Related Posts Plugin for WordPress, Blogger...

Friday, 21 April 2017

INNOVATIONS : ප්‍රතිචක්‍රීයකරණයෙන් ලබාගත් අමුද්‍රව්‍ය වලින් පමණක් නිෂ්පාදන කටයුතුවලට යොදාගැනීමට ඇපල් සමාගම සැරසෙයි.


නොබොදා එලිදැක්වුනු ඇපල් සමාගමේ පරිසර අරක්ෂණ වාර්තාව, පරිසරය සුරැකීමට හා නිෂ්පාදන කටයුතු වලදී අවම පරිසර හානියක් සිදුවන ලෙස වගබලා ගැනීමට ඇපල් සමාගම ගෙන ඇති පියවර විස්තර කෙරුනා

එම වාර්තාවට අනුව පසුගිය වසරේ පමණක් ප්‍රතිචක්‍රීයකරණයෙන් ලබාගත අමුද්‍රව්‍ය නැවත භාවිතයෙන් ඇපල් සමාගම ඩොලර් මිලියන 40ක් ඉතුරු කරගෙන තිබෙනවා. ඇපල් සමාගමේ පරිසර ආරක්ෂණ හා සමාජ වගකීම් පිලිබඳ අධ්‍යක්ෂක ලීසා ජැක්සන් පවසන අන්දමට නුදුරු අනාගතයේදීම ඇපල් සමාගම තම සියලුම නිෂ්පාදන සඳහා ප්‍රතිචක්‍රීයකරණයෙන් ලබාගත් අමුද්‍රව්‍ය පමණක් භාවිතා කිරීමේ ඉලක්කයක් ඇති කරගෙන තිබෙනවා.

ලීසා ජැක්සන්ගේ වාර්තාවට අනුව ඇපල් සමාගමේ ලොව පුරාම ඇති ඇපල් නිෂ්පාදන හා වෙනත් මෙහෙයුම් කාර්යාල සඳහා ලබාගන්නා බළශක්තියෙන් 96%ක්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් ලබාගන්නා බළශක්තිය වනවා. ඉතා ඉක්මණින්ම ඇපල් සමාගම සිය කටයුතු සඳහා භාවිතාකරන බළශක්තියෙන් 100%ක්ම පුනර්ජනනීය ප්‍රභව වලින් ලබාගැනීම අරමුණ බවද ඇය පවසනවා.



ඇපල් සමාගම, Liam Robotics නම්  රොබෝ තාක්ෂණය ආධාරයෙන් ප්‍රතිචක්‍රියකරණ කටයුතු සිදුකරන සමාගම හා එක්ව මේ වනවිට පාරිභෝගිකයින් විසින් භාවිතාකොට ඉවතදමන ලද ඇපල් අයිෆෝන් මිලියන 2.4ක් ප්‍රතිචක්‍රීයකරණය කොට ඒවායේ ඇති වටිනා ලෝහවර්ග නැවත භාවිතය සඳහා ලබාගෙන තිබෙනවා. 

Liam Robotics සමාගමේ ප්‍රතිචක්‍රීයකරණ තාක්ෂණය ආධාරයෙන් ඉවතලන අයිෆෝන් 100,000කට ඇළුමීනියම් කිලෝග්‍රෑම් 1900ක්, රත්‍රන්, තඹ, සින්ක්, නිකල් ආදී වටිනා ලෝහවර්ග විශාල ප්‍රමාණයක්ද ආපසු නිෂ්පාදන කටයුතු සඳහා යොදාගත හැකි බව වාර්තාව පවසනවා.



ඇපල් සමාගමේ ඉලක්කය වන්නේ හැකිතාක් ඉක්මණින් සියලුම නිෂපාදන සඳහා අවශ්‍ය ලෝහමය අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයෙන් ලබාගෙන "closing the supply chain loop" හෙවත් පොලොවෙන් අලුත් අමුද්‍රව්‍ය උකහා නොගෙන පැරණි භාණ්ඩ ප්‍රතිචක්‍රීයකරණයෙන්ම පමණක් ඒවා ලබාගැනීමයි.



Sources:





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...