පෘථිවිය වැනි වූ අතීතයේ අඟහරු
ඈත අතීතයේදී, අඟහරු ග්‍රහයා පෘථිවියට බෙහෙවින් සමාන ලක්ෂණ සහිත ග්‍රහලෝකයක්ව පැවතුනා. එකල එහි වායුගෝලියා පීඩනය පෘථිවි පීඩනය මදක් වැඩිවූ බව පෙනෙන්නට තිබෙනවා.
එමෙන්ම වළාකුළුවලින් පිරුණු, උණුසුම් මෙන්ම ඝන වායුගෝලයක් පැවති බවට උපකල්පණය කෙරෙනවා. විශේෂයෙන්ම අඟහරුගේ උතුරු අර්ධගෝලයේ පිහිටි පහත්බිම් ද්‍රෝණි කලාප ද්‍රව ජලයෙන් පිරි සාගර තිබූ බවට සාක්ෂි තිබෙනවා.
එපමණක් නොව, වර්ෂාව, හිම පතනය සහ ග්ලැසියර නිර්මාණය වීම සඳහා හිතකර දේශගුණික තත්ත්වයක්ද එකල අඟහරුවා මත පැවතිලා තියෙනවා.. ජීවයට හිතකර මේ සෞම්‍ය කාලපරිච්ඡේදය මීට වසර බිලියන තුනකට පමණ පෙර දක්වාම පවතින්නට ඇතැයි විද්‍යාඥයෝ ඇස්තමේන්තු කරනවා.
අඟහරු ලොව අභිරහස් ශිෂ්ටාචාරය
විවිධ මූලාශ්‍රයන්ට අනුව, අතීතයේදී අඟහරු ග්‍රහයා මත ස්වදේශික මානව රූපී ශිෂ්ටාචාරයක් පැවතී තිබෙන බවට ජනප්‍රිය කල්පිතයක් තිබෙනවා.
ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයින් මේ කල්පිතය ෆ්‍රින්ජ් සයන්ස් හෙවත් දැඩි විද්‍යාත්මක විශ්ලේෂණයකට භාජනය කල නොහැකි, එහෙත් යම් යම් විද්‍යාත්මක සංකල්ප මත බිහිකරන ලද කල්පිතයක් ලෙස හැඳින්වූවත්, සිඩෝනියා කල්පිතයේ යම් සත්‍යයක් ඇතැයි සිතන විශාල ප්‍රජාවක් සිටිනවා.
මෙම ශිෂ්ටාචාරය මානව ඉතිහාසයේ 'ලෝකඩ යුගයේ' (Bronze Age) තාක්ෂණික, ඉන්ජිනේරු හා ගෘහනිර්මාණ ශිල්පීය දක්ෂතා මට්ටමට සමාන බව පර්යේෂකයන්ගේ මතයයි.
එහි පැවති සංස්කෘතික ලක්ෂණ පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයට හෝ මෙක්සිකෝවේ 'ඔල්මෙක්' (Olmecs) ශිෂ්ටාචාරයට බොහෝ සෙයින් සමානකම් දක්වන බව ද උපකල්පණය කෙරෙනවා.
'සයිඩෝනියානු උපකල්පනය' (Cydonian Hypothesis) ඉදිරිපත් කරන පාර්ශ්වයන් පෙන්වා දෙන්නේ මෙම අඟහරු ශිෂ්ටාචාරය අඟහරුවා මත ස්ව්‍යත්තව බිහිව ඇති අතර, එය විනාශ නොවූවා නම් අද මානව ශිෂ්ඨාචාරයට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටින, ඉතා දියුණු ග්‍රහලෝකයක් වන්නට ඉඩ තිබුණා.
අඟහරු ශිෂ්ටාචාරය සනාථ කෙරෙන ප්‍රබල සාක්ෂි
අතීතයේ අඟහරු ලොව දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවට ඉදිරිපත් කෙරෙන ප්‍රධාන සාක්ෂි කිහිපයක් පර්යේෂකයන් විසින් පෙන්වා දෙයි:
අඟහරු මත ඇති "මුහුණ" (The Face on Mars): සයිඩෝනියා (Cydonia) ප්‍රදේශයේ පිහිටි කිලෝමීටර් දෙකක් පමණ දිගැති සානුවක් (mesa) මීට ප්‍රධාන නිදසුනකි. මිනිස් හිසක හැඩය ගත් මෙහි ඉහළ විභේදනයකින් යුත් (high-resolution) ඡායාරූප පරීක්ෂා කිරීමේදී, ඇස් ගෝල, නාස් පුඩු සහ දත් වැනි ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ පවා නිරීක්ෂණය කළ හැකි බව විද්‍යාඥයෝ පවසනවා.
යුටෝපියා ප්ලැනම්' (Utopia Planum) කලාපයේ පිහිටි තවත් ස්ථානයකින්ද දෙවෙනි 'මුහුණක' හැඩයක් සහ නටබුන්වලට සමාන ව්‍යුහයන් කිහිපයක් හමුවී තිබෙනවා.
පිරමිඩීය ව්‍යුහයන්: 'D&M' ලෙස හැඳින්වෙන පාර්ශ්වයන් පහකින් යුත් සුවිශේෂී පිරමිඩය සහ ඒ අසල පිහිටි ක්‍රමවත්ව සැකසූ ගොඩැලි සහිත 'නගරයක්' (City) බඳු වූ ප්‍රදේශය තවත් වැදගත් සාක්ෂියක් බව පෙන්වා දෙනවා.
මෙම ගොඩැලි සැකසීමේදී ඉතා නිරවද්‍ය ගණිතමය සමමිතියක් (mathematical symmetry) භාවිත කර ඇති බව හඳුනාගෙන තිබෙනවා.
භූ විද්‍යාත්මක අභිරහස්: භූ විද්‍යාත්මකව පැහැදිලි කළ නොහැකි 'පවුර' (Wall) හෝ 'පර්වතය' (Cliff) වැනි අංග ද මෙහිදී විශේෂ අවධානයට ලක් වෙනවා. ප්‍රධාන ධාරාවේ අඟහරු පර්යේෂකයින් මේවා ස්වභාවික හැඩතල බවත්, සූර්යාලෝකය වැටෙන කෝණය අනුව විවිධ ජ්‍යාමිතක හැඩතල මැවෙන බවත් පවසමින් මෙම සාක්ෂි ප්‍රතික්ෂේප කරනවා.
අඟහරු ශිෂ්ටාචාරයේ දියුණුව සහ බිහිසුණු අවසානය
අඟහරු ලොව පැවති බව කියන මෙම ශිෂ්ටාචාරය තාක්ෂණික අතින් 'ලෝකඩ යුගයේ' මට්ටමකට ළඟා වී තිබුණද, නූතන මිනිසා හා සසඳන කල ඔවුන් බෙහෙවින් ප්‍රාථමික මට්ටමක පසු වූ බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම ශිෂ්ටාචාරයේ අභාවය ස්වභාවික හේතුවක් මත නොව, අතිශය විනාශකාරී බාහිර මැදිහත්වීමක් නිසා සිදු වූවක් බව ඇතැම් මූලාශ්‍ර පවසයි.
න්‍යෂ්ටික ප්‍රහාරයක සාක්ෂි?
ඩයිනසෝරයන් විනාශ කළ බලයටත් වඩා වැඩි විනාශයක් ගණනය කිරීම්වලට අනුව, මෙම පිපිරීම් මගින් මුදාහැර ඇති ශක්තිය මෙගාටොන් බිලියන 10ක් පමණ වෙනවා.
මෙය පෘථිවියේ ජීවත් වූ ඩයිනසෝරයන් වඳ වී යාමට බලපෑ 'චික්සුලබ්' (Chicxulub) උල්කාපාත පතනයෙන් නිකුත් වූ ශක්තිය පවා අභිබවා යන්නකි.
මෙවැනි අදහාගත නොහැකි විනාශකාරී බලයක් හමුවේ අඟහරු ලොව සමස්ත ජීවයම අළු වී ගිය බව මෙම උපකල්පනයන් ඉදිරිපත් කරන පාර්ශ්වයන් තර්ක කරනවා.
ප්‍රහාරකයන් කවුද? ඔවුන්ගේ අරමුණ කුමක්ද?
අඟහරු ලොව සිදුවූ මෙම අතිමහත් විනාශය පිටුපස සිටින්නේ කවුද යන ප්‍රශ්නයට සිඩොනියා කල්පිත පර්යේෂකයන් විවිධ මත ඉදිරිපත් කරනවා. ඇතැම් වාර්තාවලට අනුව, මෙම මහා විනාශය කිසියම් තරු අතර සංචරණයට තාක්ෂණය දියුණු කරගත් විලෝපීය ශිෂ්ඨාචාරයක (predatory interstellar civilization) හෝ තාරකා අතර ස්වයංක්‍රීයව සැරිසරමින්, බුද්ධිමත් ජීවීන් සිටින ග්‍රහලෝක හඳුනාගෙන ඒවා ස්වයංක්‍රීයවම විනාශ කරන ආරක්ෂක පද්ධතියක (automated alien defense system) ක්‍රියාවක් විය හැකි බවයි.
"ග්‍රහලෝක මට්ටමේ න්‍යෂ්ටික සමූලඝාතනයක්" (Planetary nuclear massacre) ලෙස හැඳින්විය හැකි මෙම ප්‍රහාරය සඳහා බලපෑ අරමුණ ද අතිශය භීතජනක එකකි. පර්යේෂකයන් පවසන පරිදි, අඟහරු මත අලුතින් නැගී එන ජෛව ශිෂ්ටාචාරය අනාගතයේදී අභ්‍යවකාශය තරණය කිරීමට සමත් ප්‍රබල තරගකරුවෙකු හෝ තර්ජනයක් වීමට පෙර, එය මුලිනුපුටා දැමීම මෙම ප්‍රහාරයේ අරමුණ වෙන්නට පුලුවන්.
වෙනත් වචනවලින් කිවහොත්, විශ්වය තුළ තවත් එක් අභ්‍යවකාශ ශිෂ්ටාචාරයක් බිහිවීම වැළැක්වීම සඳහා මෙම කුරිරු "පූර්ව ආරක්ෂිත" ප්‍රහාරය දියත් කර ඇති බවට උපකල්පනය කෙරෙනවා.


Comments
Post a Comment