අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

බ්‍රිතාන්‍යයේ SAS කොමාණ්ඩෝ බළකාය කුරුල්ලෙකු මෙන් අහසේ පාවෙමින් ඉල්ලකය වෙත යා හැකි Wing Suits අත්හදා බලමින් සිටී!


බ්‍රිතාන්‍යයේ SAS කොමාණ්ඩෝ බළකාය කුරුල්ලෙකු මෙන් අහසේ පාවෙමින් ඉල්ලකය වෙත යා හැකි වින්ග් සූට් නමින් හැඳින්වෙන, ග්ලයිඩර් ඇඳුම් විශේෂයක් අත්හදා බලමින් සිටින බව වාර්තාවෙනවා. දෑත් හා දෙපා විදහාගත්විට ග්ලයිඩරයක් මෙන් ක්‍රියාකරන මෙම ඇඳුම් විශේෂය නිසා ඉතා නිහඬව ත්‍රස්ත කඳවුරු අසලටම ගොඩබැසිය හැකිවීම මෙම ඇඳුම් පිලිබඳව එස්.ඒ.එස් කොමාණ්ඩෝ බළකාය උනන්දුවීමට හේතුව වී තිබෙනවා.



සාමාන්‍යයෙන් පැරිෂූට් ආධාරයෙන් ගුවන්යානයෙන් පැනීමේදී ගුවන් යානය ඉලක්ක කඳවුර අසලටම ගෙන යා යුතු නිසා ත්‍රස්තයින් ගුවන් යානාවේ හඬඇසී ප්‍රහාරයට මුහුණදීමට සූදානම් වීමේ අවස්ථා වැඩියි. වින්ග් සූට් පැළඳි කුඩා කොමාණ්ඩෝ කණ්ඩායමක් සතුරු ඉලක්කයට කිලෝමීටර් 30ක් පමණ ඈතින් ගුවන් යානයෙන් ඉවත් ඉවත්වීමේ හැකියාව ඇති අතර ඔවුනට ග්ලයිඩර් යානා මෙන් ඉතා නිහඬව, මෙන්ම වේගවත්ව ඉලක්කය කරා ලඟාවිය හැකියි. ඇඳුමේ ඇති කුඩා පැරිෂූටය පොලොවට අඩි 200ක් ඉහලින් විවෘත කල හැකි අතර ඉන් තත්පර 10කට අඩු කාළයකදී ප්‍රහාරය දියත්කල හැකි බව පරීක්ෂණ වලදී පෙනී ගොස් තිබෙනවා.


මෙම ඇඳුම් කට්ටලය සමග එන අධිතාක්ශණික හෙල්මටය වෙඩි පහරට ඔරොත්තුදෙන කෙව්ලාර් තන්තුවලින් නිමැවී ඇති අතර, භටයාට තොරතුරු ලබාදෙන වර්ගයේ Heads Up Display (HUD) තිරයක්ද හෙල්මට් වයිසරයට එකතුකොට තිබෙනවා.

භටයින් ඇඟලා සිටින ඇඳුමද වෙඩි පහරවල් වලට ඔරොත්තුදෙන කෙව්ලාර් වලින් නිපදවා ඇති අතර උණ්ඩ, ග්‍රෙනේඩ, ජී.පී.එස් යන්ත්‍රයක් හා කුඩා ප්‍රථමාධාර කට්ටලයක්ද මෙහි ඇතුලත්වනවා. SAS ආරංචිමාර්ග පවසන අන්දමට මෙම වින්ග් සූට් ඇඳුමේ ඇති එකම දුර්වලතාවය අවි ආයුධ විශාල ප්‍රමාණයක් ගෙනයාමට නොහැකිවීමයි.

දැනටමත් SIS කොමාණ්ඩෝ බළඇණි ISIS ත්‍රස්ත නාශක මෙහෙයුම් සඳහා සිරියව, ඉරාකය, ලිබියාව හා ඇෆ්ඝනිස්තානයේ යුධබිම්වලට යවා තිබෙනවා.

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments