙන්වනට සිදුවනවිට ඇතිවන ගැටලු, අඬදබර යනාදී කිසිදු ගැටළුවකින් තොරව රොබෝ ආදරවන්තයෙකු/ආදරවන්තියක් හරහා සිය අවශ්‍යතා ඉටුකරගැනීමට හැකිවීම රොබෝවන් හා ලිංගිකව එක්වීමේ වාසි ලෙස නුදුරු අනාගත පරපුර සිතනු ඇතැය් මෙම මහාචාර්යවරයා අනුමාන කරනවා.

දැනටමත්, ස්මාර්ට්ෆෝන, ටැබ්ලට් පරිගණක හා සමාජජාල ඇබ්බැහිය මෑතකාලීනව ගොනුවන දික්කසාද නඩුවල දික්කසාදයට ප්‍රධාන හේතුවක් ලෙස දැක්වෙන අතර මෙය ඉදිරියටත් වර්ධනය වනු ඇති. ආදරයෙන් හෝ විවාහයෙන් හෙම්බත්වූවන් ආරකශාකාරීව සිය ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා රොබෝ ආදරවන්තයින් තොරාගැනීමට පෙළඹෙනු ඇති. එමෙන්ම අනාගතයේදී ලොව පැරණිම වෘත්තිය ලෙස සැළකෙණ ගණිකා වෘත්තියටද මෙම සෙක්ස් රොබෝවරුන් තර්ජනයක් වනු ඇති.



_________________________________________________________________________

Creative Commons License 

VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR

CONTACT    : terence.arachchi@gmail.com . 

GOOGLE +   : About Me  . 

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments