වැල්ලවාය මොණරාගල මාර්ගයේ කුඩුක්‌කන හන්දියෙන් දකුණට විහිදෙන මාර්ගයෙන් ඔක්‌කම්පිටියට ගොසින්, අනතුරුව වම් පසට වන්නට පිහිටා ඇති මාර්ගයේ සැතපුම් තුනක් පමණ ගමන් කළ විට මාළිගාවිල පූජාභූමිය හමුවෙනවා.
මාළිගාවිල පිළිමය කරවන ලද්දේ ඔක්‌කාක වංසයෙහි උපන් මහා තිස්‌සගේ සහ සංඝසිවා බිසවගේ දෙටු පුත්‍රයා වන අග්ගබෝධි රජතුමන් විසින් බව මහවංශයෙහි සඳහන් වෙනවා. ඒවගේම මහාවංශයේම සඳහන් පරිදි ආරියාකර විහාරය, අරියකෝටි විහාරය, අරියකාරි, ආර්යකර ආදී නම්වලින් හඳුන්වා ඇත්තේ ද මාළිගාවිලම බව අනුමාන කරන්න පුලුවන්.
එමෙන්ම මාළිගාවිලට ප්‍රසිද්ධියක් ගෙන දෙන්නා වූ මාළිගාවිල හිටි පිළිමය හා ඊට මදක් එපිටින් පිහිටා ඇති යෝද බෝධි සත්ත්ව ප්‍රතිමාව පුරාතණයේ එකම ආරාම සංකීර්ණයක් වන්නට ඇති බව ඉතිහාසඥයන්ගේ මතයයි.
මාළිගාවිල හිටි පිලිමයේ බර ඇස්තමේන්තුව
මාළිගාවිල හිටි පිළිමය උසින් අඩි 34 කි. එහි උරහිස් අතර පළල අඩි 10 ක් පමණ වේ.
මුළු පිලිමය ටොන් 100ක් බර බව සඳහන් කොට තිබුණද, ඒ ඇස්තමේන්තුව ලබාගත්තේ කෙසේදැයි සඳහන් කොට නැත. කෙසේ වෙතත්, මාළිගාවිල ප්‍රතිසංකරණයේදී, පිලිමය නැවත සිටවූ ශ්‍රී ලංකා ඉන්ජිනේරු සංස්ථාවේ විශේෂඥයින් ඇස්තමේන්තුව සිදුකරන්නට ඇත.
Google Gemini AI (Gemini 3 Thinking Model) අනුව බර මෙට්‍රික් ටොන් වලින් හා බ්‍රිතාන්‍ය ඉම්පීරියල් ටොන් වලින් පහත දක්වා තිබෙනවා.
ටොන් යනුවෙන් සඳහන් කලද ඒ මෙට්‍රික් ටොන්ද, ඉම්පීරියල් ටොන්ද යන්න පැහැදිලි නැති නිසා මුලින් මෙට්‍රික් ටොන් වලින් පිලිතුර ඉල්ලා ප්‍රොම්ට් එක ලබාදී පසුව ඉම්පීරියල් ටොන් වලට හරවා පිලිතුරු ඉල්ලා සිටියා.
ප්‍රොම්ට් එකෙන් ලබාදුන් ඉතා සීමිත තොරතුරු කිහිපයක් මත ජෙමිනි ලබාදුන් පිලිතුර බොහෝ දුරට නිවැරදි බව අපට පෙනෙනවා.
මේ ගණනය කිරීම් සඳහා එකට ලබාදුන් ප්‍රොම්ට් එක පහතින් දක්වා තිබෙනවා. ඔබටත් අවශ්‍ය නම් මේ ප්‍රොම්ප්ට් එක හෝ ඊට වඩා refine කල prompt එකක් ලබාදී පිලිතුර සොයන්න පුලුවන්.
Gemini 3 Prompt to estimate the weight of Maligawila Budhdha Statue
there is a statue of a human form which is 34 feet tall, 10 feet across shoulders and entirely made out of limestone rock. Can you assess how much it would weigh in metric tons?
මාළිගාවිල පිලිමය නෙළුවේ කොහේදිද?
හුණු ගලින් (limestone) නිමවා ඇති මෙම සුවිසල් පිළිමය වෙනත් ස්‌ථානයකදී නිම කිරීමෙන් පසු දැනට පිහිටුවා ඇති ස්‌ථානයට ගෙනැවිත් ඊටම සරිලන ආසනයක ප්‍රතිෂ්ඨාපනය කිරීමම එකල ශ්‍රී ලාංකිකයන් සතු වූ විස්‌මිත හැකියාවත් ඉස්‌මතු කරන්නක් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ අදහසයි.
මාළිගාවිල ඒ අවට ප්‍රදේශයේ කොතැනකවත් මේ සා විශාල පිළිමයක් නෙළීමට හැකි තරමේ හෝ වෙනත් කාර්යයකට යොදා ගත හැකි අන්දමේ ගල් කඳු හෝ ගල් කැටයක් සොයා ගැනීමට නෑ.
මේ හේතුව නිසාම එකල විසූ ජනයා අතරත් පසුකාලීනවත්, මෙය සෘද්ධියෙන් මෙන් නිමවන ලද්දක් බවට විශ්වාසයක් ගොඩනැඟී තිබිණි. මහාවංශයෙහි පවා සටහන් කර ඇත්තේ සෘද්ධියෙන් නෙළු බවට විස්තරයි.
එහෙත් ඒ දවස ශ්‍රී ලාංකිකයන් සතුව පැවැති උසස් ශිල්පීය ඥනය හා ශක්‌ති සම්පන්න බව මොනවට පැහැදිලි කරන සාක්‍ෂියක් ලෙස මෙය දැක්‌විය හැකි බව මුලින් කී මත බැහැර කරන ඉතිහාසඥයන් සඳහන් කරනවා.
1934 දී මහැදුරු පරණවිතාන ශූරීන් මේ ප්‍රදේශයට පැමිණි කළ බිමට ඇද වැටී පසින් යට වී තිබූ මාළිගාවිල පිළිමයත් දඹේගොඩ පිළිමයත් දකින්නට ලැබිණි යෑයි කියෑවේ. ඒ වනවිටත් පිළිමයන් කැබැලිවලට කැඩී තිබුණු බවක් ද පැවසෙනවා.
පසු කලෙකදී මෙම ප්‍රතිමාව අග්ගබෝධි රජතුමා විසින් නිම කරන ලද විලාශයෙන්ම වත්මන් පරපුරට දැක ගැනීමට හැකි අයුරින් ස්‌ථාපනය කිරීමෙහි විශිෂ්ට මෙහෙවර ඉටු කළේ එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආර්. ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශිෂ්ට උත්සාහයෙනි. කැඩී බිඳී ගොස් තිබූ කැබිලි නව තාක්‍ෂණය ඔස්‌සේ එකලස් කරනලද නමුත් ඒ සා විශාල පිළිමයක් නැවත ඔසවා ස්‌ථාපනය කිරීම අපහසු කටයුත්තක්.
මාළිගාවිල පිලිමය නැවත එසවීම
මේ සඳහා පලමු උත්සාහය දරා ඇත්තේ 1974 වසරේදී වන අතර එය අසාර්ථක වූයේ එතරම් අතිවිශාල බරක් එසවිය හැකි දොඹකර එම ස්ථානයට ගෙනයාමේ අපහසුව/ලංකාව තුල සොයාගැනීමේ අපහසුව නිසාය.
දෙවැනි උත්සාහය 1980දී දැරූ අතර, එවක අග්‍රාමාත්‍ය ආර් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් එය සිදුවිය.
පිලිමය එසවීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු යෝධ දොඹකර යන්ත්‍ර ඒ සඳහා මාළිගාවිලට ගෙන යැමට ප්‍රධාන මාර්ගයේ සිට නව මාර්ගයක් තනන්නට ද සිදුවුන බවද, මාළිගාවිල පිලිමය නැවත සිටුවීමේ ව්‍යාපෘතිය ගැන පලවූ පුවත්පත් වාර්තාවල සඳහන් වෙනවා.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වෙබ්ඩවියෙහිද, මාළිගාවිල ප්‍රතිමාව ප්‍රතිසංස්කරණය කොට නැවත සිටුවීමේ මහා කර්තව්‍යය පිළිබඳව විස්තරයක් හා ඡායාරූප ඇතුලත්කොට ඇත.
එම වෙබ් අඩවියට අනුව, ඉන්ජිනේරු සංස්ථාව සාර්ථකව නිමකල දැවැන්ත ව්‍යාපෘති වලින් එකකි මාළිගාවිල පිළිමය නැවත සිටුවීම.
![]() |
| Image Credit : Sri Lanka Engineering Corporation |
මාළිගාවිල ප්‍රතිමාව පිලිබඳ වැදගත් දත්ත කිහිපයක් සාරාංශ ලෙස බලමු...
1. පිළිමය නෙළා ඇත්තේ තනි හිරිගල් කුට්ටියකිනි
2. දළ ඇස්තමේන්තු අනුව එහි බර ටොන් 100 ඉක්මවයි
3. පිළිමය නෙළීමට ඇවැසි එතරම් විශාල හිරිගල් පර්වත එම ප්‍රදේශයේ නැත.
4. එනම් පැරණි හෙළයා මේ අති දැවැන්ත හිරිගල් පර්වතය වෙනත් තැනකින් කපා මෙතැනට ගෙනැවිත් සිටුවා පිළිමය නෙළා ඇත.
5. පිළිම කර්මාන්තය කරවා ඇත්තේ 7වැනි සියවසේ (මීට වසර 1400කට පෙර ) රුහුණු රටෙහි රජකල අග්ගබෝධි නම් බළසම්පන්න ප්‍රාදේශීය රජෙකු විසිනි.
සාකච්ඡාව
1. ප්‍රාදේශීය රජෙකුට මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් සිදුකල හැකිනම් ඉන් පැරණි හෙළයා පිලිබඳව ගම්‍යවන කරුණු මොනවාද?
* මෙවැනි සංකීර්ණ ව්‍යාපෘති සිදුකිරීම සඳහා අවශ්‍ය තාක්ශණික ඥාණය රටතුල හොඳින් මුළ් බැසගෙන තිබිය යුතුය - එනම් පැරණි හෙළ ඉංජිනේරු ශිල්පය හොඳින් ව්‍යාප්තව තිබිය යුතුය, එවා උගන්වන ශික්ශණායතන, උගත් ශිල්ප ප්‍රගුණ කිරීමට විශාල ව්‍යාපෘති හා ඒවායේ බරපැන දැරීමට ධනවත්, නැණවත් පාළකයින් සිටිය යුතුය.
* මෙවැනි ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීමට අතිවිශාල ධන සම්භාරයක් ඇවැසිය - ප්‍රාදේශීය රජෙකුට එවැනි ප්‍රාග්ධනයක් යෙදවිය හැකිව තිබුණානම් එදා රුහුණු රාජ්‍යය කෘෂි/ අභ්‍යන්තර වෙළඳ/ අපනයන වෙළඳ ආර්ථිකයකින් අතිශයින්ම සමෘධිමත්ව සිටියා විය යුතුය. දිළිඳු යටත් වැසියන් පාළණය කරන ප්‍රාදේශීය රජෙකුට මෙවැනි ආයෝජනයක් කිසිසේත් සිදුකල නොහැකිය.
* එපමණක් නොව, රුහුණු රට මෙන්ම රටෙහි අනෙකුත් සියලු ප්‍රාදේශීය රාජ්‍යයන්ද සමෘධිමත් රාජ්‍යයන් විය යුතුමය. කළාව, තාක්ශණය, ශිළ්පීය ඥාණය දියුණු වන්නේ ආර්ථික වශයෙන් සමෘධිමත් රාජ්‍යයන් තුල මිස දුගී රටවල්වල නොව - අද බටහිර තාක්ශණයේ දියුණුවේ රහසද ඔවුන්ගේ ආර්ථික සමෘධියයි.
