අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

BIO TERROR WARNING BY BILL GATES : වසූරිය ජීව අවියක් ලෙස යොදාගෙන මිලියන ගණනක් මරාදැමිය හැකියි! - බිල් ගේට්ස් අණතුරු අඟවයි

අන්තර්ජාතික ආරක්ෂාව පිලිබඳව පර්යේෂණ සිදුකරන ලොව පැරණිම බුද්ධි මණ්ඩයක් වන Royal United Services Institute in London (RUSI) හි දේශණයක් සිදුකල මයික්‍රෝසොෆ්ට් නිර්මාතෲ හා ලොකයේ විශාලම සංවර්ධන හා පිළිසරණ පදනමක් වන Bill & Melinda Gates Foundation හි සමාරම්භක හා ප්‍රධාන දානපති වන බිල් ගේට්ස්, බයෝ ටෙරරිසම් හෙවත් ජීව-අවි ත්‍රස්තවාදය ඇති භයානක කම අවධාරණය කලා. 

ගේට්ස් පවසන අන්දමට ජාන ඉන්ජිනේරු තාක්ෂණයේ අතිශය දියුණුව හා එම උපක්‍රම ඉතා ලාභවීම නිසා වසූරිය (Small Pox) වැනි වෛරසයක් ජීව අවියක් ලෙස පරිවර්තනය කරගැනීමේ හැකියාව දැන් අන් කවදාටත් වඩා වැඩිවී තිබෙනවා.

ත්‍රස්තවාදීන් සිදුකරන වසූරිය වැනි ජීව අවි ප්‍රහාරයක්, න්‍යෂ්ඨික ප්‍රහාරයකට වඩා විශාල විනාශයක් සිදුකරන අතර ලෙහෙසියන්ම වසරක් තුල මිලියන 30ක් මරාදැමීමට හැකිවනවා. 

කුරුළු උණ, සූකර උණ, සීකා උණ ආදි වසංගත වලට වඩා නුදුරු අනාගතයේදී ජෛව ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ජෛව අවි ප්‍රහාරයක් සිදුකිරීම මගින් මහා ජනඝාතනයක් සිදුවීමේ සම්භාවිතාවය වැඩියි.

අද ජාන තාක්ෂණය බෙහෙවින් දියුණු වෙලා. ජාන වෙනස් කරන්නට, බැක්ටීරියාවලට, වෛරස වලට අලුත් ජාන එකතුකරලා ඒවා සහමුලින්ම වෙනස් කරන්නට අද ඉතාමත් පහසුවනවා පමණක් නොවෙයි, එවැනි ජාන වෙනස් කිරීම් කරන්නට අවශ්‍ය තාක්ෂණය හා උපකරණ ඉතා ලාභයි. අවශ්‍ය තාක්ෂණික දැනුම අන්තර්ජාලයෙන් පහසුවෙන් හොයා ගන්නට පුලුවන්.

මේ පහසුකම් නිසා ඉතා කුඩා ත්‍රස්තවාදී සංවිධානයකට වුනත් වසූරිය වගේ වේගයෙන් පැතිරෙන, මාරණ්තික වෛරසයක්, ජෛව අවියක් බවට පත්කරගන්න එක පහසුයි. වසූරිය ලොවෙන් තුරන්වෙලා තියෙන නිසා නූතන මිනිසුන් තුල වසූරිය වෛරසයට ස්වභාවික ප්‍රතිශක්තිය (natural immunity) ඇත්තේම නෑ. එම නිසා අති විශාල ජනඝාතනයක් සඳහා වසූරිය වෛරසය යොදා ගැනීම පහසුයි.

මෙවැනි ජෛව ප්‍රහාරයකින් වසරක් තුල මිලියන 30ක පමණ පිරිසක් මියයන්නට ඉඩ තිබෙනවා. 

1919 යුරෝපය හා ඇමරිකාව පුරා පැතිරුණු ස්පාඤ්ඤ උණ නම් H1N1 වෛරසයෙන් හටගන්නා ඉෆ්ලුවෙන්සා වසංගතය නිසා මිලියන 100ක් පමණ මිය ගියා. 1919ට වඩා ප්‍රවාහණය හා ගුවන් ගමන් දියුණු, මිලියන ගණනක් ජනයා දුම්-රිය හා ගුවන්යානා වල නැගී රට රටවල සංචාරය කරන නූතනයේ ස්පාඤ්ඤ උණ පැතිරුනා නම් මරණ සංඛ්‍යාව මිලියන 100න් නවතින්නේ නෑ.

ඒ විතරක් නෙමෙයි අද වෙනකොට, ගෙදරදීම ජාන වෙනස් කිරීමේ පරික්ෂණ කරන්න පුලුවන් පරීක්ෂණ කට්ටල පවුම් 100ක් (රුපියල් 19000) වගේ සුලු මුදලකට වෙළඳපොලේ තියෙනවා. 

CRISPR නමින් හඳුන්වන අලුත්ම ජාන වෙනස් කිරීමේ තාක්ෂණය ඉතා ලාභදායි මෙන්ම බොහෝ පහසුවෙන් ලබා ගන්නට පුලුවන් තාක්ෂණයක්. CRISPR තාක්ෂණයේදි ඉතා පහසුවෙන් සෛලයක/බැක්ටීරියාවක/වෛරසයක DNA දාම වලින් තෝරා ගත් කොටස් කපා ඉවත් කොට ඒ වෙනුවට වෙනත් DNA කොටස් ඇතුලු කල හැකියි. මේ තාක්ෂණය භාවිතයෙන්, අඩු පහසුකම් ඇති පාසැල් විද්‍යාගාරයක වුනත් ජාන වෙනස් කිරීමේ පරීක්ෂණ කරන්නට පුලුවන්. මේක ඉතා භයාණක තත්වයක්. 

උදාරණයක් විධියට දැනටමත් CRISPR තාක්ෂණය භාවිතයෙන් E-Coli වැනි බැක්ටීරියා ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධය ලබාදිය හැකි පරීක්ෂණ කල හැකි කට්ටල අන්තර්ජාලයේ විකිණීමට තිබෙනවා.




















__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments