අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Aston Martin Vanquish Zagato

බ්‍රිතාන්‍යයේ ඇස්ටන් මාටින් සුපිරි කාර් සමාගම හා ඉතාලියේ කාර් නිර්මාණ සමාගමක් වන සගාටෝ සමාගම ඒකාබද්ධව ඇස්ටන් මාටින් වැන්ක්විෂ් සුපිරි කාර් රථයේ නවතම මාදිලියක් එලිදක්වා තිබෙනවා. ඇස්ටන් මාටින් වැන්ක්විෂ් සගාටෝ ලෙස හඳුන්වන මෙය අශ්වබල 592ක් නිපදවන ලීටර් 6ක ධාරිතාවය ඇති V12 එන්ජිමකින් බලගැන්වෙනවා.



බ්‍රිතාන්‍යයේ ඇස්ටන් මාටින් සමාගමේ හා සගාටෝ සමාගමේ සහයෝගීතාවයට වසර 50ක් පිරීම සැමරීම සඳහා මෙම සුපිරි කාරය නිර්මාණය කල බව සමාගම් දෙක නිකුත්කල ඒකාබද්ධ නිවේදනයක සඳහන් වනවා. මෙම රථයේ නිර්මාණ කටයුතු මිලානෝ නගරයේ සගාටෝ නිර්මාණ ස්ටුඩියෝවේදී සිදුකරන ලද අතර ඒ සඳහා ඇස්ටන් මාටින් සමාගමේ ප්‍රධාන නිර්මාණශිල්පී මැරෙක් රයික්මාන් හා සගාටෝ සමාගමේ ප්‍රධාන නිර්මාණශිල්පී ඇන්ඩ්‍රියා සගාටෝ දායකවී තිබෙනවා.

ඇස්ටන් මාටින් සමාගම පවසන අන්දමට සීමිත නිෂ්පාදනයක් (Limited Edition) වන මෙම රථ 150ක් පමණක් නිපදවීමට තීරණය කොට ඇති අතර එකක් ස්ටර්ලින් පවුම් 330,000කට මිළකොට තිබෙනවා.
 



 



 



__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments