අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ELECTRIC CAR TECHNOLOGY : චීනයේ NIO ඉලෙක්ට්‍රික් කාර් සමාගමේ අලුත්ම ඉලෙක්ට්‍රික් කාරය


චීනයේ අලුත් ඉලෙක්ට්‍රික් කාර් සමාගමක් වෙන නියෝ සමාගම, සිය අලුත්ම ඉලෙක්ට්‍රික් කාර් මාදිලිය ෂැංග්හයි මෝටර් රථ ප්‍රදර්ෂණයේදී එලිදැක්වූවා.

ES8 SUV ලෙස නම්කොට ඇති මෙය SUV (ලංකාවේ ජීප්) මාදිලියට අයත් එකක්. මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට සැළසුම් කොට ඇති මෙම රථ සමාගම චීනයේ අධිතාක්ෂණික සමාගම් වන Tencent Holdings හා Baidu Inc මෙන්ම ඇමරිකාවේ සිලිකන් නිම්නයේ අධිතාක්ෂණික සමාගම් වලද ආයෝජනයෙන් වෙළඳපොලට එනවා.

එමෙන්ම චීනයේ විශාල මෝටර් රථ නිෂ්පාදකයෙකු වනJAC Motors  සමාගම හා නිෂ්පාදන ගිවිසුමක් ඇතිකරගෙන ඇති නියෝ සමාගමට වසරකට ඉලෙක්ට්‍රික් කාර් 100,000 නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා.







__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments