අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

අයින්ස්ටයින් නිවැරදි බව යලිත් තහවුරුවෙ! දෙවනවරටත් LIGO සංවේදකය ගුරුත්ව තරංග හසුකර ගනී.





මීට වසර බිලියන 1.4කට පෙර, එකිනෙකාවෙත ආකර්ෂණය වෙමින් පැවති කළු කුහර දෙකක් එකිනෙක ගැටීමෙන් නිකුත්වුනු ගුරුත්ව තරංග, Laser Interferometer Gravitational-Wave Observatory (LIGO)  සංවේදක මගින් හඳුනාගෙන තිබෙනවා.

පසුගිය දෙසම්බර් මස 25වැනිදා සිදුවූ මේ ගුරුත්ව තරංග පිලිබඳ අලුත්ම සාක්ශිය, මීට පෙර සිදුවූ ගුරුත්ව තරංග හඳුනාගැනීමේ ක්‍රියාවලිය සාර්ථක බව තහවුරු කලා. වසර බිලියන 1.4කට පෙර අපගේ සූර්යය මෙන් 14.2 ගුණයක් වූ කළු කුහරයක් සූර්යයා මෙන් 7.5 ගුණයක් විශාල තවත් කළු කුහරයක ගැටුනු අතර  මෙම ගුරුත්ව තරංග නිකුත්වුනේ මේ ඝට්ටනයේ ප්‍රතිපලයක් ලෙසයි.









__________________________________________________________________________


Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR

CONTACT    : terence.arachchi@gmail.com . 

GOOGLE +   : About Me  . 

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments