අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ඊජිප්ට් එයා MS804 සුන්බුන් හමුවේ - අණතුරට හේතුව නියමු මැදිරියේ සිදුවූ පොරබැදීමක්??

කඩා වැටුනු ඊජිප්ට් එයා MS804 යානය 2015 අගෝස්තුවේ වියෙනා ගුවන් තොටුපලින් ගුවන් ගතවන ඡායාරූපයක්
එයාර්බස් A320 මාදිලියේ ඊජිප්ට් එයා MS804 යානයේ සුන්බුන් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා වෙරළට කිලෝමීටර් 295ක් ඔබ්බෙන් මුහුදේ ග්‍රීක කාර්පැතෝස් දූපත් අසලින් හමුවූ බවට ඊජිප්තු සිවිල් ගුවන්සේවා අධිකාරිය හා ඊජිප්ට් එයා ගුවන්සේවය මගීන්ගේ හා කාර්යමණ්ඩළයේ පවුල්වෙත දැනුම් දී තිබෙනවා.

යානය කඩාවැටීමට හේතුව තවමත් පැහැදිලි නැතත් ඉතා හොඳ කාළගුණික තත්වයක් යටතේ පියාසර කල යානයෙන් කිසිම ආකාරයක අණතුරු සංඥාවක් නිකුත්වී නෑ.  රාත්‍රී 11.09 ප්‍රංශයේ චාල්ස් ඩිගෝල් ගුවන්තොටුපොලෙන් ගුවන්ගතවූ යානය, ප්‍රංශය, ඉතාලිය හා ග්‍රීසිය ඉහලින් කිසිදු අසාමාන්‍ය සිදුවීමකින් තොරව පියාසර කල අතර ඉන්පසු එය මධ්‍යධරණී මුහුද ඉහලින් ඊජිප්තු ගුවන්සීමාව කරා පියසර කොට තිබෙනවා. යානයෙන් නිකුත්වූ අවසාන සංඥාව 2.27ට ග්‍රීක ගුවන් පාලන මධ්‍යස්ථානයට ලැබී ඇති අතර ඉන්පසු කිසිදු සංඥාවක් නිකුත්වී නෑ. ඒ යානය ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපොලට ලඟාවීමට විනාඩි 30කට කලින්.

පොලොවට අඩි 37,000ක් (මීටර් 11,200ක්) ඉහලින් සිටි යානය නිරීක්ශණය කරමින් සිටි ඊජිප්තු රේඩාර් මධ්‍යස්ථානවලට එක්වරම යානය පහට වැටෙන බව පෙනී ගොස් තිබෙනවා. මෙලෙස වේගයෙන් පියාසර උස අඩුවන අතරම යානය එක්වරම වම්පසට හැරවී තිබෙන අතර ඉන් සුලු මොහොතකට පසු නැවතත් දකුණට හැරී අංශක 360කින් කැරකෙමින් පොලොවට පහත්වී තිබෙනවා. අඩි 10,000 (මීටර් 3000ක්) පහලට ගමන්කල යානය රේඩාර් තිරවලට නොපෙනී ගොස් තිබෙනවා.

යානයේ අවසන් විනාඩි කිහිපයේ රේඩාර් සටහන් නිරීක්ශණය කල විශේෂඥයින් මෙලෙස යානය පාලනයෙන් තොරව මෙන් ගමන් කරන්නට ඇත්තේ යමෙක් යානයේ නියමු කුටියේ කටයුතු වලට බාධා කලබැවින් බව පැවසෙනවා. ඔවුන් සැක කරන ආකාරයට යානයේ නියමු කුටියේ යම් ආකාරයක දරුණු පොරබැදීමක් සිදුවී තිබෙනවා. සමහර විට යානයේ නියමු කුටියට ඇතුලුවූ අයෙකු හෝ අයවලුන් යාන පැහැර ගන්නට උත්සහ කලවිට නියමුන් හා යානයේ සිටි ආරක්ශක නිළධාරීන් ඔවුන් සමග පොර බැදීමක් සිදුවන්නට ඇති. නැතිනම් යානයේ එක් නියමුවෙකු යානය පැහැර ගන්නට හෝ කඩා වට්ටන්නට උත්සහ කිරීමේදී අනෙක් නියමුවා ඔහු සමග පොරබැදුවා වන්නට ඉඩතිබෙනවා.

පසුගිය වසරේ යුරෝපයේ කන්දක හැපී විනාශවූ ජර්මන් වින්ග්ස් ගුවන් යානය, එහි උප නියමුවා විසින් ඕනෑකමින්ම කඳුවැටියේ වද්දා විනාශකොට දැමූබව දැන් තහවුරු වී තිබෙනවා.


__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments