
Who Built the Stargates and Why?
"ස්ටාර්ගේට්නි ර්මාණය කරනු ලැබුවේ 'ඒන්ෂන්ට්ස්' නමින් හැඳින්වෙන දියුණු මානව වර්ගයක් විසින් බව විශ්වාස කරනවා. (මොවුන් ඇල්ටෙරන්වරුන්, ලැන්ටියන්වරුන් හෝ ද්වාර නිර්මාණකරුවන් ලෙසද හඳුන්වනවා). මොවුන් විශ්වයේ අප දන්නා ඉපැරණිතම මෙන්ම තාක්ෂණික අතින් වඩාත්ම දියුණු ශිෂ්ටාචාරයන්ගෙන් එකක් බවට හඳුනාගන්න පුලුවන්.
What we know about Ancients
ඈත එපිට මන්දාකිණියක (Galaxy) සම්භවය ලැබූ ඒන්ෂන්ට්ස් නම් මානව ශිෂ්ඨාචාරය මීට වසර මිලියන ගණනකට පෙර 'ඔරායි' (Ori) නැමැති තවත් ඉහළ දියුණු ශිෂ්ටාචාරයක් සමඟ ඇති වූ මතවාදී ගැටුමක් හේතුවෙන් ක්ෂීරපථය (Milky Way) වෙත සංක්‍රමණය වුනා.
ඔවුන් පැමිණි කාලය දරුණු වසංගතයකින් පසු අවස්ථාවක් වූ අතර මෙම වසංගතය නිසා ක්ෂීරපථය පුරා ඇති ජීවයට සුදුසු ග්‍රහලෝකවල ජීවය විනාශව ගොස් තිබුණා. ඔවුන්, පෘථිවිය මත මුල්කාලීන මානවයන් ඇතුළු ජීවය යළි ස්ථාපිත කළ අතර, පසුව අතිවිශාල අන්තර් තාරකා ශිෂ්ටාචාරයක් ගොඩනැගුවා.
මන්දාකිණිය පුරා සීඝ්‍ර ගමනාගමනය, ගවේෂණය සහ ජනාවාසකරණය පහසු කිරීම සඳහා ඔවුන් ස්ටාර්ගේට් ජාලය නිර්මාණය කලා. මෙම ජාලය හරහා ග්‍රහලෝක අතර ක්ෂණික ප්‍රවාහන පහසුකම් සැලසුණු අතර, එමඟින් වාසයට සුදුසු ලෝක එකිනෙක සම්බන්ධ කිරීමටත් දැනුම හුවමාරු කර ගැනීමටත් ඔවුන්ට හැකිවුනා. ඒ මගින් ඔවුන් ක්ෂීරපථය තුල ජීවය වඩාත් උසස් මට්ටමකට ගෙන ආවා.
How did ancients built Star Gates on so many worlds?
ඒන්ෂන්ට්වරු ක්ෂීරපථයේ කාබන් ජීවයට සුදුසු ග්‍රහලෝක දස දහස් ගණනක ස්ටාර්ගේට් සවිකරලා තියෙනවා. මේ ග්‍රහලෝකවලට ස්ටාර්ගේට් යන්ත්‍ර සවිකරලා ඒවායේ තොරතුරු දත්තගබඩා වලට ඇතුලු කරලා තියෙන්නේ ඒන්ෂන්ට් වරුන් නිර්මාණය කල "seed ships" ලෙසින් හැඳින්වෙන , කෘත්‍රිම බුද්ධියෙන් යුතු අභ්‍යවකාශ යානාවලින්. මෙවැනි යානා දහස් යවලා තියෙනවා.
ස්ටාර්ගේට් එකක් ස්ථාපනය කරන්නට සුදුසු ග්‍රහලෝකයක් හමුවුනාම එය මත ස්වයංක්‍රීයවම ස්ටාර්ගෙට් එකක් සවිකරන සීඩ් ෂිප් යානා, විශ්වය පුරාවිහිදුනු ස්ටාර්ගේට් පද්ධතියටම එම ස්ටාර්ගේට් එකේ ස්ථානය පිලිබඳව තොරතුරු (stargate address) සම්ප්‍රේෂණය කරනවා.
ස්ටාර්ගේට් යනු ජාලයක් හා සම්බන්ධ වූ අන්තර් ග්‍රහලෝක ප්‍රවාහන යන්ත්‍රයක් ලෙස සරලව විස්තර කරන්න පුලුවන්. මෙය කෘතිම මෙන්ම ස්ථාවර 'වර්ම්හෝල්' (Wormhole) එකක් හෙවත් 'අයින්ස්ටයින්-රොසෙන් පාලමක්' බිහිකරන ද්වාරයක් ලෙස ක්‍රියා බිහිකරන මෙමගින්. අභ්‍යවකාශයේ ඉතා ඈතින් පිහිටි ස්ථාන දෙකක් අතර ක්ෂණිකව ගමන් කිරීමේ හැකියාව නිර්මාණය කරනවා.
නක්වඩාහ් නම් අතිශයින්ම ශක්තිමත් ලෝහයකින් නිර්මාණය කර ඇති ස්ටාර්ගේට් බොහෝ විනාශයන්ට හා ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර තිබෙනවා. ස්ටාර්ගේට් එකෙන් යන්නට අදහස් කරන අනෙක් ස්ටාර්ගෙට් එකේ තොරතුරු ඇතුලු කරන්නේ "Dial Home Device" නම් පෙඩෙස්ටලයක් මෙන් පෙනෙන යන්ත්‍රයකට.
නියමිත ලෙස ස්ථාපනය වූ ස්ටාර්ගේට් එකකට බලය ලබාදෙන්නේ ඩයල් හෝම් ඩිවයිසය මගින්. එහි ඇති කොන්ට්‍රෝල් ක්‍රිස්ටල්ස් නම් අතිශයින්ම බලසම්පන්න පාලන පරිගණක මගින් තත්පරයට ගණනය කිරීම් බිලියන ගණනක් සිදුකරලා ගමන් කරන්නාට ඇතුලු කල ස්ටාර්ගේට් එක ඒ මොහොතේ විශ්වයේ තිබෙන ස්ථානය නිවැරදිව නිශ්චය කරගෙන පණු සිදුර විවෘත කරනවා.
ගමනාන්ත ග්‍රහලෝකයක ස්ථානය ස්ටාර්-ගේට් යන්ත්‍රයට ඇතුලත් කිරීම සඳහා සංකේත 6ක් භාවිත කරන අතර, එමඟින් අදාළ ග්‍රහලෝකයට දර්ශනය වන තාරකා මණ්ඩල (Constellations) පදනම් කරගනිමින් අභ්‍යවකාශයේ ත්‍රිමාණ ලක්ෂ්‍යයක් නිර්වචනය කරනු ලබනවා. මීට අමතරව, 7 වන සංකේතය මඟින් අදාළ ස්ටාර්ගේට් ද්වාරය පිහිටි ආරම්භක ස්ථානය (Point of origin) හඳුනා ගන්නවා. ඒ අනුව ආරම්භක ග්‍රහලෝකයේ ස්ටාර්-ගේට් යන්ත්‍රය හා ගමනාන්ත ග්‍රහලෝකයේ ස්ටාර්-ගේට් යන්ත්‍ර එකිනෙකා හඳුනාගෙන පණු සිදුර විවරකිරීමට කටයුතු කරනවා. මන්දාකිණි අතර (Intergalactic) ගමන් කිරීම සඳහා අතිරේක 8 වන සංකේතයක් ද අවශ්‍ය වන බවයි පැවසෙන්නේ.
Comments
Post a Comment