2. මෙවැනි ව්‍යාපෘතියකට ඇවැසි තාක්ශණය හා ශිල්පීය දැනුම (සරල විශ්ලේෂණයකි)
* ටොන් 100ක් බල ගල් කුට්ටියක් සැතපුම් ගණනාවක් නොකැඩී ප්‍රවාහණය කිරීමට ඇවැසි ප්‍රවාහණ තාක්ශණය (transportation technology) කොතරම් දියුණු එකක් වූයේදැයි සිතා ගැනීමට පවා නොහැකිය.
* මෙවැනි ගල් පර්වතයක් කෙලින් සිටුවා ප්‍රවාහණය කල නොහැකිය. එනම් එය කපා, දික් අතට තබා ප්‍රවාහණය කොට, නැවත කෙළින් සිටුවා පිළිමය නෙළු බවට උපකළ්පණය කල හැකිය. මේ සඳහා කොතරම් දියුණු යාන්ත්‍රික ඉංජිනේරු තාක්ශණයක් (mechanical engineering) පැරණි හෙළයා සතුවූවාද?
- ටොන් 100ක ගලක් කෙලින් සිටුවන්නට ඇවැසි දොඹකර තාක්ශණය?
- ඒ සඳහා භාවිතා කල කඹ කොතරම් ශක්තිමත් විය යුතුද?
- ඔසවා කෙලින් කරන්නට ඇවැසි බළය ලබාදුන්නේ කුමණ ආකාරයක යන්ත්‍රයකින්ද?
- යන්ත්‍රයේ (හෝ මිනිස් ශ්‍රමයේ ) බළය වැඩිකිරීමට, පාළණය කිරීමට හා සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය ලීවර හා කප්පි පද්ධති (pulley system) වැනි ඉන්ජිනේරු ශිල්ප තාක්ශණය පැරණි හෙළයා ඉතා හොඳින් ප්‍රගුණ කොට තිබුණා විය යුතු නොවේද?
* මාළිගාවිල සංකීර්ණය නිර්මාණය කරන්නට ඇත්තේ කොතරම් දක්ශ වාස්තු විද්‍යාඥයින් (architects) විසින්ද? එවැන්නන් හෙළයන් අතර හිඟ නොවන්නට ඇත්තේ අනෙක් ශිල්ප මෙන්ම වාස්තු විද්‍යාව හදාරන්නටද පැරණි හෙළ තාක්ශණික සිප්හල් (technical colleges) තිබූ නිසා වන්නට බැරිද?
* පැරණි හෙළ වාස්තු විද්‍යාඥයින් හට මෙවැනි හපන්කම් කරන්නට නම් ඔවුන් හා වැඩකල හැකි දක්ශ මිනින්දෝරුවන් (surveyers) හා අපටම ආවේනික ඉතා නිවැරදි මිනුම් තාක්ශණයක් (survey technology) තිබිය යුතුම නොවේද? අදටත් කුඩා ගෙපැලක් තනන්නට පෙරද මුලින්ම සිදුකරන්නේ මිනින්දෝරුවෙකු ගෙන්වා ඉඩම මැන මිනින්දෝරු සැලැස්ම අනුමත කරගැනීම නොවේද? අද මෙන්ම එදාද එසේමය
* මේසා විශාල ඉදිකිරීම් කර්මාණ්තයක් සාර්ථකව නිමකිරීමට ඉන්ජිනේරු හා අනුබන්ධ තාක්ශණයන් දියුණුව තිබීම පමණක් ප්‍රමාණවත් නැත. ඕනෑම ඉන්ජිනේරු ව්‍යාපෘතියක සාර්ථකත්වයේ එක් පාදමක් වන්නේ සාර්ථක මූල්‍ය කළමණාකරණයයි (finance management). මෙවැනි ඉදිකිරීමක් සැළසුම් කිරීමේදී මුලින්ම සිදුවන්නේ BOQ එකක් හෙවත් Bill of Quantities එනම් ව්‍යාපෘතියට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය (උදා: ගල්, වැළි, පස්, ගඩොල්) යනාදියෙහි හා අවශ්‍ය මිනිස් සම්පත් (කම්කරුවාගේ සිට සියලුම වර්ගයේ තාක්ශණික ශිල්පීන් දක්වාම )ඉතා විස්තරාත්මක අය්තම ලැයිස්තුවක් සකසා හැකිතාක් නිවැරදිව සෑම අයිතමයකටම බරපැන ඇස්තමේන්තු කිරීමයි.
