NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

Want to know more about Soundcore, the high quality, yet surprisingly affordable wireless audio brand? මිලෙන් අඩු, ඉතාම හොඳ සවුන්ඩ් කොලිටි දෙන සවුන්කෝර් බ්‍රෑන්ඩ් එක ගැන දැනගන්න.

Soundcore is a brand from Anker Innovations

ජනප්‍රිය ලැප්ටොප් මාදිලිවලට බැටරි නිෂ්පාදකයෙක් විධියට පටන් ගත්ත Anker Innovations ආයතනය, අද වෙනකොට ලෝකයම දන්නා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය කරන දැවැන්තයෙක් බවට පත්වෙලා තියෙනවා. 

2011 අවුරුද්දේ ගූගල් සමාගමේ හිටපු මෘදුකාංග ඉංජිනේරුවෙක් වන ස්ටීවන් යැං විසින් ආරම්භ කළ මේ සමාගම, බැටරි නිෂ්පාදනයෙන් ඉදිරියට  යන ගමන්ම වේගයෙන් ඉහල යන ජංගම දුරකථන උපාංග වෙළඳපොලට (after market smartphone accessories) පිවිසුනා. ඒ ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් මාදිලිවලට චාජර් නිෂ්පාදනය අරඹමින්. 

මේ වන විට ඔවුන් ස්මාර්ට් නිවාස උපාංග, බලශක්ති විසඳුම් සහ උසස් තත්ත්වයේ ඕඩියෝ (Audio) උපකරණ දක්වා තමන්ගේ ව්‍යාපාරය ව්‍යාප්ත කරලා තිබෙනවා.

එපමණක් නොවෙයි, Anker Innovations සමාගම Gallium Nitride (GaN) කියන නවීන චාජර් තාක්ෂණයේ ප්‍රමුඛයෙක් වගේම, පේටන්ට් බලපත්‍ර 1,400කට වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියනවා. Anker නම චාජර් සහ පවර්බෑන්ක් වලට ගොඩක් ප්‍රසිද්ධ වුණත්, ඔවුන්ගේ උප සන්නාමයක් වන Soundcore, දැනටමත් ලෝකයේ ශ්‍රව්‍ය උපකරණ වෙළඳපොළේ විශාල ඉඩක් වෙන් කරගෙන අවසානයි

The Birth of Soundcore

2018 අප්‍රේල් 25 වෙනිදා නිල වශයෙන් ආරම්භ වුණු Soundcore සන්නාමය පිටුපස තියෙන්නේ Anker සමාගම 2014 අවුරුද්දේ ඉඳන් බ්ලූටූත් ස්පීකර් සහ හෙඩ්ෆෝන් නිෂ්පාදනයෙන් ලබාගත්ත සාර්ථකත්වයයි. 

චීනයේ ෂෙන්සෙන් (Shenzhen) නගරය මූලස්ථානය කරගත්තු මේ සන්නාමය, Anker සමාගමේ සියලුම වයර්ලස් ඕඩියෝ (Wireless Audio) නිෂ්පාදන එකම අනන්‍යතාවයක් යටතට ගෙන එන්නට බිහිකරපු එකක්.

ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වුණේ ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ශ්‍රව්‍ය අත්දැකීමක් ඕනෑම කෙනෙකුට ලබාගත හැකි මිලකට ලබාදීමයි. 

'හොඳම audio කොලිටියෙන් සිංදුවක් අහන්න නම් iPod, JBL, Beats, BOSE වගේ ප්‍රසිද්ධ සන්නාමවල අධික මිල ගණන් ගෙවන්න ඕනේ' කියන මතය වෙනස් කරපු Soundcore, අද වෙනකොට රටවල් 50ක පාරිභෝගිකයින් මිලියන 20කට වඩා පිරිසක් තමන් වටා රොක් කරගන්න සමත් වෙලා තියෙනවා."

Innovation at the Core

Soundcore සන්නාමයේ මේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව වෙන්නේ ඔවුන් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු (R&D) වෙනුවෙන් දක්වන කැපවීමයි. ශ්‍රව්‍ය තාක්ෂණය සම්බන්ධයෙන් ඔවුන් සතු පේටන්ට් බලපත්‍ර 181ක්ම මෙයට සාක්ෂි දරනවා. 

ඕනෑම කෙනෙකුට දැරිය හැකි මිලකට ඉතා ඉහළ මට්ටමේ ශබ්දයේ ගුණාත්මකභාවයක් (High-quality sound) ලබාදීම ඔවුන්ගේ ප්‍රධාන දර්ශනයයි. මේ සඳහා ඔවුන්ටම ආවේණික වූ සුවිශේෂී තාක්ෂණයන් කිහිපයක්ම ඔවුන් භාවිතා කරනවා:

  • ACAA (Astria Coaxial Acoustic Architecture): Delivers balanced, high-resolution audio in earbuds.
  • BassUp™ and BassTurbo: Specifically designed to enhance low-frequency reproduction for a more powerful "thump".
  • HearID: Uses the Soundcore app to create a personalised sound profile tailored to the user’s unique hearing.
  • PartyCast™: Allows users to synchronise audio and light shows across multiple compatible speakers

Comments