NASA Student Launch 2016 - විශ්වවිද්‍යාල හා පාසැල් සිසුන් සඳහා වාර්ෂිකව නාසා ආයතනය පවත්වන රොකට් නිර්මාණ තරඟය.

ගුවන් ගතකිරීම සඳහා සිය රොකට්ටුව රැගෙන යන නෝර්ත් ඩැකෝටා විශ්වවිද්‍යාලයේ සිසු-සිසුවියන් : 2016 අප්‍රේල් 16, නාසා මාෂල් අභ්‍යවකාශ මධ්‍යස්ථානය
නාසා ස්ටුඩන්ට් ලෝන්ච් යනු නාසා ආයතනය  විශ්වවිද්‍යාල හා උසස් පාසැල් සිසුන් සඳහා වාර්ශිකව පවත්වන රොකට් නිර්මාණ හා ගුවන්ගත කිරීමේ තරඟයකි.

සිසු-සිසුවියන් රොකට් තාක්ශණය, ගගන විද්‍යා ඉන්ජිනේරු තාක්ශණය හා අභ්‍යවකාශ විද්‍යාව පිලිබඳව උනන්දුකරවීම සඳහා පවත්වන මෙම තරඟය දැඩි කොන්දේසි හා තාක්ශණික ඉලක්ක ඇතුලත් තරඟයක් වන අතර රොකට් නිර්මාණය හා ගුවන්ගත කිරීම සඳහා වන කොන්දේසි හා විස්තර නාසා ආයතනය මගින් ප්‍රකාශයට පත්කරන අත්පොතෙහි දක්වා ඇත.

නාසා ස්ටුඩන්ට් ලෝන්ච් අත්පොත
මෙම වසරේ තරඟය අප්‍රේල් 13-16 දිනවල ඇලබාමා ප්‍රාන්තයේ මාෂල් අභ්‍යවකාශ මධ්‍යස්ථානය අසලදි පැවැත්වූ අතර අමෙරිකාවේ ප්‍රාන්ත 22ක විශ්වවිද්‍යාල හා උසස් පාසැල් විශාල ප්‍රමාණයක සිසු-සිසුවියන් මෙම තරඟය සඳහා රොකට් ඉදිරිපත්කොට තිබුණි. මෙම තරඟයේ ප්‍රථිපල මේ වනවිට නාසා ආයතනය නිකුත් කොට ඇති අතර ඒ අනුව විවිධ අංශ සඳයා ජයග්‍රාහී කණ්ඩායම් වල නම් ප්‍රසිද්ධ කෙරෙමින් පවතී.

2016 වසරේ හොඳම රොකට්ටුව සඳහා වන ත්‍යාගය කෝර්නෙල් විශ්වවිද්‍යාලය මගින් දිනා ඇති අතර වඩාත්ම ඉහල නැගි රොකට්ටුවට හිමි ත්‍යාගය මීටර් 1600ක් (කිලෝමීටර් 1600ක් ) ඉහල නැගි ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලය ඉදිරිපත් කල රොකට්ටුවට හිමිවිය. රොකට්ටුවේ ගෙනගිය පරියේෂණ උපකරණ කට්ටලය (best scientific payload) සඳහා ත්‍යාගය වැන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාලය දිනාගත්තේය.

මෙම තරඟයට සහභාගී වීම සඳහා කණ්ඩායම් මුලින්ම කල යුත්තේ නාසා අත්පොතෙහි විස්තර කෙරෙන ආකාරයට සිය රොකට්ටු ව්‍යාපෘතිය පිලිබඳව ව්‍යාපෘති යෝජනාවක් නාසා වෙත එවීමයි. ඉන් තෝරා ගැනෙන කණ්ඩායම් නාසා ආයතනය මගින් අන්තර්ජාලය හරහා පවත්වන නිර්මාණ සමාලෝචන (design review) සැසි ගණනාවකට සහභාගී විය යුතු අතර මෙම නිර්මාණ සමාලෝචන සැසි සකසා ඇත්තේ සාමාන්‍ය නාසා රොකට් ව්‍යාපෘති සැළසුම් කිරීමේ පිලිවෙලටමය. ඒ අනුව නාසා ආයතනයේ තාක්ශණික ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳවද සිසුනට දැනුමක් ඇතිවන අතර විද්‍යාත්මක ලෙස ඉන්ජිනේරු ව්‍යාපෘතියක් සැළසුම් කිරීමද ඔවුන් ඉගෙන ගනී.

සමාලෝචන සැසි  Preliminary Design Review, Critical Design Review, Flight Readiness Review, Launch Readiness Review හා Safety Review ලෙසින් සකසා ඇත.

මීට අමතරව තරඟය පැවැත්වෙන දින රොකට්ටුව සාර්ථකව ගුවන්ගත කිරීමෙන් අනතුරුව, රොකට්ටුවේ ගෙන යන පර්යේෂණ උපකරණ මගින් රැස්කල දත්ත විශ්ලේෂණය කෙරෙන Post Launch Assessment Review සමාලෝචනයටද කණ්ඩායම සහභාගී විය යුතුය.

නාසා ස්ටුඩන්ට් ලෝන්ච් අත්පොත කියවීමට උනන්දුවක් දක්වන්නට මෙම ස්ථානයෙන් එය බාගත හැකිය.


DSC_0873

DSC_0892

_J1A1868

ELG_5705

ELG_6561

_FD03510

_FD03484

_FD03875

_FD03353

_FD03379

_O5B0128

_O5B0203

_O5B0202



__________________________________________________________________________ .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .

__________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments