අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ඉවතලන ප්ලාස්ටික් වලින් පිරිසිදු ද්‍රව ඉන්ධන



වසර දහස් ගණනක් ගියත් දිරාපත් නොවෙන පොලිතීන් හා ප්ලාස්ටික් මුලු ලෝකයටම හිසරදයක් වෙලා. පරණ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණය කරලා අලුත් ප්ලාස්ටික් හදන තාක්ශණයන් තිබුණත් තවමත් ඒවා ප්‍රචලිත වෙලා නෑ. ඒ අතර මුලු ලෝකයම ඉවතලන ප්ලාස්ටික් වලින් වැසෙමින් පවතිනවා. වසරකට ටොන් මිලියන 100ක් පමණ ප්ලාස්ටික් වර්ග නිශ්පාදනය වන අතර මේ වායේන් වැඩි කොටසක් ඇසිරුම් ලෙස හා කල්පැවැත්මෙන් අඩු භාණ්ඩ නිශ්පාදනය වන නිසා ඉක්මණින්ම නැවත අපද්‍රව්‍ය ලෙස විසි කරනවා.

දැන් මේ ඉවතලන ප්ලාස්ටික් වලින් පිරිසිදු ද්‍රව ඉන්ධනයක් හදන ක්‍රමයක් අමෙරිකානු-චීන ඒකාබ්ද්ධ ව්‍යාපෘතියක විද්‍යාඥයින්ට හැකිවෙලා තියෙනවා. ඒ අනුව, බොහෝ ප්ලාස්ටික් වර්ග අඩු පිරිවැයකින්, පරසර දූෂණය අඩු ද්‍රව හයිඩ්‍රෝකාබන් ඉන්ධනයක් බවට පත්කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා අනාගතයේදී ප්ලාස්ටික් ඉවතලන්නේ නැතුව ද්‍රව ඉන්ධන නිපදවන කර්මාණ්තශාලාවලට විකිණීමේ අවසථාව උදාවෙනු ඇතැයි සිතන්නට පුලුවන්.

__________________________________________________________________________

Creative Commons License

VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com . 

GOOGLE +   : About Me  . 

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments