අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

එවරස්ට් තරණයේ අවසන් අදියරට පිවිසි ශ්‍රී ලාංකිකයෝ


Image copyright Jayanthi Kuru-Utumpala/ Johann Peiris

එවරස්ට් කඳු මුදුන තරණය කිරීමේ අවසන් අදියරට පැමිණ සිටින බව ලොව උසම කඳු මුදුන වෙත ළඟා වීමේ බලාපොරොත්තුවෙන් පසු වන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පවසති.
ජයන්ති කුරුඋතුම්පාල සහ යොහාන් පීරිස් එවරස්ට් කඳු මුදුනට ළඟා වීමේ අභියෝගය ජය ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකි.

එවරස්ට් කඳු මුදුන බලා යෑමට නියමිත පළමු ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ලෙසත් ඔවුන් දෙදෙනා ඉතිහාසයට එක් වනු ඇත. හිමාලය හෙවත් එවරස්ට් කඳු ප්‍රදේශය තුළ අධික ශීතලක් පවතින අතර වායුගෝලයේ ඔක්සිජන් මට්ටමද අඩු අගයක් ගනු ලබයි.


එම තත්වයන්ට ඔරොත්තු දිය හැකි ආකාරයට සිය සිරුරු හැඩ ගස්වා ගැනීම සඳහා මාස එක හමාරක් පමණ පුරුදු පුහුණු වෙමින් නියමිත ක්‍රමවේදයන් අනුගමනය කළ බවයි ජයන්ති  සහ යොහාන්  බීබීසී සංදේශයට කියා සිටියේ.

ඒ සඳහා එවරස්ට් කඳු පාමුල පිහිටි පදනම් කඳවුරේ (Base Camp) සිට පිළිවලින් අංක 01 , 02 සහ 03 යන කඳවුරු වෙත ගොස් නැවත පැමිණීමේ අදියරයන් අවසන් කොට ඇති බවයි යොහාන් පීරිස් කියා සිටියේ.

'අංක එක කෑම්ප් එකට ගිහින් ආපහු බේස් කෑම්ප් එකට එනවා. ඊට පස්සේ දවස් භාගයක් විවේක අරන් ආපහු අංක දෙක කෑම්ප් එකට ගිහින් ආපහු එනවා. ඒ වගේ චක්‍රයක් අනුගමනය කරන්න තියෙනවා. අපි දැන් ඒ ඔක්කොම කරලා ඉන්නේ' ජයන්ති කුරුඋතුම්පලා සඳහන් කරන්නීය.


කඳු මුදුනේ පවතින කාලගුණ තත්වය දින දහයක කාලයක් යහපත් තත්වයේ පවතින බවත් එම කාලය ඉලක්ක කොට කඳු මුදුන වෙත ගමන් ආරම්භ කරන බවත් යොහාන් පීරිස් පැවසීය.

'අපි දැන් ඉන්නේ අවසාන අදියර වශයෙන් කඳු මුදුනට යන්නයි. ඒ සඳහා අවශ්‍ය කාලගුණය සැකසෙන තුරුයි අපි දැන් බලන් ඉන්නේ. මම හිතුවට වඩා ගොඩක් දුෂ්කරයි මේ කාර්යය' යොහාන් පීරිස් කියා සිටියේය.

කණ්ඩායමක් වශයෙන් තමාට එවරස්ට් අභියෝගය ජය ගත හැකි වනු ඇති බවට ජයන්ති සහ යොහාන්  බලාපොරොත්තු පළ කරති. ජයන්ති  වෘත්තියෙන් කාන්තා අයිතිවාසිකම් සහ ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ විශේෂඥවරියක් වන අතර යොහාන් පීරිස් ජනප‍්‍රිය කොණ්ඩා සැකසුම් ශිල්පියෙකි. (ඔවුන් දෙදෙනා සමඟ සංදේශයේ සරෝජ් පතිරණ පැවැත්වූ සාකච්ඡාවට සවන්දෙන්න)

මේ දක්වා එවරස්ට් කන්ද සාර්ථක ලෙස තරණය කොට ඇති පිරිස තුන්දහසකට ආසන්නයි. එවරස්ට් කන්ද තරණය කරන අතරතුර හෝ තරණය කිරීමෙන් අනතුරුව මරුමුවට පත් පිරිස දෙසීය දහයකි.

Source : http://www.bbc.com/sinhala/sri-lanka-36269475
__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments