"We will bring this plane down!" - කඩාවැටුනු යානයේ ලියාතැබූ ඉස්ලාම් අන්තවාදීන්ගේ අනාවැකිය හරිගියා!


"WE WILL BRING THIS PLANE DOWN" මීට මාස කිහිපයකට පෙර කයිරෝ ගුවන් තොටුපොලේ නවතා තිබූ එයාර්බස් A320 යානයේ බඳෙහි යටපැත්තේ රහසිගතව ලියාතැබූ ඉස්ලාම් අන්තවාදීන්ට සහය පලකරන කයිරෝ ගුවන්තොටුපොලේ අන්තවාදී සේවකයින්ගේ අණාවැකිය ටක්කෙටම නිවැරදිවී ඇත.

පෙරේදා රාත්‍රියේ, මධ්‍යධරණී මුහුද ඉහලින් ඉතා පැහැදිලි කාළගුණයක් යටතේ පියාසර කරමින් තිබූ මේ යානය මිනිත්තු දෙකතුනකදී විනාශවී ගියේය. "එවියේෂන් හෙරල්ඩ්" නම් ගුවන් කර්මාණ්තයට සම්බන්ධ තාක්ශණික සඟරාවක් මගින් යානයේ ACARS සන්නිවේදන පද්ධතියෙන් ලැබී තිබූ අණතුරු ඇඟවීම් අප ඊයේ ඔබවෙත ගෙනාවා.


00:26Z 2600 SMOKE LAVATORY SMOKE (යානයේ නියමු කුටිය අසල ඇති වැසිකිලියෙන් දුම් දමන බව එහි තුල තිබූ smoke detector මගින් වාර්තාකොට තිබෙනවා.

00:27Z 2600 AVIONICS SMOKE (යානයේ ඉලෙක්ට්‍රොනික පද්ධතිවලින් දුම් පිටවන බව smoke detector සංවේදක වාර්තාකොට තිබෙනවා)

00:28Z 561100 R FIXED WINDOW SENSOR (යානයේ එක්තරා ජනේලයක ආපදාවක්  (කැඩීයාමක්) වාර්තාවී තිබෙනවා)

00:29Z 2200 AUTO FLT FCU 2 FAULT (යානයේ පරිගණකවලට දත්ත ඇතුලත් කිරීමට නියමුවා භාවිතාකරන දත්ත ටර්මිනල අකර්මන්‍යවී තිබෙනවා)

00:29Z 2700 F/CTL SEC 3 FAULT (යානයේ elevator, spoiler ආදි පාලන පෘශ්ඨවලට විධාන දෙන පරිගණකය අකර්මන්‍යවී තිබෙනවා )
 
යානයේ කඩාවැටීමට හේතුව නිශ්චිත ලෙස දැනගැනීමට හැකි දත්ත සපයන යානයේ කළු පෙට්ටි තවමත් හමුවී නැති අතර මෙම ACARS දත්ත පිලිබඳව අලුත්ම විශේෂඥ අදහස් මෙසේය.

"යානයේ දකුණු පැත්තේ යම් ආකාරයක දරුණු කැඩීයාමක් (breach) සිදුවී ඇත. මෙය බොහෝ විට යානයේ දකුණු පැත්තේ නියමු කුටිය ආසන්නයේ සිදුවූ බෝම්බ පිපිරීමක් නිසා යයි අනුමාන කෙරේ.

මෙම
පිපිරීමේ කම්පණයට නියමු කුටියේ දකුණුපස වීදුරු ගැළවී විසිවී ඇත. හදිසියේම වීදුරු ගැලවී යාම නිසා අඩි 37000ක් ඉහලින් පියාසර කරමින් සිටි යානයේ ඇතුලත වායුපීඩනය එක්වරම අඩුවන්නට පටන්ගන්නා ලදී.  De-compression ලෙස හඳුන්වන මෙම භයාණක සංසිද්ධිය නිසා යානයේ නියමුවන් සිහිවිසංඥ වන්නට ඇත. යානයේ තත්වය පිලිබඳව කිසිදු අණතුරු ඇඟවීමක් සිදුකරන්නට ඔවුනට හැකියාවක් නොතිබුනේ මේ නිසා වන්නට පුලුවන.

බොහෝවිට මෙම බෝම්බය A320 යානාවල නියමුකුටිය යටින් මැදිරියක තිබෙන පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපාංග කුටියෙහි සිදුවන්නට ඇතැයි උපකල්පණය කෙරේ. මෙම ඉලෙක්ට්‍රොණික උපකරණ කුටිය යානය ගුවන්තොටුපොලෙහි නවතා තිබෙනවිට ගුවන් තොටුපොලේ ගුවන්තාක්ශණවේදීන්ට ඇතුලුවිය හැකි ලෙස සකසා ඇත. ඔවුන්ගෙන් එකෙකු බෝම්බය කුටියේ සඟවා යන්නට ඉඩ ඇත.


යානය තුල හදිසියේම වායුපීඩනය අඩුවනවිට යානය පුරා වාතයේ ජලවාශ්ප එක්වරම ඝණීභවනය (condensation) වන අතර් එය යානය පුරා ඝණ මීදුමක් මෙන් පැතිර යන්නට ඇත. යානයේ වැසිකිලිවල smoke detector සංවේදක දුම් ලෙස වාර්තා කරන්නට ඇත්තේ මෙම මීදුම විය හැකි බවට උපකල්පණය කල හැක."

 
__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments