- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
- Get link
- X
- Other Apps
3D XPoint මෙමරි තාක්ෂණය ලෙස නිළ වශයෙන් හැඳින්වෙන මෙම මෙමරි වර්ගය Non Volatile Memory වර්ගයට අයත්ය. එනම් විදුලිබලය විසන්ධිකල විටත් මතකයේ ගබඩා කොට ඇති දෑ මැකී නොයාමේ ගුණය ඇත. එනිසා 3DX Point මතකයක් අඩුමිල, අධිවේගී Solid State Disk Drive සෑදීම සඳහා බෙහෙවින් සුදුසුය.
Solid State Disk (SSD) Drive යනු අප දන්නා හඳුනන Magnetic Disk Drive මෙන් යාන්ත්‍රික ක්‍රියාකාරකම්, එනම් කැරකෙන මැග්නටික් තැටි, ඒ මේ අත දුවන මැග්නටික් කියවීම් හිස ආදිය නොමැති, කොටින්ම චලනය වන කොටස් කිසිවක් නැති ඔබගේ පෙන් ඩ්‍රයිව් එක වැනි, එහෙත් ඊට වඩා අධික වේගයෙන් ක්‍රියාත්මක වන ඩිස්ක් ඩ්‍රයිව් වර්ගයකි.
ඉන්ටෙල් සමාගම පවසන අන්දමට SSD ඩිස්ක් ඩ්‍රයිව් සෑදීම සඳහා 3D XPoint පොයින්ට් මෙමරි ඉතාම සුදුසු වන්නේ ඒය වේගවත් මෙන්ම මිලෙන් අඩු නිසාය.
3D X පොයින්ට් මෙමරි තාක්ෂණය සඳහා අඩිතාලම වැටුනේ ඉන්ටෙල් සමාගම හා මයික්‍රෝන් ඉලෙක්ට්‍රොණික්ස් සමාගම ඒකාබද්ධව කල පර්යේෂණ වල ප්‍රථිපල අනුවය. මෙම පර්යේෂණ ප්‍රතිපල 2015දී නිළ වශයෙන් ප්‍රකාෂයට පත්වුනු අතර දැන් මෙම 3D X Point මෙමරි වාණිජමය වශයෙන් වෙළඳපොලට ඉදිරිපත් වෙමින් ඇත. Optane යනු ඉන්ටෙල් සමාගම 3D X Point තාක්ෂණයට ලබාදී ඇති වෙළඳ සන්නාමයයි.
__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com . GOOGLE + : About Me . FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________
- Get link
- X
- Other Apps




Comments
Post a Comment