What was announced?
පසුගිය නොවැම්බරයේදී Amazon MGM Studios ආයතනය 'ස්ටාර්ගේට්' (Stargate) සිනමා විශ්වය ඇසුරින් නිපදවන නවතම සජීවී ක්‍රියාදාම (live-action) රූපවාහිනී කතා මාලාවක් Prime Video හරහා එලිදක්වන බව නිවේදනය කලා.
මෙය 2011 වසරේදී 'ස්ටාර්ගේට් යුනිවර්ස්' (Stargate Universe) කතා මාලාව අවසන් වීමෙන් පසු, එම සන්නාමය යටතේ නිර්මාණය වන පළමු දීර්ඝතම රූපවාහිනී කතා මාලාව ගැනෙන අතර මෙම ප්‍රවෘත්තිය ස්ටාර්-ගේට් ලෝලීන් ගේ ඉමහත් සතුටට හේතුවී තිබෙනවා. ලංකාවේද ස්ටාර්-ගේට් ලෝලීන් අති විශාල පිරිසක් සිටින නිසා, ලංකාවටත් මේක වැදගත් පුවතක්.
Who is the creator?
ස්ටාර්ගේට් SG-1, ස්ටාර්ගේට් ඇට්ලන්ටිස් සහ ස්ටාර්ගේට් යුනිවර්ස් යන නිර්මාණවල අත්දැකීම් බහුල ලේඛකයෙකු සහ නිෂ්පාදකවරයෙකු වන මාටින් ජෙරෝ (Martin Gero), මෙහි නිර්මාණකරු, ප්‍රධාන මෙහෙයුම්කරු (showrunner), තිර රචක සහ විධායක නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරනවා.
Is this a total reboot or a continuation of the Star Gate story arc?
මෙම නිර්මාණයේ නිෂ්පාදන කටයුතු මේ වන විට මූලික අදියරේ පවතින අතර, එහි තිර රචක මණ්ඩලයේ කටයුතු (writers' room) 2026 ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිත බවයි ඇමසන් වෙතින් වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත්, මෙය ප්‍රේක්ෂකයන් වෙත මුදාහරින නිල දිනයක් මෙතෙක් තහවුරු කර නොමැත. මෙම ව්‍යාපෘතිය 'ස්ටාර්ගේට්' සන්නාමයේ සුවිශේෂී නව පරිච්ඡේදයක් ලෙස හඳුන්වා දී ඇති අතර, එය මෙතෙක් පැවති කථා පුවත් (canon) මුළුමනින්ම වෙනස් කරන 'රීබූට්' (reboot) නිර්මාණයක් නොවන බව අවධාරණය කර ඇත. පැරණි කථා තේමාවන්ට ගරු කරමින්, නැවුම් කථා කලාවක් හඳුන්වා දීම මෙහි අරමුණයි. මෙහි කථා වස්තුව පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බැවින්, ඒ පිළිබඳ වැඩිදුර විස්තර තවමත් රහසිගතව පවතී.
Chronological order of all Star Gate releases so far
'ස්ටාර්ගේට්' (Stargate) සිනමා විශ්වය තුල බිහිවූ කතාමලා ප්‍රධාන සිනමා පටයකින්, සජීවී ක්‍රියාදාම රූපවාහිනී කතා මාලා තුනකින්, ඩී.වී.ඩී. (DVD) තාක්ෂණය ඔස්සේ සෘජුවම නිකුත් වූ චිත්‍රපට දෙකකින් සහ පූර්විකා (prequel) අන්තර්ජාල කතා මාලාවකින් සමන්විත වුනා.
එම කතා නිල කාලරාමුවට (canonical timeline) අනුව, සියලුම චිත්‍රපට සහ රූපවාහිනී නිර්මාණ පෙලගස්වන කොට මේ විධියට ඒවා දකින්න පුලුවන්.
ස්ටාර්ගේට් ඔරිජින්ස් (Stargate Origins - 2018 Web Series කතා මාලාව): 1939 වසරේ පසුබිම මත නිර්මාණය වූ මෙම පූර්විකා (prequel) කතා මාලාව මගින් 'ස්ටාර්ගේට්' සොයාගැනීම හා සම්බන්ධ මුල්කාලීන සිදුවීම් ගවේෂණය කරනු ලබයි.
ස්ටාර්ගේට් (Stargate - 1994 සිනමා පටය): 1994-1995 කාලසීමාව පදනම් කරගත් මෙම මුල්ම සිනමා කෘතිය මගින් 'ස්ටාර්ගේට්' පළමු වරට ක්‍රියාත්මක කිරීම සහ 'ඇබිඩෝස්' (Abydos) ග්‍රහලෝකය වෙත සිදුකරන මෙහෙයුම නිරූපණය මෙහෙයුම මෙන්ම රා නම් පිටසක්වල ජීවියා ගැන විස්තර ලබා දෙනවා.
ස්ටාර්ගේට් SG-1 (Stargate SG-1 - 1997–2007, Seasons 10ක්, Episodes 214ක්): මුල් සිනමා පටයේ සිදුවීම්වලින් වසරකට පසුව ආරම්භ වන මෙම කතා මාලාව දශකයක පමණ කාලයක් පුරා විහිදී යයි. මෙය සමස්ත සන්නාමයේ ප්‍රධානතම කොටස ලෙස සැලකෙන අතර, 'ස්ටාර්ගේට් විධාන මධ්‍යස්ථානය' (Stargate Command) මෙන්ම 'ගෝල්ඩ්' (Goa'uld) සහ පසුව පැමිණෙන 'ඔරි' (Ori) වැනි සතුරු බලවේග හඳුන්වා දෙනවා.
ස්ටාර්ගේට්: ද ආක් ඔෆ් ටෘත් (Stargate: The Ark of Truth - 2008 DVD only live action movie): 'ස්ටාර්ගේට් SG-1' කතා මාලාවේ අවසාන කතා සමයයන්හි දැක්වුණු 'ඔරි' (Ori) කථා පුවත සෘජුවම ඉදිරියට ගෙන යන මෙම චිත්‍රපටය, ඔරි පිලිබඳව කතාපුවත අවසානයකට ගෙන එනවා.
ස්ටාර්ගේට් ඇට්ලන්ටිස් (Stargate Atlantis - 2004–2009, Seasons 5ක්, Episodes 100ක්): මෙම කතා මාලාව 'ස්ටාර්ගේට් SG-1' හි 8 වන සීසන් එකේ සිට 10 වන සීසන් එක දක්වා වූ කාලරාමුව තුළම ('පෙගසස්' මන්දාකිණිය පසුබිම් කර ගනිමින්) දිග හැරෙන අතර, ඉන් පසුවද ඉදිරියට ගලා යයි. මෙහි 4 වන සහ 5 වන කතා සමයයන්හි සිදුවීම් 'ද ආක් ඔෆ් ටෘත්' (The Ark of Truth) චිත්‍රපටයේ සිදුවීම්වලින් පසුව සිදුවන බව දක්වා ඇත.
ස්ටාර්ගේට්: කන්ටිනුවම් (Stargate: Continuum - 2008 Direct to DVD චිත්‍රපටය): කාලතරණය (time travel) පදනම් කරගත් විකල්ප කාලරාමුවක් (alternate timeline) ඔස්සේ දිග හැරෙන මෙම කථා පුවත, කාලානුක්‍රමිකව 'ස්ටාර්ගේට් ඇට්ලන්ටිස්' 4 වන කතා සමය අතරතුර හෝ ඉන් සුළු මොහොතකට පසුව සිදුවන සිදුවීම්වලට අනුකූල වෙනවා.
ස්ටාර්ගේට් යුනිවර්ස් (Stargate Universe - 2009–2011, Seasons 2ක්, Episodes 40ක්): 'ස්ටාර්ගේට් ඇට්ලන්ටිස්' හි සිදුවීම්වලින් සුළු කලකට පසුව මෙහි කථා වස්තුව දිග හැරෙන අතර, 'ඩෙස්ටිනි' (Destiny) නම් පිටසක්වලයින් නිර්මාණය කල පැරණි අභ්‍යවකාශ යානයක ගමන් ගන්නා නව ගවේෂණ කණ්ඩායමක අත්දැකීම් නිරූපණය කරනවා.

Comments
Post a Comment