අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

MEDICAL RESEARCH : LSD වැනි මනෝභ්‍රමික (psychedelic) මත්ද්‍රව්‍ය වලින් මනසේ සවිඥානකත්වය (consciousness) ඉහල දමනවා!



































මනෝභ්‍රමික (psychedelic) මත්ද්‍රව්‍ය යනු යමෙකුගේ දැක්ම / අවබෝධය (cognition) හා ඥානණය (perception) වෙනස් කරන මත්ද්‍රව්‍ය වර්ගයකි. මේවා ක්‍රියාකරන්නේ මොළයේ සෙරටෝනින් ප්‍රතිග්‍රාහක (serotonin receptors) උත්තේජනය කිරීමෙනි. LSD ලොව ජනප්‍රියම සයිකිඩෙලික් මත්ද්‍රව්‍යය වන අතර සයිකිඩෙලික් ක්‍රියාකාරකම් පෙන්වන රසායණික ද්‍රව්‍ය සමහර හතුවර්ග වල ස්වභාවිකවම ඇතිවේ.

Nature Scientific Reports පර්යේෂණ සඟරාවේ පලකල නිබන්ධනයකට අනුව එල්.එස්.ඩී වැනි සයිකිඩෙලික් මත්ද්‍රව්‍ය ශරීරගතවූ විට මොළයේ ක්‍රියාකාරිත්වය අලුත්ම මානයකට ප්‍රවිශ්ඨවන බව සොයාගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ එසෙක්ස් විශ්වවිද්‍යාළයේ පර්යේෂකයින් පිරිසක් හා නවසීලන්තයේ පර්යේෂකයින් පිරිසක් සිදුකරන ලද මෙම පර්යේෂණ වලදී පුදගලයින් ගණනාවකට LSD, Ketamin, හා Psilocybin (හතුවර්ග වල සයිකිඩෙලික් ක්‍රියාකාරකම් පෙන්වන රසායණය) යන සයිකිඩෙලික් රසායණ ලබාදී ඒවා ඔවුන්ගේ මොළයේ සිදුකරන වෙනස්කම් පිලිබඳව MRI ස්කෑන් පරීක්ෂා මගින් විශ්ලේෂණය කොට තිබෙනවා.

මෙම MRI ස්කෑන් වල ප්‍රථිපල අනුව සයිකිඩෙලික් රසායණ ශරීරගතවූ පසු මොළයේ විද්‍යුත් ක්‍රියාකාරිත්වය ඉහල ගොස් නව මානයකට ලඟාවෙන අතරම එම ක්‍රියාකාරිත්වයන් සමාන්‍ය අවදියෙන් සිටිනා අවස්ථාවල ක්‍රියාකාරිත්වයට වඩා බොහෝ සෙයින් වෙනස් බව පෙනීගියා. එම ප්‍රථිපල අනුව සයිකිඩෙලික් මත්ද්‍රව්‍ය ශරීරගතවූ විට එම පුද්ගලයා ලොව දකින ආකාරය වෙනස් මානයකට ගෙන යන බව නිගමනය කොට තිබෙනවා.

මෙම සංසිද්ධිය පරීක්ෂණයට බඳුන්කල මත්ද්‍රව්‍ය තුනටම පොදු බවද පෙනී ගියා.

Sources:
http://www.telegraph.co.uk/science/2017/04/20/psychedelic-drugs-found-induce-higher-level-consciousness/?utm_source=dlvr.it&utm_medium=twitter

https://www.newscientist.com/article/2128192-psychedelic-drugs-push-the-brain-to-a-state-never-seen-before/?cmpid=SOC|NSNS|2017-Echobox&utm_campaign=Echobox&utm_medium=Social&utm_source=Twitter#link_time=1492679154





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________


Comments