අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ලන්ඩනයෙන් හමුවූ වසර 2000ක් පැරණි රෝම පොරොන්දු නෝට්ටු


ලනඩනයේ ක්වීන් වික්ටෝරියා මාවතේ ඉදිකිරීමට යෝජිත බ්ලූම්බර්ග් වාණිජ සමාගමේ අලුත් යුරෝපීය මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පොලොව සකසද්දී බ්‍රිතාන්‍යය රෝම අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පවතිද්දී භාවිතාකල පොරොන්දු නෝට්ටු (promissory note) හා වෙනත් වාණිජමය සටහන් තැබූ ලී පුවරු (wooden tablet) 405ක් සොයාගනු ලැබුවා.

මෙම හෙක්ටාර 1.2ක වපරිසයකින් යුතු මේ ස්ථානය 1වැනි සියවසේදී බ්‍රිතාන්‍යය රෝම අධිරාජ්‍යයේ කොටසක් වූ කාලයේ ලන්ඩන් නුවර කාර්යබහුල වීථියක්ව තිබී ඇති බව හමුවූ කෞතුක භාණ්ඩ විශාල ප්‍රමාණයකින් තහවුරු වෙනවා. වාණිජ ලියැවිලිවලට අමතරව ආභරණ, සම් සපත්තු, පෞද්ගලික සටහන් ලියූ ලී පත් ඉරු, වාණිජ ණය පිලිබඳ සටහන්, විකුණූ භාණ්ඩ වලට නිකුත්කල බිල්පත් හා නීතිමය ලේඛණ හමුවී තිබෙනවා. පැරණි ලතින් භාශාවෙන් ලියැවුණු මේ ලේඛන අතර ලන්ඩනයේ පැරණිම වැසියන්ගේ නම් හා ලිපිනයන්ද ඇතුලත්වනවා. ඒ අනුව මේ කෞතුක භාණ්ඩ මාහානර්ඝ කෞතක වටිනාකමකින් යුතු වස්තු සම්භාරයක් බව බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයින් පවසනවා.
ලන්ඩනයෙන් හමුවූ ලී පත් ඉරුවක් පරීක්ශාකරණ ලන්ඩන් පුරාවිද්‍යා කෞතුකාගාරයේ පර්යේශක රොජර් ටොම්ලින්
ඩිජිටල් ස්කෑනින් තාක්ශණයෙන් ඉහත ලී පත්ඉරුව පරීක්ශාවේදී එය ලිටුජීනස් හා මැගුනස් යන ලන්ඩන් වැසියන් දෙදෙනා අතර ඇතිවූ නීතිමය ආරවුලක් විභාග කිරීම සඳහා විනිශ්චයකරුවෙකු අනුයුක්ත කලබවට නිවේදනය වන උසාවි සටහනක් බව තහවුරු කරගෙන තිබේ. මෙය ක්‍රි.ව 78 නොවැම්බර් 9 වැනිදා නිකුත් කොට ඇත.

රෝම අධිරාජ්‍යය කාළයේ "ඇනැල්ස්" හා "හිස්ටොරීස්" යන ඉතිහාස ග්‍රන්ථ දෙකක් ලියූ කොර්නේලියල් ටැසිටස් ඉතිහාසඥයා සිය ග්‍රන්ථවල එකල ලන්ඩනියම් ලෙස හැඳින්වූ ලන්ඩන් නගරය සමුර්ධිමත් වාණිජ නගරයක් බවට සටහන් තබා ඇත. නූතන ඉතහාසඥයින් පවසන්නේ  මෙලෙස වාණිජමය, නීතිමය හා වෙනත් වෙළඳාමට සම්බන්ධ රෝම සටහන් විශාල ප්‍රමාණයක් හමුවීම මගින් කොර්නේලියස් ටැසිටස් මීට වසර 2000කට පෙර ලන්ඩනයේ වාණිජමය වැදගත්කල පිලිබඳ කරන විස්තර නිවැරදි බව තහවුරු වන බවයි.


__________________________________________________________________________ .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments