අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

BIO-METRIC TECHNOLOGY : ෆින්ගර් ප්‍රින්ට් සෙන්සරයක් සහිත ක්‍රෙඩිට්කාඩ්පතක් මාස්ටර් කාඩ් වෙතින්


සයිබර් වංචා හා ක්‍රෙඩිට් කාඩ් වංචා බහුල වෙමින් යන මේ යුගයේ ඔබගේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් පතේ ආරක්ෂාව හා එය ඔබට පමණක් භාවිතාකල හැකි බවට වගබලා ගැනීම භාරදූර කාර්යයක්. ක්‍රෙඩිට් කාඩ් පතක් නැතිවූවිට එය ලබාගන්නා තැනැත්තාට අපහසුවකින් තොරව එය භාවිතාකල හැකියි. මෙයට එක් විසඳුමක් වූයේ කාඩ්පතෙහි ගණුදෙණුව සම්පූර්ණවීමට රහස් අංකයක් (PIN Code) ඇතුලු කිරීමයි. මෙයද කරදරකාරී වන අතර ඔබගේ PIN අංකය ඔබ ගණුදෙනු කරන ස්ථානයේ සිටින වංචාකාරී සේවකයෙකුට ලබාගැනීමද එතරම් අපහසු නෑ. PIN අංකය අමතකවීමද බොහෝ දෙනෙක් මුහුණපාන ප්‍රායෝගික ගැටලුවක්.

මේ කරදරයෙන් ඔබ මුදවා ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පතේ ආරක්ෂාව හා ගණුදෙනුවල සුරක්ෂිත භාවය සුරැකීමට ලොව ප්‍රමුඛ ක්‍රෙඩිට් කාඩ්පත් සමාගමක් වන මාස්ටර්-කාඩ් සමාගම උපක්‍රමයක් නිර්මාණය කරලා. ඒ තමයි ඔබගේ ඇඟිලි සළකුණ තබා, කාඩ්පතේ ගණුදෙනුව කරන්නේ එහි අයිතිකරු වන ඔබම යැයි තහවුරු කිරීමට හැකි සෙන්සරයක් ක්‍රෙඩිට්කාඩ් පතට එකතු කිරීම.

ඝණකමින් සාමාන්‍ය කාඩ්පතක් තරම් වන මෙම ඇඟිලි සළකුණු සෙන්සරය ඇති ක්‍රෙඩිට් කාඩ් පතෙහි ඇති කුඩා මයික්‍රෝචිපයට (මෙවැනි මයික්‍රෝචිප් අද බොහෝ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්වල තිබෙනවා) ඔබ කාඩ්පත ලබාගන්නා විට ඔබගේ ඇඟිලි සළකුණු ඇතුලු කරනවා. ඔබ ගණුදෙනුවක් සඳහා කාඩ්පත කාඩ් රීඩර් මැෂිමට ඇතුලුකල විට එය ඔබගේ ඇඟිලි සළකුණ ඉල්ලා සිටින අතර ඔබ ඇඟිලි සළකුණ තැබූපසු එය කාඩ්පතෙහි චිපයේ ඇති සාම්පල ඇඟිලි සළකුණ හා සැසඳුන හොත් පමණයි ගණුදෙනුවට අවසර ලැබී ඔබගේ කාඩ්පතට එම ගණුදෙනුව බැරවන්නේ.


මේ අනුව ඔබගේ වොලට්ටුව හෝ හෑන්ඩ් බෑගය සොරාගන්නා අයෙකුට ඔබගේ කාඩ්පතෙන් ගණුදෙනු කරගැනීමට නොහැකි වනවා පමණක් නොව ඇඟිලි සළකුණු නොගැලපෙන අයෙකු ගණුදෙනු කරන්නට උත්සහ කරන විට වෙළඳසැලේ ආරක්ෂක සේවය දැනුවත් කරන්නටද මුදල් අයකැමිට හැකිවනවා.

මෙම කාඩ්පතෙහි අත්හදා බැලීම් දකුණු අප්‍රිකාවේ සිදුකොට ඇති අතර ඒවා සාර්ථකවීම නිසා නිළවශයෙන් දකුණු අප්‍රිකාවේ මෙම බයෝ-මෙට්‍රික් කාඩ්පත් හඳුන්වාදීම සිදුවන අතර ඉතා ඉක්මණින් යුරෝපය,ආසියාව හා ඇමරිකානු වෙළඳපොලවල් වලටද මෙම කාඩ්පත හඳුන්වාදෙනු ඇති.


Sources:
https://www.engadget.com/2017/04/20/mastercard-biometric-fingerprint-card/?sr_source=Twitter
http://www.telegraph.co.uk/technology/2017/04/20/mastercard-creates-credit-card-fingerprint-scanner/



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments