ඉපැරණි අඟහරු සාගරවල මාරක සුනාමි!


වසර බිලියන 3කට පෙර, අඟහරු ග්‍රහයාමට විශාල සාගරයක් තිබූ බවට නාසා විද්‍යාඥයින් තහවුරු කරගත්තේ මෑතකදී. කෙසේ වෙතත් මෙම සාගරයේ වෙරළතීරය පිලිබඳව සාධක අවමවීම නිසා, මෙතෙක් එය "මාර්ස් ඕෂන් හයිපෝතීසිස්" ලෙසින් හැඳුන්වෙන කල්පිතයක් ලෙස පමණක් සැළකීමට විද්‍යාඥයින් පරිස්සම් වුනා.

කෙසේ වෙතත් අඟහරු ග්‍රහයාගේ උතුරුදිග තැනිතලා ප්‍රදේශවලින් ලබාගත් අධෝරක්ත ඡායාරූප වල මීට වසර බිලියන 3.4කට පෙර අඟහරු සාගරයේ හටගත් මාරක සුනාමි දෙකක් මගින් ඉතිරිකර ගිය සළකුණු සොයාගැනීමට නිව් යෝර්ක් නුවර කෝනෙල් විශ්වවිද්‍යාලයේ පර්යේශකයින් පිරිසක් සමත්වෙලා තියෙනවා.


 අඩි 400ක් පමණ උස රළපහරවල් ඇතිකරන්නට සමත්වුනා යයි සැක කෙරෙන මේ මාරක සුනාමි අඟහරු මුහුදට කඩා වැටුනු අතිවිශාල ග්‍රහක දෙකක් නිසා ඇතිවෙලා තියෙන බවට අනුමාන කරනවා. මෙයින් විශාලම සුනාමිය නිසා අඟහරු සාගරය අවට වර්ග කිලෝමීටර් මිලියනයක් පමණ ජලයෙන් යටවුනු බවට සාධක හමුවෙලා තිබෙනවා.



__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments