MARITIME DEFENCE : HMS Audacious, ටොන් 7000ක් බර, පවුම් බිලියනයක් වටින බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ දිය යට සාහසිකයා


රාජකීය බ්‍රිතාන්‍ය නාවික හමුදාව සිය නවීකරණ ව්‍යාපෘත්‍රිය යටතේ ඇනවුම් කරන ලද ඇස්ටූට් මාදිලියේ අති නවීන ප්‍රහාරක සම්බැරීන 7න් සතර වැනි සබ්මැරීනය මුල් වරට දියත් කිරීමේ උත්සවය හෙට (28 සෙනසුරාදා) යෙදී තිබෙනවා. න්‍යෂ්ඨික  බළයෙන් ක්‍රියාත්මක වන මෙම සබ්මැරීනයක ආයු කාළය වසර 25ක් වන අතර මෙම වසර 25ටම ඉන්ධන පිරවීමක් සිදුවන්නේ නෑ. සබ්මැරීනය ගොඩනගන අවස්තාවේ ඇතුලු කරන න්‍යෂ්ඨික ඉන්ධන, එහි ආයුකාළය වන වසර 25ටම සෑහෙනවා.

HMS Audacious හෙවත් නිර්භය සාහසිකයා ලෙස නම් කොට ඇති නම් ලබාදී ඇති මෙය හෙටින් පසු වසරක පරීක්ෂණ කාළසීමාවකින් පසු 2018දී සක්‍රිය සේවයට පිවිසෙනු ඇත. බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ යාත්‍රා වල නමට කලින් HMS යනුවෙන් යොදන්නේ Her Majesty's Ship හෙවත් මහා රාජිණියගේ යාත්‍රාව  යන තේරුමෙනි.

මෙම සබ්මැරීනය අයත් ඇස්ටූට් මාදිලියේ සබ්මැරීන නිළධාරීන් 98 දෙනෙකු රැගෙන මාස තුනක කාලයක් සාගරය යටටවී සැඟවී සිටිය හැකි ලෙස නිර්මාණය කොට තිබෙනවා. අතිනවීන සංවේදක හා ප්‍රහාරක අවි මෙන්ම, සබ්මැරීන දඩයම් කරන (anti submarine ships) සතුරු නෞකාවලින් සැඟව නිහඬව කල්බැලීමේ විශිෂ්ඨ හැකියාවක් මෙම යාත්‍රාවට තිබෙනවා.

මෙම සබ්මැරීනය අයත් ඇස්ටූට් මාදිලියේ තවත් සබ්මැරීන තුනක් රාජකීය නාවික හමුදාවේ මේවන විට සේවයේ නියුතු අතර තවත් සතරක් නිෂ්පාදනය වෙමින් පවතිනවා. මේ එම සබ්මැරීන යාත්‍රා 7යි.

1 HMS Astute (තීක්ෂණ නුවනක් ඇත්තා) - 2010 සිට සක්‍රිය සේවයේ යෙදී සිටී

2 HMS Ambush (රැක සිට පහර දෙන්නා) - 2013 සිට සක්‍රිය සේවයේ යෙදී සිටී

3 HMS Artful (කපටි කෛරාටිකයා) - 2016 සිට සක්‍රිය සේවයේ යෙදී සිටී

4 HMS Audacious (නිර්භය සාහසිකයා) - 2018 සක්‍රිය සේවයට යොමුවනු ඇත

5 HMS Anson (කීර්තිමත් බ්‍රිතාන්‍ය නාවික හමුදා අද්මිරාල් ජෝර්ජ් ඇන්සන් සිහිවීමට) - 2020 සක්‍රිය සේවයට යොමුවනු ඇත

6 HMS Agamemnon (හෝමර්ගේ ඉලියඩ් වීර කාව්‍යයේ එන ග්‍රීක රණශූර ඇගමෙම්නන් වෙනුවෙන්) - 2022 සක්‍රිය සේවයට යොමුවනු ඇත

7 HMS Ajax (හෝමර්ගේ ඉලියඩ් වීර කාව්‍යයේ එන ග්‍රීක රණශූර ඒජැක්ස් වෙනුවෙන්)  - 2024 සක්‍රිය සේවයට යොමුවනු ඇත



නම : HMS Audacious (නිර්භය සාහසිකයා)

මාදිලිය : Astute Class Attack Submarine

ජල විස්ථාපනය : ටොන් 7000යි

කිමිදිය හැකි ගැඹුර - මීටර් 300

බලය : රෝල්ස් රොයිස් න්‍යෂ්ඨික එන්ජිම

නිළධාරීන් : 98

ටෝර්පිඩෝ විදින : 530mm ටෝර්පිඩෝ විදින 6යි ("Spearfish"වර්ගයේ අධිබල ටෝර්පිඩෝ 38 රැගෙන යා හැකියි )

ගොඩබිම් ප්‍රහාරක අවි : ටොමහෝක් බ්ලොක් 4 කෲස් මිසයිල

දිය යට සිටිය හැකි දින ගණන : අසීමිතයි (මුහුදු ජලයෙන් පිරිසිදු වාතය හා පිරිසිදු ජලය අසීමිතව නිපදවීමට හැකියාව ඇත - එහෙත් ආහාර ගෙනයා හැක්කේ දින 90 පමණි )

ආරක්ෂා උපක්‍රම :  ඇතුලත ශබ්දය පිටවීම වලක්වන acoustic masking පිටත ආවරණය.

සෝනාර් පද්ධතිය : සක්‍රිය හා නිහඬ (active & passive) සෝනාර් පද්ධතිය

නිහඬ සෝනාර් පද්ධතියේ සංවේදීතාවය : කිලෝමීටර් 5500ක් ඈතින් යන නෞකාවක එන්ජිමේ ශබ්දය ඇසිය හැකි තරමට සංවේදී බව වාර්තාවේ.

නිෂ්පාදකයා : බ්‍රිතාන්‍යයේ BAE Systems සමාගම










__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments