NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

Thank You 2025 for Andor! |ස්ටාර් වෝස් ප්‍රබන්ධ විශ්වයේ සුපිරිම ටෙලිවිෂන් සීරීස් එක, ඇන්ඩෝර්

Battle of Yavin, Star Wars: Episode IV – A New Hope (1977)

Andor සහ Rogue One යන නිර්මාණවල සිදුවීම් මැනවින් තේරුම් ගැනීමට නම්, 1977 වසරේ තිරගත වූ Star Wars: Episode IV – A New Hope චිත්‍රපටයේ එන 'Battle of Yavin' හෙවත් යැවින් සටන පිළිබඳ මූලික අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත්.

බැටල් ඔෆ් යැවින් නම් තීරණාත්මක සටන සිදු වූයේ යැවින් (Yavin) ග්‍රහ පද්ධතියේ පිහිටි 'යැවින් 4' (Yavin 4) උප ග්‍රහයා කේන්ද්‍ර කර ගනිමිනි. එම අවධියේදී කැරලිකාර සන්ධානයේ (Rebel Alliance) රහසිගත මූලස්ථානය පිහිටා තිබුණේ යැවින් 4 උපග්‍රහයා මතුපිටයි.

හාන් සෝලෝගේ මිලේනියම් ෆැල්කන් (Millennium Falcon) යානයට සවිකළ රහසිගත tracking device උපකරණයක් ආධාරයෙන් මෙම මූලස්ථානය සොයාගත් අධිරාජ්‍ය හමුදාවන්, එය විනාශ කිරීම සඳහා සිය 'ඩෙත් ස්ටාර්' (Death Star) මාරක අවිය එම කලාපයට රැගෙන ආවා.

කෙසේ වෙතත්, Rogue One චිත්‍රපටයේ දැක්වෙන පරිදි මෙම ඩෙත් ස්ටාර් අවියේ තාක්ෂණික සැලසුම් සොරා ගැනීමට ලූක් ස්කයිවෝකර්, හාන් සෝලෝ, ලේයා කුමරිය ඇතුලු කැරලිකරුවන් සමත් වී තිබුණි. 

ඒ අනුව එහි වූ එක් සුවිශේෂී දුර්වලතාවක් ඔස්සේ ප්‍රහාර එල්ල කරමින් ඩෙත් ස්ටාර්  විනාශ කිරීමට කැරලිකරුවන් ඉතා අසීරු මෙහෙයුමක් දියත් කරන ලද අතර, තනි ප්‍රහාරක යානයකින්, ඩෙත් ස්ටාර් මතුපිට පිහිටි එක්තරා විවරයක් (exhaust vent) තුලට ටෝපිඩෝවක් යැවීමෙන් ඩෙත් ස්ටාර් මාරක අවියට ජවය දෙන පරමාණු ප්‍රතික්‍රියාකාරක පුපුරවා හැරීම සැලැස්ම වුනා. 

රෝග් වන් චිත්‍රපටය තුල ඩෙත් සටාර් නිර්මාණයට දායකවූ ප්‍රධාන සැලසුම් ඉන්ජිනේරුවා වූ ගේලන් අර්සෝ, සිය දියණිය වන ජින් අර්සෝ වෙත එම තොරතුරු ලබාගැනීමට උදව් වූ හැටිත්, ඇය ඇතුලු කණ්ඩායමක් තොරතුරු සොරා ගන්න හැටිත් පෙන්වනවා.

ලූක් ස්කයිවෝකර් විසින් 'ඩෙත් ස්ටාර්'  විනාශ කළ 'යැවින් සටන', ස්ටාර් වෝර්ස් විශ්වයේ කෙතරම් තීරණාත්මක සිදුවීමක් ද යත්, මුළු සමස්ත මන්දාකිණි දින දර්ශනයම මැනීමට භාවිතා කරන්නේ මෙම සුවිශේෂී වසරයි.

ඒ අනුව, 'BBY' යන්නෙන් 'යැවින් සටනට පෙර' (Before the Battle of Yavin) කාලයත්, 'ABY' යන්නෙන් 'යැවින් සටනට පසු' (After the Battle of Yavin) කාලයත් අදහස් කෙරේ. 

Battle of Yavin = Year Zero of the Star Wars Universe

Events Before the Battle of Yavin - BBY

Events After Battle of Yavin - ABY

ඒ අනුව යම් සිදුවීමක් 4BBY සිදුවූ බව ප්‍රකාශ කෙරෙනවා නම්, එය සිදුවී ඇත්තේ යැවින් සටනට වසර 4කට පෙරයි.

Andor Season 1 (5 BBY)

ඇන්ඩෝර් සීසන් 01, යැවින් සටනට වසර පහකට පෙර සිදුවීම් දාමයක් ගෙන හැර දක්වනවා. සෙනෙට් සභික පැල්පටීන් ක්‍රමයෙන් ඒකාධිපතියෙකුවී අධිරාජ්‍යයක් බිහිකරගෙන, එය දැඩිලෙස පාලනයට යටත් කරගන්නා ආකාරයත්, එයට ප්‍රතිරෝධය දක්වන්නන්, අධිරාජ්‍ය විරෝධී සටන්කාමීන් බවට පත්වෙන ආකාරයත්, ඔවුන් සම්බන්ධීකරණය කරමින්, ඒකාබද්ධ සටන්කාමී පෙරමුණක් බිහිකිරීමට, එක්තරා රහස් ඔත්තු කණ්ඩායමක් සිදුකරන සූක්ෂ්ම ව්‍යාපෘතියත් ගෙන හැර දක්වනවා.

"Andor පළමු කථා සමය (Season 1) කථාංග 12කින් සමන්විත වන අතර, එහි සියලු සිදුවීම් දිගහැරෙන්නේ යාවින් සටනට වසර 5කට පෙර (5 BBY) කාලසීමාව තුළයි. මෙහි ප්‍රධාන වශයෙන්ම දැකගත හැක්කේ කැසියන් ඇන්ඩෝර් (Cassian Andor) නමැති තරුණයා කැරලිකාර ව්‍යාපාරයට සම්බන්ධ වන ආකාරය සහ ක්‍රමයෙන් ඔහු තුළ අධිරාජ්‍යයට විරුද්ධව කල හැකි සියල්ලම සිදුකීරීමේ අධිෂ්ඨානය ඇතිවන ආකාරය පෙන්වනවා.

Andor Season 01 සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයක්

Cassian in Morlana One - පැරණි අභ්‍යවකාශ යානා හා වෙනත් අබලි ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සිය ප්‍රධාන කර්මාණ්තය කරගත් ෆෙරික්ස් නම් ග්‍රහලෝකයේ අන්වර්ත නාමයකින් ජීවත් වෙන කැසියන් ඇන්ඩෝර්, රහසේම සිය අතුරුදන් වූ සොහොයුරිය සෙවීමට පතල් කැණීම් සිදුකරන සමාගමක් යටතේ පාලනය වන 'මොර්ලානා වන්' (Morlana One) ග්‍රහලෝක යට ගොස් සිටින අවස්ථාවකදී එම සමාගමේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කරන කැසියන්, බලධාරීන්ගෙන් බේරී පලා යන්නට කරන උත්සහය පෙන්වනවා.

Joining the Mission at Aldhani: රහසිගත කැරලිකාර නායකයෙකු හා කැරළිකරුවන්ගේ සන්ධානයක් බිහිකීරීමට සූක්ෂම රහස් ඔත්තු මෙහෙයුමක් සිදුකරන ලූතන් රායෙල් (Luthen Rael) මුණගැසෙන කැසියන්, 'අල්දානි' ග්‍රහලෝකයේ පිහිටි අධිරාජ්‍ය යුද කඳවුරකින් මුදල් කොල්ලකෑමේ භයානක මෙහෙයුමකට එක්වෙනවා. චක්‍රවාටය තුල සුවිශේෂී පිහිටීමක් සහිත අල්දානි ග්‍රහලෝකය, එම පිහිටීම නිසා අධිරාජ්‍යයේ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදවා ගෙන ඇති අතර, එහි ඉම්පීරියල් ක්‍රෙඩිට් නැමති අධිරාජ්‍යයේ මුදල්වර්ගය ඇති විශාල ගබඩාවක්ද තිබෙනවා. කැසියන් ඇන්ඩෝර් එම මුදල් ගබඩාවක් කොල්ලකෑමේ මෙහෙයුමට එක්වෙනවා.

Narkina 5 Supermax Prison: අල්දානී මුදල් ගබඩාව කොල්ලකා, ලූතන් පොරොන්දුවූ ආකාරයට ලබාදුන් මුදල්ද රැගෙන සැඟව කාලය ගත කිරීමට නාර්කිනා 5 ග්‍රහලෝකයට යන කැසියන් අත් අඩංගුවට පත්වන්නේ අනපේක්ෂිත ලෙසයි. ඒ නිකරුනේ ගැවසීමේ වරදටයි. අල්දානි කොල්ලයෙන් පසු, පැල්පටීන් අධිරාජ්‍යයා නම් දරුණු නීතිය බලාත්මක කරන අතර, ඒ අනුව අධිරාජ්‍යයේ ඕනෑම ග්‍රහලෝකයක නීති කඩකරන්නන්ට දැඩි දඬුවම් පැනවෙනවා.

ඒ අනුව වහල් ශ්‍රමයෙන් අධිරාජ්‍යයට අයත් උපාංග නිපදවන සිර කඳවුරකට ඔහුව පිටුවහල් කරනවා. 'නාර්කිනා 5' (Narkina 5) සිරකඳවුරේදී අනෙකුත් සිරකරුවන් සමඟ එක්ව දැවැන්ත බන්ධනාගාර පලායාමක් සංවිධානය කරයි. මෙම සිරකරුවන් විසින් නිපදවමින් තිබුණේ Death Star Super Laster Weapon සඳහා අවශ්‍ය EP-N5 නැමති කොටස් බව Season 01 අවසානයේ පෙන්වන post-credit scene එකකින් හෙළිදරව් වෙනවා.

Mon Mothma's support for the rebellion: මීට සමාන්තරව සෙනෙට් මන්ත්‍රී මොන් මොත්මා (Mon Mothma) අධිරාජ්‍යයේ සීමා කිරීම් මධ්‍යයේ රහසිගතව කැරලිකරුවන්ට මුදල් සපයන ආකාරයත්, අධිරාජ්‍ය ආරක්ෂක බුද්ධි සේවය හෙවත් ISB සේවයේ අධීක්ෂක ධුරයක් හොබවන ලුතිනන් ඩෙඩ්‍රා මීරෝ හා ඇයගේ අණදෙන නිළධාරීන් මේජර් ලියෝ පාර්ටගාස්, ලූතන් රායෙල් මෙහෙයවන කැරළිකරුවන්ගේ රහස් ඔත්තු හා කඩාකප්පල් කාරීක්‍රියා මෙහෙයවන කණ්ඩායම හඹා එන ආකාරය පෙන්වනවා.

Uprising at Ferrix: කැසියන් අත්අඩංගුවට ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වීමත් සමඟ, අධිරාජ්‍යය විසින් ෆෙරික්ස් (Ferrix) ග්‍රහලෝකයේ පැවති 'නිදහස් වෙළඳ' (Free Trade) තත්ත්වය අහෝසි කොට එහි ස්ථාවර හමුදා පාලනයක් ස්ථාපිත කරනවා. එහි පාලනය භාර වූ ප්‍රෙෆෙක්ට් වැනිස් ටීගෝ (Vanis Tigo) විසින් ප්‍රසිද්ධියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඇතුළු අතිශය දැඩි මර්දනකාරී පියවරයන් අනුගමනය කළ අතර, නගරයේ ප්‍රකට 'Hotel Rix' හෝටලය අධිරාජ්‍ය යුද මූලස්ථානයක් බවට පරිවර්තනය කරමින් නිදහස අගයන ෆෙරික්ස් වැසියන්ට දිගින් දිගටම පීඩා කරනවා.

මේ අතර ඩෙඩ්‍රා මීරෝ, උපදේශකයන්ගේ විරෝධය මධ්‍යයේ වුවද මාර්වා ඇන්ඩෝර්ගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට ඉඩ ලබා දුන්නේ, කැසියන් එයට සහභාගී වනු ඇතැයි යන අපේක්ෂාවෙනි. ඇය එය කැසියන්ව කොටු කරගැනීම සඳහා යෙදූ 'උගුලක්' ලෙස භාවිතා කිරීමට සැලසුම් කළා.

කෙසේ වෙතත්, මෙම අවමංගල්‍ය උත්සවය අතරතුර ඇති වූ දැඩි උණුසුම්කාරී තත්ත්වයත් සමඟ සිවිල් වැසියන් සහ අධිරාජ්‍ය හමුදාවන් අතර දරුණු ගැටුම් ඇති වූ අතර, එහිදී බොහෝ සිවිල් වැසියන් පිරිසකට සිය ජීවිත අහිමි වුනා. මේ සිදුවීම් සමගම අධිරාජ්‍යය කෙසේ හෝ විනාශ කලයුතු බවට තීරණය කරන කැසියන් ඇන්ඩෝර්, ලූතන් ගොඩනගන කැරලි කරුවන්ගේ සන්ධානයේ පූර්ණකාලීන මෙහෙයුම් කරුවෙකු වෙනවා.

Andor Season 2 (4 BBY to 0 BBY)

Andor දෙවන කථා සමය ද කථාංග 12කින් සමන්විත වන අතර, එය කැසියන් ඇන්ඩෝර්ගේ ජීවිතයේ ඉතිරි වසර හතරක කාලය ඉතා සුවිශේෂී ලෙස ආවරණය කරනවා.

මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ කථාංග තුන බැගින් වූ කොටස් හතරක් (Four three-episode arcs) හරහා වසර හතරක කථා පුවතක් දිග හැරීමයි. සෑම කොටසක් අතරම වසරක කාල පරතරයක් පවතින අතර, එමඟින් ඉතා වේගවත් හා තීරණාත්මක සිදුවීම් පෙළක් ප්‍රේක්ෂකයා වෙත රැගෙන එනවා. Season 02 තුළ ප්‍රධාන වශයෙන් කරුණු තුනක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එනවා. ඒ මගින් රෝග් වන් චිත්‍රපටයේ ආරම්භයේ සිදුවීම් දාමය හා කෙලින්ම ගැලපෙන ආකාරය මනාව පෙන්වනවා. Cassian Andor's transition as a rebel leader: කැරලිකාර ක්‍රියාවලීන් සඳහා කැසියන්ගේ සක්‍රීය දායකත්වය සහ ඔහු දක්ෂ නායකයෙකු ලෙස වර්ධනය වන ආකාරය මෙයින් පිලිඹිබු වෙනවා. Forming of the rebel alliance against the empire: විසිරී සිටි විවිධ කැරලිකාර කණ්ඩායම් අධිරාජ්‍යයට එරෙහිව එක් පෙරමුණකට ගොනු කිරීමේ ලූතන් රාල් ගේ වෑයම සාර්ථකවීම Threat of Death Star: අධිරාජ්‍යයේ දරුණුතම මාරක අවිය වන 'ඩෙත් ස්ටාර්' (Death Star) හි නිර්මාණ කටයුතු අවසන් අදියරට පැමිණීමත් සමඟ එල්ල වන බියකරු තර්ජනය.

Season 02 අවසන් කථාංග තුන කැපවී ඇත්තේ 'Rogue One' චිත්‍රපටය ආරම්භ වීමට දින කිහිපයකට පෙර සිදු වූ තීරණාත්මක සිදුවීම් මාලාව වෙනුවෙනි. මෙහිදී 'ඩෙත් ස්ටාර්' මාරක අවිය පිළිබඳ මූලික රහස් තොරතුරු කැරලිකරුවන් අතට පත්වන ආකාරය ඉතා කුතුහලයෙන් යුතුව නිරූපණය වෙනවා

Death Star නිර්මාතෲ ගේලන් අර්සෝ (Galen Erso) විසින් සිය දියණිය වන ජින් අර්සෝ වෙත රහසිගත තොරතුරු එවන ආකාරය සහ ඒවා යාවින් 4 (Yavin 4) මූලස්ථානයේ කැරලිකාර නායකයන් වෙත ලැබෙන ආකාරය මෙහිදී අනාවරණය වෙනවා.

එමෙන්ම කැරලිකාර ව්‍යාපාරයේ මූලිකයෙකු වූ ලූතන් රායෙල්, Death Star පිලිබඳ තොරතුර ISB බුද්ධි අංශය අතට පත්වීම වැලැක්වීම සඳහා සිය දිවි තොරකර ගන්න ආකාරයද පෙන්වනවා.

එමෙන්ම රෝග් වන් චිත්‍රපටයේ විශේෂ භූමිකාවක් ඉටුකරන, K2SO රොබෝවා කැසියන් හා එක්වන ආකාරයද මෙම එපිසෝඩ වල පෙන්වනවා.

අවසානයේ ජෙනරාල් ඩේවිට්ස් ඩ්‍රේවන්ගෙන් (Davits Draven) නියෝග ලබන කැසියන්, සිය තොරතුරුකරු වන 'ටිවික්' මුණගැසීම සඳහා 'රිං ඔෆ් කැෆ්රීන්' (Ring of Kafrene) වෙත පිටත්ව යන ආකාරය පෙන්වමින් අවසන් වනවා.

රෝග් වන් ආරම්භ වන්නේ කැසියන්, ටිවික්ව මුණගැසී තොරතුරු ලබාගැනීමට කරන උත්සහය පිලිඹිඹු කරමින්.


Comments