NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

කැප්ටන් ඇමරිකා - සිවිල් වෝ : ආදායම් වාර්තා තබයි!



 
මේ දිනවල තිරගත වන 'කැප්ටන් ඇමරිකා: සිවිල් වෝ' චිත්‍රපටය ඇමෙරිකාවේ තිරගත කිරීම ඇරඹු පළමු සති අන්තය තුල වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට අතරින් පස්වන ස්ථානය දිනාගෙන ඇති බව වාර්තා වේ. මාවල් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද තෙවන කැප්ටන් ඇමෙරිකා චිත්‍රපටය වන එය පළමු සති අන්තය තුල උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 181.8 කි.
 කැප්ටන් ඇමෙරිකා චිත්‍රපට පෙළේ පළමුවැන්න ‘කැප්ටන් ඇමෙරිකා : ද ෆස්ට් ඇවෙන්ජර්’ 2011 දී ද එහි දෙවැන්න ‘කැප්ටන් ඇමෙරිකා : ද වින්ටර් සෝල්ජර්’ 2014 දී ද තිරගත වූයේය. ‘කැප්ටන් ඇමෙරිකා : සිවිල් වෝ’ එම චිත්‍රපට දෙකේ දිගුවකි.
ඇන්තනී රූසෝ සහ ජෝ රූසෝ එක්ව අධ්‍යක්ෂණය කොට ඇති මෙම චිත්‍රපටයේ තිර රචනය ක්‍රිස්ටෝපර් මාකස් සහ ස්ටීවන් මැක්‍ෆීලි එක්ව සිදුකර ඇත. ක්‍රිස් එවන්ස් (කැප්ටන් ඇමෙරිකා), රොබට් ඩවුනි (අයන් මෑන්), ස්කාලට් ජොහැන්සන් (බ්ලැක් විඩෝ), සෙබස්තියන් ස්ටැන් (වින්ටර් සෝල්ජර්), ඇන්තනී මැකී (ෆැල්කන්) ,දොන් චියාඩ්ල් (වෝ මැෂින්), චැඩ්වික් බොස්මන් (බ්ලැක් පැන්තර්) හා පෝල් රඩ් (ඇන්ට් මැන්) ආදී නළු නිළියන් චරිත මවන මෙම චිත්‍රපටය සුපිරි වීරයන් එක් කළ නවතම ත්‍රිමාණ ක්‍රියාදාම චිත්‍රපටයකි.

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments