NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

ELECTRICS : BYD demonstrates breakthrough charging tech - 400km range in 5 minutes charging

BYD සමාගම සිය අතිවේගී ආරෝපණ තාක්ෂණය (ultra-fast charging) ප්‍රායෝගිකව අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල පෙන්වීමට සමත්ව තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 22 වනදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන ලද වීඩියෝවක දැක්වෙන්නේ, කිලෝවොට් 746ක වේගයකින් ආරෝපණය වන ඔවුන්ගේ විදුලි මෝටර් රථයක් මිනිත්තු පහක් වැනි කෙටි කාලයක් තුළ කිලෝමීටර් 400ක දුරක් ධාවනය කිරීමට අවශ්‍ය ශක්තිය ලබා ගන්නා ආකාරයයි. 

විදුලි වාහන හිමියන් තුළ පවතින 'බැටරිය චාර්ජ් කරගැනීම පිලිබඳව ඇති සැකය හා අවිශ්වාසය' (charging anxiety) දුරු කර, ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල් ගසන වේගයෙන්ම විදුලි වාහනයක් ආරෝපණය කිරීමට හැකි බව තහවුරු කිරීම මෙමගින් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්.

මෙම විප්ලවීය ආරෝපණ තාක්ෂණය සඳහා පදනම සපයනු ලබන්නේ, 2025 වසරේ මාර්තු මාසයේදී ලොවට හඳුන්වා දුන් BYD සමාගමේ 'Super e-Platform' නැමැති නවතම තාක්ෂණික පද්ධතියයි. මගී ප්‍රවාහන වාහන ක්ෂේත්‍රය තුළ ලොව ප්‍රථම වරට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ලද 'වෝල්ට් 1000ක පූර්ණ අධි-වෝල්ටීයතා ආකෘතිය' (full-domain 1000V high-voltage architecture) නැමති තාක්ෂණයකින් මෙය බලගැන්වේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ රථයේ බැටරිය පමණක් නොව මෝටරය, වායු සමීකරණ පද්ධතිය සහ අනෙකුත් ප්‍රධාන උපාංග සියල්ලම මෙම අධි-වෝල්ටීයතා ධාරිතාවෙන් ක්‍රියාත්මක වන පරිදි නිපදවා තිබීමයි.

STRANGER THINGS - SEASON 05, VOLUME 02 IS DROPPING TODAY

Comments