* ව්‍යාපෘති සැළසුම්කරුවන් මෙය (BOQ) ගණුදෙනුකරුවාට (මේ අවස්ථාවේදී එම ගණුදෙනු කරුවා ප්‍රාදේශීය රජෙකු විය) ලබාදෙන අතර අනුමැතියෙන් පසු මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරේ. එසේ වෙන්කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය කටයුතු සඳහා යෙදවීම, වියදම් පාළනය, සිය ගණනක් සැපැයුම්කරුවන්හට ගෙවීම, දහස් ගණනක් ශ්‍රමිකයන් හට ගෙවීම, එම ගෙවීම් ලේඛනගත කොට රජුට (හෝ රජුගේ භාණ්ඩාගාරිකට) ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන් සිදුවන්නට ඇත. මෙවැනි විශාල ව්‍යාපෘතියක සොරකම් වංචා සිදුවීමට ඇති ඉඩකඩ විශාල නිසා ඒවා වැලැක්වීම සඳහා සංකීර්ණ මූල්‍ය කළමණාකරන උපක්‍රම භාවිතාකරන්නට ඇත.
* මේ සියලුම තාක්ශණයන්ගේ මූලික පාදම කුමක්ද? - උත්තරය ගණිතය යන්නයි. හොඳින් දියුණුවූ ගණිතමය ඥාණයක් නොමැතිව මේ කිසිවක් සිදුකල නොහැකිය. සකල විධ ඉන්ජිනේරු ශිල්පයන් හා මූල්‍ය කළමණාකරණය එකට බැඳ තබන පොදු සාධකය වන්නේ ගණිතයයි. ආදි හෙළයා අතර ඉතා දක්ශ ගණිතඥයින් බොහෝ සිටින්නට ඇත.
පැරණි හෙළයාගේ සැඟවුණු තාක්ශණය හා ආර්ථික සමෘධිය
රුවන්වැලි සෑයේ සිට, ජේතවනාරාමය, අභයගිරිය, ලෝවාමහා ප්‍රාසාදය, අවුකන පිළිමය, ගල්විහාරය හා මාළිගාවිල සංකීර්ණය දක්වා ඇති සියළු හෙළ සිවිල් ඉන්ජිනේරු කර්මාණ්තයන් කිසිවක් නූතනයේ mathematics, architecture, mechanical engineering, project management, project planning, surveying, finance management (මෙම ලැයිස්තුවට තව බොහෝ තාක්ශණයන් ඇතුලත්විය යුතු බව සළකන්න) ලෙස හඳුන්වන තාක්ශණයන් හොඳින් ප්‍රගුණ නොකල ජාතියකට සිදුකල නොහැකිය. ගණිතය, විද්‍යා-තාක්ශණය මෙන්ම සකළවිධ කළාවන්ද දියුණු වන්නට නම් ඒ ජාතිය ධනවත්/සමෘධිමත් ජාතියක් විය යුතුමය.
එනම් ආදි හෙළය ඉතා සමෘධිමත්, ටොන් 100ක හිරිගල් කුට්ටියක් සැතපුම් ගණනාවක් ගෙනගොස් සිටුවා පිලිම නෙලා රෝහලක්ද සහිතව මහා විහාර කර්මාණ්තයකයකට (එනම් ලාභ නොලබන අලෞකික ව්‍යාපෘතියකට) මුදල් කන්දරාවක් යෙදවිය හැකි තරමේ ධනවත් ප්‍රාදේශීය රජුන් සිටි රටකි.


Comments
Post a Comment