අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

FLOATAVOLTICS - පාවෙන සූර්යකෝෂ බළාගාර

යමකූරා ජලාශයේ පාවෙන සූර්යකෝෂ බළාගාරය - චීබා, ජපානය
ඡායාරූපයේ දැක්වෙන්නේ ජපානයේ ක්යෝසෙරා සමාගම විසින් නිර්මිත පාවෙන සූර්යකෝෂ බළාගාරයයි. මෙම සූර්යකෝෂ මගින් නිවෙස් 5000කට අවශ්‍ය විදුලිබලය ජනනය කරනවා.මෙය ලෝකයේ විශාලම පාවෙන සූර්යකෝෂ බළාගාරය වන අතර දැනටමත් කුඩා පරිමාණයේ පාවෙන සූර්යකෝෂ බළාගාර ඇමරිකාවේ හා ඔස්ට්‍රේලියාවේ තිබෙනවා.

මෙවැනි ජලාශමත ඉදිකෙරෙන සූර්යකෝෂ බලාගාර ජනප්‍රිය වීමට පාදක හේතූන් ගණනාවක් තිබෙනවා. එකක් නම් දියුණු තාක්ශණය නිසා සූර්යකෝෂ වල මිල ඉතාවේගයෙන් පහල වැටීමයි. තවත් ප්‍රධාන හේතුවක් නම් මෙම බලාගාර පිහිටුවීමේදී වටිනා ඉඩම් අවශ්‍ය නොවීමත් එමන්ම සූර්ය බලාගාර පිහිටුවීම නිසා අවට පරිසරයේ ස්වභාව සෞන්දර්‍යයට හානි නොවීමත්ය. ජනතාව සිය විනෝද කටයුතු සඳහා භාවිතා නොකරන වාරි ජලාශ, පානිය ජලය රැස්කරන ජලාශ මෙන්ම, අප-ජලය පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන විශාල ටැංකිද මේ සඳහා යොදාගත හැකිවීම වාසියක්.

එමෙන්ම ජලය මත පිහිටුවීම නිසා සූර්යකෝෂ අධික ලෙස රත්විම වැලැක්වීම පහසුවන අතර සිසිල් සූර්යකෝෂ වැඩි කාර්යක්ශමතාවයකින් සූර්යාලෝකය විදුලිය බවට හරවනවා. එමෙන්ම මෙම සූර්යකෝශ ජලය මත විශාල ප්‍රදේශයක් ආවරණය වන නිසා ඇල්ගී හා වෙනත් ජලජ ශාක වැඩීම බාලවීමද තවත් වාසියක්. එමන්ම මෙම සූර්යකෝෂ මගින් ජලාශයේ විශාල ප්‍රමාණයක් ආවරණය වීමේ තවත් වාසියක් නම් සූර්යතාපය නිසා ජලය වාශ්පවී අපතේ යාම අවමවීමයි. උෂ්ණාධික ප්‍රදේශවලදී මෙලෙස ජලය වාශ්පවීම නිසා විශාල ලෙස ජලය අපතේ යනවා.

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments