අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Science Quick Bites - ඇන්ටාක්ටිකාව



ඇන්ටාක්ටිකාව සොයා ගැනීමට වසර 2000කට පමණ පෙර සිටම ලෝක ගෝලයේ යට දැවැන්ත මහාද්වීපයක් තිබෙන බවට දේශාටකයින් විස්වාස කලා. ඔවුන් මෙම නොදුටු මහාදිවීපය "ටෙරා ඔස්ට්‍රාලිස්" හෙවත් දකුණුදිග ගොඩබිම ලෙස හැඳින්වූවා. ඇන්ටාක්ටිකාව මුලින්ම දර්ශණය වූයේ 18වැනි ශතවර්ෂයේ යුරෝපීය නාවිකයින්ටයි. කෙසේ වෙතත් "පිරී රීස්" ලෙස හැඳින්වෙන පැරණි  15 වැනි ශත වර්ශයේ සිතියමක ඇන්ටාක්ටිකාව යැයි සැළකිය හැකි වෙරළතීරයක් ද දකින්නට ලැබෙනවා. ඔටෝමාන් අධිරාජ්‍යයේ අද්මිරාල්වරයෙකු හා රාජකීය සිතියම් සකසන්නා වන පිරී රීස් විසින් සම්පාදනය කල මෙම සිතියම පැරණි සිතියම් ගණනාවක් අනුසාරයෙන් සැකසූ බව පිරී රීස් ප්‍රකාශකොට ඇති නිසා පෘථිවියේ පැරණි ශිෂ්ඨාචාර ඇන්ටාක්ටිකාව ගවේෂණය කොට එහි සිතියම් සකසා ඇති බවට මතයක් පලවෙතත් ප්‍රධාන ධාරාවේ පර්යේශකයින් මෙම මතය බැහැර කරනවා.



වර්ග කිලෝමීටර් මිලියන 14ක විශාලත්වයකින් යුතු ඇන්ටාක්ටිකාව වැඩිම සාමාන්‍ය ගොඩබිම් උසක් (highest average elevation) ඇති, එමෙන්ම අඩුම සාමාන්‍ය උශ්ණත්වයක් හා වැඩිම වියලි බවින් යුතු මහාද්වීපයයි. අයිස් වලින් වැසි තිබුණත් ඇන්ටාක්ටිකාව එහි අධික වියලි බව නිසාම කාන්තාරයක් ලෙස හැඳින්විය හැකි බව විද්‍යාඥයින් පවසනවා.



1] ඇමරි අයිස් තට්ටුව (Amery Ice Shelf)
2] අමුන්ඩ්සන් මුහුද (1910-1912 ඇන්ටාක්ටික් ගවේෂණයේදී දක්ෂිණ ධ්‍රැවයට පයතැබූ පලමු මිනිසා වන නොර්වීජියානු ජාතික රෝල්ඩ් අමුන්ඩ්සන් සිහිවීම පිණිස )
3] අමුන්ඩ්සන්-ස්කොට් ඇමරිකානු ඇන්ටාක්ටික් පර්යේෂණ මධ්‍යස්ථානය
4] ඇන්ටාක්ටික් අර්ධද්වීපය
5] බෙලිංශෞසන් මුහුද
6] ඩිසෙප්ෂන් දූව ගිණිකන්ද
7] නැගෙනහිර ඇන්ටාක්ටිකාව
8] එක්සෙකටිව් කොමිටී කඳු පන්තිය
9] ෆිල්ච්නර් අයිස් තට්ටුව

10] භූගෝලීය දක්ශිණ ධ්‍රැවය
11] චුම්බක දක්ශිණ ධ්‍රැවය
12] වොස්ටොක් විල - අයිස් තට්ටුව යටින් ඇති ද්‍රව ජලය ඇති විලකි
13] විලන්ස් විල - අයිස් තට්ටුව යටින් ඇති ද්‍රව ජලය ඇති විලකි
14] එලිස්වර්ත් විල - අයිස් තට්ටුව යටින් ඇති ද්‍රව ජලය ඇති විලකි
15] ලාර්සන් අයිස් තට්ටුව
16] මාරී-බර්ඩ් ප්‍රදේශය
17] මෝසන් ඔස්ට්‍රේලියානු ඇන්ටාක්ටික් පර්යේෂණ මධ්‍යස්ථානය

18] මැක්මර්ඩෝ ඇමරිකානු ඇන්ටාක්ටික් පර්යේෂණ මධ්‍යස්ථානය
19] ඉරිබස් ගිණිකන්ද
20] සිඩ්ලි ගිණිකන්ද
21] සිප්ල් ගිණිකන්ද
22] පාමර් ඇමරිකානු ඇන්ටාක්ටික් පර්යේෂණ මධ්‍යස්ථානය
23] පයින් අයිලන්ඩ් ග්ලැසියරය
24] රොනේ අයිස් තට්ටුව
25] රොස් අයිස් තට්ටුව

26] ස්කොට් නවසීලන්ත ඇන්ටාක්ටික් පර්යේෂණ මධ්‍යස්ථානය
27] දකුණු මුහුද
28] ත්වායිටෙස් ග්ලැසියරය
29] ට්‍රාන්සැන්ටාක්ටික් කඳුවැටිය
30] වින්සන් කන්ද - ඇන්ටාක්ටිකාවේ උසම කඳුමුදුන; අඩි 16,000ක් උසය (පිදුරුතලාගල අඩි 8200කි, එවරස්ට් කන්ද අඩි 29,000කි )


31] වොස්ටොක් රුසියානු ඇන්ටාක්ටික් පර්යේෂණ මධ්‍යස්ථානය
32] වෙඩෙල් මුහුද
33] බටහිර ඇන්ටාක්ටිකාව
34] විල්ක්ස් ප්‍රදේශය


ඇන්ටාක්ටිකාවට ආවේණික මිනිස් ජනගහණයක් නැත. ග්‍රීස්ම සෘතුවේදි 4000ක පමණ පර්යේෂකයින් හා විද්‍යාඥයින් ඇන්ටාක්ටිකාවේ බොහෝ ප්‍රදේශවල පර්යේෂණ වල නිරතවන අතර දැඩි ශීතල හා හිරු නැගීමක් නොමැති ශීත සෘතුවේ 1000ක පමණ පර්යේෂකයින් පිරිසක් රැඳී සිටී. 



ඇල්බට්‍රොස්, ස්කුවා, සීගල්, ටර්න් වැනි මුහුදු පක්ශීන් ග්‍රීස්ම සෘතුවේදී ඇන්ටාක්ටිකාවේ වෙරළතීරවල හා ආසන්න දූපත්වල බිත්තර දමයි. ආසන්න වශයෙන් කුරුලු ජනගහණය මිලියන 100ක් ඉක්මවන බව ගණන්බලා ඇත. මීට අමතරව පෙන්ගුවින් කුරුලු වර්ග කිහිපයක් ඇන්ටාක්ටිකාවේ ස්ථිර පංදිචිකරුවන් වෙති.

Elephant Seal

ටොන් 4ක් බර එලිෆන්ට් සීල් හා වෙනත් සීල් වර්ග ගණනාවක්ද විශාල නිල් තල්මසුන් හා වෙනත් තල්මසුන් ගණනාවක්ද ඇන්ටාක්ටිකාව අසල මුහුද වාසස්ථානය කරගෙන සිටිති.  

ඇන්ටාක්ටිකාව ගැන තවත් ලිපි

අයිස් දියවුනු ඇන්ටාක්ටිකාව කෙසේ දිස්වේද?

එම්පරර් පෙන්ගුවින්, ඇන්ටාක්ටිකාව






ඇන්ටාක්ටිකාව ගැන නොදැන සිටි සමයේ පැරණි සිතියම්වල පෙන්වන ඇන්ටාක්ටිකාව!

වසර මිලියන 20ක් අයිස් තට්ටු යට සැඟවී තිබුණු ඇන්ටාක්ටිකාවේ වොස්ටොක් විලෙහි ජලය පරීක්ශාවට රුසියානු විද්‍යාඥයින් සැරසෙයි. 

චීනය ඇන්ටාක්ටිකාවේ ගවේෂණ පුලුල් කරයි...

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments