අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

MARCH FOR SCIENCE : ලොව නගර 600ක පැවැත්වුනු මහා පාද යාත්‍රාව


විද්‍යා පර්යේෂ සඳහා බරපැන දැරීම, විද්‍යා අධ්‍යාපනය නැංවීම, ගෝලීය උණුසුම්කරණය හා දේශගුණ විපර්යාස හැදෑරීම සඳහා වැඩි බරක් තැබීම ආදී ලොවටම වැදගත් කරුණු රාශියක් පිලිබඳව අවබෝධය වැඩි කිරීම, රජයන් පීඩනයට පත්කිරීමට මෙන්ම මෙම කරුණු පිලිබඳව ජනමාධ්‍යවල අවධානය දිනාගැනීම සඳහා "මිහිකත දිනය" සැමරී ඊයේ, ඊට සමගාමීව ලොව පුරා නගර 600ක විද්‍යාව වෙනුවෙන් මහා පාද යාත්‍රා පැවැත්වුනා.

මෙම පාදයාත්‍රා සඳහා දහස් ගණනක් විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල සිසුසිසුවියන් සහභාගීවූ බව වාර්තා වෙනවා.

විද්‍යා පරියේෂණවලට, විද්‍යා අධ්‍යාපනයට හා ගෝලීය දේශගුණ විපර්යාස අධ්‍යයනයට වැඩි වැඩියෙන් ප්‍රතිපාදන හා පහසුකම් වෙන්කිරීම හා විද්‍යා පර්යේෂණ ප්‍රථිපල රජයන්ගේ ප්‍රතිපාදන සම්පාදනයන් සඳහා පාදක කරගන්නා ලෙසත් ඔවුන් දේශපාලකයින්ට හා ප්‍රතිපත්ති සම්පාදකයින්ට බලකර සිටියා.

ඇමරිකාවේ පැවැත්වූ විද්‍යා පාදයාත්‍රාවල විශේෂ ලක්ෂණයක් වූයේ ජනාධිපති ට්‍රම්ප්ගේ ගෝලිය කාළගුණ විපර්යාසවල බලපෑම අඩුතක්සේරු කිරීම හා එම පර්යේෂණ මෙන්ම වෙනත් විද්‍යා වැඩසටහන් හා පර්යේෂණ සඳහා ප්‍රතිපාදන අඩු කිරීමේ සැළසුම් වලට විරෝධය පෑමයි.

ට්‍රම්ප්ගේ ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රතිපාදන ඩොලර් බිලියන 6කින් කපාදැමීමේ සැළසුම, ඇමරිකානු පරිසර සංරක්ෂණ ඒජන්සිය කප්පදු කිරීම, ගෝලීය උණුසුම්කරණය මිත්‍යාවක් බවට වන ආකල්පය මෙන්ම නාසා වැනි අමෙරිකානු විද්‍යා හා තාක්ෂණ බලමහිමයේ උල්පත්වලට ප්‍රතිපාදන කප්පාදුකිරීම ඇමරිකාවේ වොෂිංටනයේ පැවති පාදයත්‍රාවට සහභාගීවූ විද්‍යාඥයින්ගේ දැඩි විවේචනයට බඳුන්වුනා.


















__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments