බත්කූරාගේ ගෑණු සතාට බත්කූරී කියලා කියනවාදැයි හරියටම දන්නේ නැත. ඒත් අලුත්ම විද්‍යා නිරීක්ෂණයකට අනුවනම් බත්කූරියන් ගෑණු ගැට වලට දක්ෂයි.
ස්විට්සර්ලන්තයේ සූරික් විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යාඥයෙක් වන රසීම් කෙලීෆා පර්යේෂණයක් සඳහා Aeshna juncea කියන බත්කූරන් විශේෂයේ හැසිරීම් රටා නිරීක්ෂණය කරමින් සිටියදී ඔහුට දකින්නට ලැබිලා තියෙනවා මෙම විශේෂයේ ගැහැණු සතුන්, පිරිමි සතුන්ගේ අනවශ්‍ය අවධානයෙන් ගැළවෙන්න ඕනෑ වුනාම පෙන්වන අපූරු හැසිරීමක්.
අකමැති පිරිමි බත්කූරෙක් පසුපසින් හඹා එනකොට මේ ගැහැණු බත්කූරන් එක්වරම පියාසර කරන එක නවත්වලා, පොලොවට වැටෙනවා රසීම්ගේ නිරීක්ෂණයට හසුවෙලා තියෙනවා. පොලවට වැටුන ඇය නිසොල්මන්ව බිම වැටී සිටින අතර ඇය අකමැති පිරිමි බත්කූරා ඉවත්ව ගිය පසු යලිත් සුපුරුදු ලෙස පියඹා යන්න මෙම ගැහැණු බත්කූරන් පුරුදුවෙලා තියෙනවා.
මෙමෙ හැසිරීමට හේතුව ලෙස කලීෆා කියන්නේ වෙනත් පිරිමි බත්කූරෙකු මගින් බිත්තර සංසේචනය කරගත් පසු බිත්තර දමන තෙක්, තවත් බත්කූරෙකු සමග එක්වීමට ඇති අකමැත්ත නිසා මෙම ගැහැණු බත්කූරන් මෙම හැසිරීම පෙන්වනවා කියලයි.
__________________________________________________________________________
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment