NOT SO SERIOUS SCIENCE : කිරිබොන සත්තු ඔක්කොම නොම්බර 2 කරන්නේ තත්පර 12ට අඩුකාලෙකින්ලු

කිරිබොන සත්තු ඔක්කොම නොම්බර 2 කරන්නේ තත්පර 12ට අඩුකාලෙකින්ලු


කිරිබොන සත්තුන්ගේ නොම්බර 2 මොකක්ද කියලා පැහැදිලි ඇති දැන් :D 

ඇමරිකාවේ Georgia Institute of Technology විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සිදුකරන ලද අධ්‍යයනයකදී බොහෝ ක්ෂීරපායින් සිය ශරීරකෘත්‍යය සිදුකිරීමට තත්පර 12ක් හෝ ඊට අඩු කාළයක් ගන්නවා. බළලුන් සිට අලි ඇතුන් දක්වා විවිධ ප්‍රමාණයේ සතුන්ගේ මෙම චර්යාව වීඩියෝ පටිගත කිරීම වලින් අධ්‍යයනය සිදුකරන ලද අතර කොතරම් විශාල හෝ කුඩා වුවත් මෙම කෘත්‍යය සිදුකිරීමට ගතවන කාලයේ ඇත්තේ තත්පර 5ක පමණ වෙනසක් (7s to 12s). මෙම පර්යේෂණය ඔවුන් නම් කරලා තියෙන්නේ Hydrodynamics of defecation කියලයි.

මේ පරීක්ෂණය තමුන්ට ගෙදර ඉඳගෙන උනත් කරලා බලන්න පුලුවන් ඔන්න... (සයන්ස් ඊස් ෆන් තමයි )

ගෑස්-(ට්‍රික්) එන්නේ කෑමෙන් නෙමෙයිලු


නිතරම ගෑස් නිසා දුක් විඳින හා අහල පහල අයටත් ගෑස් මුහුණු ආවරණ දාගන්නට තරම් ගෑස් යවන අය ගැලවිල්ලට කියන්නේ කෑම නිසා එහෙම වෙනවා කියලා. ඒත් දැන් පර්යේෂණයකින් හෙලිවෙලා තියෙනවා මෙලෙස පහල ජීර්ණ පද්ධතියේ (lower digestive tract) වායුව හටගන්නේ කෑම හේතුවෙන් නොව එවැනි පුද්ගලයින්ගේ පහල ජීර්ණ පද්ධතියේ සිටින බැක්ටීරියා වර්ග නිසා කියලා. මෙවැනි බැක්ටීරියා ගෑස් ප්‍රශ්ණය අඩු පුද්ගලයින්ගේ අඩු බවයි හෙලිවෙලා තියෙන්නේ. දෙගොල්ලන්ටම එකම කෑම ජාති කන්න දීලා, ඔවුන් පිට කරන ගුද වාතය පර්යේෂණාත්මකව මැන බලලා (ඇත්තටම ) තමයි මේ නිගමනයට එළඹිලා තියෙන්නේ.

බල්ලත් බොරු කියනවලු හලෝ??


පර්යේෂණයකින් හෙලිවෙලා තියෙනවා බල්ලන්ට රැවටීමේ හැකියාව (deceptive-like behaviour) තියෙනවා කියලා. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය දෙයක් ලබාගන්න තම ස්වාමියාව නොමග යවන්න මෙයාලට හැකියාවක් තියෙන බව තමයි හෙලිවෙලා තියෙන්නේ.

මිනිස්සු ආශ්‍රය කරහම ඔහොම නරක පුරුදු ඇතිවෙනවා තමයි...







__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments