අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

BREAKING NEWS : රුසියානු බෝම්බ හෙලන යානා සමග ඇලස්කාවේදී ඇමරිකන් F22 ස්ටෙල්ත් යානා පැටලෙයි.

Tupolev Tu-95 "Bear" Long-range Strategic Bomber | Russian Air force 

ඇලස්කාවේ ඇන්කරේජ් දෙසට පියාසර කරමින් සිටි ටූපොලෙෆ් Tu-95 (නේටෝ හඳුනාගැනීමේ කේතය "Bear") දැවැන්ත බෝම්බ හෙලන යානා සමූහයකට අණතුරු ඇඟවීම සඳහා ඇලස්කාවේ එල්මෙන්ඩෝර්ෆ් ගුවන් කඳවුරෙන් F22 ස්ටෙල්ත් ප්‍රහාරක යානා යවා තිබෙනවා.

ඇමරිකාවේ කොටසක් වන ඇලස්කාවට නුදුරු ජාත්‍යන්තර මුහුදු සීමාවේ පියාසර කරමින් සිටි යෝධ රුසියානු යානා ඇලස්කා මුහුදුසීමාටව ඇතුලුවීම වැලැක්වීමට F22 යානා පිටත්කල බව ඇමරිකානු ගුවන් හමුදාව හා රුසියානු ටාස් ප්‍රවෘත්ති සේවය තහවුරු කලා

විනාඩි 27 තිස්සේ රුසියානු යානා හා සමාන්තරව පියාසර කල ඇමරිකන් යානා, රුසියානු යානා ඇලස්කාවෙන් ඈතට යත්ම ආපසු හැරී ගිය බව පැවසෙනවා. රුසියානු ටූපලෙෆ් යානා ඈත-පෙරදිග-අමූර් පලාතේ (Far Eastern Amur Region) පිහිටි යූක්‍රේන්කා ගුවන්හමුදා කඳවුරෙන් පිටත්ව කිලෝමීටර් 5000ක පුහුණු පියාසැරියක නිරතවී සිටි බව ටාස් ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.

ඇලස්කාවේ එල්මෙන්ඩෝර්ෆ් ගුවන්කඳවුරේ ධාවන පථයේ දිවයන F22 රැප්ටර් ස්ටෙල්ත් ප්‍රහාරක යානයක්.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments