BBC Top Gear නව මුහුණුවරකින් ලඟදීම

BBC Top Gear නව කණ්ඩායම
ටොප් ගියර් යනු බ්‍රිතාන්‍යයේ බී.බී.සී රූපවාහිණී සේවය මගින් ඉදිරිපත් කෙරෙන රථවාහන පිලිබඳ වැඩසටහනකි. 1977දී ඇරඹුන මෙය වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ 2002 සිට එය ඉදිරිපත්කල ජෙරමි ක්ලාර්ක්සන්, රිචර්ඩ් හැමන්ඩ් හා ජේම්ස් මේ යන තිදෙනාගේ නිවේදක ශෛලිය වැඩටසටහනෙන් ඉදිරිපත් කල නවීන ෆෙරාරී, ලැම්බෝගිනී වැනි අධිවේගී කාර්වල උපරිම වේගයෙන් ධාවනය කරවමින් එම සුපිරි කාර්වල හැකියාවන් ලොව පුරා ප්‍රේක්ශකයින් වෙත ගෙන ඒමෙනි.

ක්ලාක්සන්, හැමන්ඩ් හා ජේම්ස් මේ ඉදිරිපත් කල වැඩසටහන් ලක්ශ ගණනින් නැරඹූ අතර බී.බී.සී රූපවාහිණියේ අතිශයන්ම ජනප්‍රිය වැඩටහන් මලාව බවට පත්විය. කෙසේවෙතත් වැඩසටහනේ ප්‍රධාන නිවේදක ජෙරමි ක්ලාර්ක්සන් බී.බී.සී නිෂ්පාදක මඩුල්ල සමග විවිධ ගැටුම් ඇතිකරගත් අතර 2015දී ඔහුගේ කොන්ත්‍රාත්තුව දිගු නොකරන බවට බී.බී.සිය ක්ලාර්ක්සන් හට දැනුම් දුනි. ක්ලාක්සන් ඉවත්වූ විට ඔහුගේ ටොප් ගියර් සගයන් දෙදෙනා වන ජේම්ස් මේ හා රිචර්ඩ් හැමන්ඩ්ද වැඩසටහනෙන් ඉල්ලා අස්වූ අතර ඒ අනුව අතිශය ජනප්‍රිය ටොප් ගියර් වැඩසටහන අතරමග නවතා දැමීමට බී.බී.සියට සිදුවූයේ විශාල මූල්‍යමය පාඩුවක්ද සමගනි.

ටොප් ගියර් බී.බී.සියේ ජනප්‍රියම වැඩසටහන බවට පත්කල රිචර්ඩ් හැමන්ඩ් (වම් කෙළවරේ) ජෙරමි ක්ලාර්ක්සන්, හා ජේම්ස් මේ, ඔවුන්ගේ සුපිරි රේසිං රියැදුරු "ස්ටිග්" සමග.
බී.බී.සියෙන් ඉවත්වී කෙටිකලකට පසු ක්ලාක්සන්, හැමන්ඩ් හා ජේම්ස් මේ යන තිදෙනාටම ඇමසන්.කොම් සමාගමට අයත් ඇමසන් ටී.වී රූපවාහිණී සමාගමෙන් ටොප් ගියර් වැඩටහනට සමාන වැඩසටහනක් නිර්මාණය කිරීම සඳහා විශාල මුදලකට ආරාධනා ලැබූ අතර මේ වනවිට තිදෙනාම එම වැඩසටහන් මාලාවේ රූගත කිරීම් සිදුකරමින් සිටී.

මේ අතර ටොප් ගියර් වැඩසටන නැවත පණගැන්වීම සඳහා බී.බී.සිය රේසිං රියැදුරෙකු මෙන්ම කාර් පිස්සෙකු ලෙස බ්‍රිතාන්‍යයේ නම් දරාසිටින ක්‍රිස් එවන්ස් තෝරාගත්තේය. කාර් පිස්සෙකු වුවද වෘත්තියෙන් රූපවාහිණී හා ගුවන් විදුලි වැඩටසටහන් ඉදිරිපත් කරන්නෙකු වූ ක්‍රිස් එවන්ස් දීර්ඝ කාලයක් බී.බී.සියේ රූපවාහිණී හා ගුවන්විදුලි වැඩසටහන් වලට දායක වූ පලපුරුදු නිවේදකයෙකි.

2016 මැයි මාසයේ විකාශණය වීමට නියමිත ක්‍රිස් එවන්ස්ගේ කණ්ඩායම ඉදිරිපත් කරන අලුත්ම ටොප් ගියර් වැඩසටහන් මාළාවේ ප්‍රී-විව් ට්‍රේලරයක් බී.බී.සිය ඊයේ නිකුත් කලා.

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .

 __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments