අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

උතුරු කොරියානු මිසයිලය පුපුරාගියේ CIA සයිබර් ප්‍රහාරයකින්ද?


ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ උතුරු කොරියාවේ නවතම මධ්‍යදුර බැලිස්ටික් මිසයිලයයි. උතුරු කොරියානු කොමියුනිස්ට් රාජ්‍යයේ නිර්මාතෲවරයා වූ කිම් ඉල් සන්ග් (නූතන උතුරු කොරියානු පාලකයාගේ සීයා) ගේ 105 වැනි ජන්මදිනය වෙනුවෙන් පැවති අතිවිශාල හමුදා පෙලපාලියේදී මෙම මිසයිලය ප්‍රථම වතාවට ලොවට එලිදැක්වුනා.

"Game Changer" missile හෙවත් බලතුලනය වෙනස් කල හැකි මිසයිලය ලෙස උතුරු කොරියානුවන් හඳුන්වන මෙම මිසයිලයේ හැකියාවන් කිසිවක් මෙතක් හෙලිවී නෑ.

පසුගිය සෙනසුරාදා හමුදා පෙලපාලියේදී ලොවට හෙලිකල මිසයිලයේ අත්හදා බැලීමේ පියාසැරියක් ඉරිදා (16) සැළසුම් කොට තිබූ අතර මෙම මිසයිල පියාසැරිය නැගෙනහිර වෙරලේ පිහිටා ඇති "සින්පෝ" සබ්මැරීන කඳවුරේදි සිදුවුනා (පහතින් ඇති සිතියම බලන්න). අමෙරිකානු හා දකුණු කොරියානු මාධ්‍ය වාර්තාකල ආකාරයට මිසයිලය ගුවන්ගතවී තත්පර 5කින් පුපුරා විනාශවී ගියා. 

මෙම මිසයිල පුපුරායාම පිලිබඳව බී.බී.සියට අදහස් දැක්වූ හිටපු බ්‍රිතාන්‍ය ආරක්ෂකලේකම් වරයෙකු වන සර් මැල්කම් රිෆ්කයින්ඩ්, මෙම මිසයිලය පුපුරායාමට හේතුව ඇමරිකානු ඔත්තුසේවයක් විසින් සිදුකල සයිබර් ප්‍රහාරයක් බව පවසා සිටියා.

ඕනෑම මොහොතක උතුරු කොරියාවට දරුණු ප්‍රහාරයක් එල්ලකිරීමට ඇමරිකාව සූදානමින්!


ඕනෑම මොහොතක උතුරු කොරියාවට දරුණු ප්‍රහාරයක් එල්ලකිරීමට ඇමරිකාව "USS Carl Vinson" ගුවන්යානා ගෙනයන නෞකාව හා ලොස් ඇන්ජලීස් කාණ්ඩයේ න්‍යෂ්ඨික සබ්මැරීනයක් ඇතුලු Carrier Strike Group 1 ප්‍රහාරක බල ඇණිය උතුරු කොරියානු මුහුදුසීමාවට පිටත්කොට යවා තිබෙනවා. ස්ට්‍රයික් ගෲප් වන් ප්‍රහාරක බල ඇණියට F/A 18 Super Hornet ප්‍රහාරක ගුවන්යානා ඇතුලු ගුවන් යානා 90ක් හා සියගණනක් මිසයිල ගෙන යන guided missile destroyer ප්‍රහාරක නෞකාද ඇතුලත්.







__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments