අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

SPACE FLIGHT : @AstroPeggy ගේ දින 534ක අභ්‍යවකාශ වාර්තාව


ආචාර්ය පෙගී විට්සන් 57 හැවිරිදී ජිවරසායණ (biochemistry researcher) විද්‍යාඥවරියකි. මේ වනවිට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) පර්යේෂණ කටයුතුවල නිරතවන ඇය අභ්‍යවකාශයේ ගතකොට ඇති මුලු දිනගණන (අභ්‍යවකාශ ගමන් කිහිපයකින්) දින 534කි.

ඇයගේ ප්‍රථම අභ්‍යකාශ චාරිකාව 2002දී සිදුවූ අතර එය ISS මධ්‍ය්ස්ථානයේ පර්යේෂණ කටයුතු කිරීමේ චාරිකාවකි. ඇයගේ දෙවන චාරිකාව 2007දී සිදුවුනු අතර, එම චාරිකාවේදී පෙගී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රථම කාන්තා අණදෙන නිළධාරිණිය ලෙස කටයුතු කලාය.

2017 වනවිට පෙගී විට්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත අළුත්වැඩියා හා නඩත්තු කටයුතු සඳහා 8 වතාවක් සහභාගී වී ඇති අතර ඇය අභ්‍යවකාශ යානයකින් එලියට පැමිණ, පිටත ක්‍රියාකාරකම් (EVA - Extra Vehicular Activities) සිදුකල වයස් ගතම අභ්‍යවකාශගාමිනිය වනවා පමණක් නොව වැඩිම වාර ගණනක් EVA සිදුකල කාන්තාවද වනවා.

@AstroPeggy වෙත ට්විටර් පණිවුඩයක් යොමු කිරීමෙන් ඔබටද මේ මොහොතේත් අභ්‍යවකාශයේ සිටින පෙගී විට්සන් අභ්‍යවකාශගාමිනියට සුබ පැතිය හැකියි.





__________________________________________________________________________



Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments