INDUSTRIAL ESPIONAGE: Samsung Employees Arrested for Leaking Advanced Memory Technology to China's CXMT
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් (Samsung Electronics) සමාගමට අයත් රහසිගත 10nm DRAM තාක්ෂණය චීනයේ ChangXin Memory Technologies (CXMT) ආයතනය වෙත හොර රහසේ ලබා දීමේ චෝදනාව මත, එම සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සහ පර්යේෂකයන් ඇතුළු සේවකයින් 10 දෙනෙකුට එරෙහිව දකුණු කොරියානු බලධාරීන් විසින් 2025 දෙසැම්බර් අගභාගයේදී අධිචෝදනා ගොනු කලා.
විමර්ශකයින් වාර්තාකල ප්‍රධාන සොයාගැනීම්
තාක්ෂණය සොරකම් කිරීම: ඩිජිටල් නිරීක්ෂණන්ට හසු නොවී සිටීම සඳහා, එක් පර්යේෂකයෙකු විසින් නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ රහසිගත පියවර සිය ගණනක් (Process Recipe Plan) අතින් ලියා පිටපත් කරගෙන තිබෙනවා. ඔහු 2016 වසරේදී CXMT සමාගමට එක්වීමට පෙර මෙම සොරකම සිදු කර ඇති බවයි හෙළි වී තිබෙන්නේ.
ඔත්තු බැලීමේ උපක්‍රම: මෙම පිරිස විමර්ශන නිලධාරීන්ගෙන් බේරීම සඳහා ව්‍යාජ සමාගම් (Shell companies) භාවිතා කර ඇති අතර, නිරන්තරයෙන් තම කාර්යාල පවත්වාගෙන ගිය ස්ථාන මාරු කර තිබෙනවා. එමෙන්ම, අත්අඩංගුවට පත්වීමේ අවදානමක් හෝ විදේශ ගමන් තහනමක් පැනවූ විට ඒ පිළිබඳව එකිනෙකා දැනුවත් කිරීමට "හදවත් සංකේත හතරක් (♥♥♥♥)" වැනි රහස් සංඥා ක්‍රම භාවිතා කර ඇති බවත් අනාවරණය වුණා.
මූල්‍යමය දිරිගැන්වීම්: සැම්සුන් ආයතනයෙන් ඉවත් වී පැමිණි මෙම සේවකයින්ට වොන් බිලියන 1.5 සිට 3 දක්වා (ඩොලර් මිලියන 1.1 සිට 2.2 දක්වා) අධික වාර්ෂික වැටුප් ගෙවා තිබෙනවා. මෙය ඔවුන් සැම්සුන් ආයතනයේ සේවය කරන විට ලැබූ වැටුප මෙන් තුන් ගුණයක සිට පස් ගුණයක් දක්වා වැඩි අගයකි.
SK Hynix සමාගමේ සම්බන්ධය: මෙම විමර්ශනයේදී තවදුරටත් හෙළි වී ඇත්තේ, CXMT සමාගම 2020 වසරේදී SK Hynix සමාගමට සම්බන්ධ සහකාර ආයතනයක් මාර්ගයෙන් ඔවුන්ගේ DRAM තාක්ෂණයට අදාළ අමතර තොරතුරු ද රහසිගතව ලබාගෙන ඇති බවයි.
සැම්සුන්ග් සමාගමට එල්ල වූ බලපෑම
අහිමිවූ තරඟකාරී වාසිය හා තාක්ෂණික නායකත්වය: සැම්සුන් (Samsung) සමාගම මෙම 10nm තාක්ෂණය නිපදවීම සඳහා වසර පහක කාලයක් සහ වොන් ට්‍රිලියන 1.6ක (ඩොලර් බිලියන 1.08ක) දැවැන්ත ආයෝජනයක් සිදු කර තිබුණි. එම ආයෝජනයේ ප්‍රතිපල සොරා ගැනීම නිසා ඔවුන්ට වෙළඳපොලෙන් ලැබිය යුතුව තිබුණු තරඟකාරී වාසිය හා එම තාක්ෂණ ක්ශේස්ත්‍රයේ නායකත්වය අහිමිවිය.
චීන සමාගමට වෙළඳපොල ආක්‍රමණය පහසුවීම: සොරකම් කරන ලද මෙම දත්ත උපයෝගී කරගනිමින් 2023 වසරේදී 10nm DRAM තාක්ෂණය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ලොව හතරවන සමාගම මෙන්ම චීනයේ පළමු සමාගම වීමට CXMT ආයතනයට හැකි විය. එමෙන්ම, ඔවුන්ගේ නවතම High-Bandwidth Memory (HBM) තාක්ෂණික ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූලික පදනම ද මෙම දත්ත හරහා ඔවුන්ට හිමි විය.
අහිමිවූ ආදායෙමන් වූ මූල්‍යමය පාඩුව: මෙම සිදුවීම හේතුවෙන් 2024 වසරේදී පමණක් සැම්සුන් සමාගමට වොන් ට්‍රිලියන 5ක (ඩොලර් බිලියන 3.7ක) ආදායම් පාඩුවක් සිදුව ඇති බව රජයේ අභිචෝදකයන් ගණන් බලා ඇත. දකුණු කොරියානු ජාතික ආර්ථිකයට සිදුව ඇති සමස්ත දිගුකාලීන හානිය වොන් ට්‍රිලියන දස දහස් ගණනක් වනු ඇතැයි බලධාරීන් අනාවැකි පළ කරයි.

Comments
Post a Comment