NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

STRANGER THINGS SEASON 5: Stranger Things finale streams Dec. 31 in Netflix's biggest debut ever


DECEMBER 31, 2025 - END OF A 9 YEAR JOURNEY

නෙට්ෆ්ලික්ස් (Netflix) හි අතිශය ජනප්‍රිය ටෙලි කතා මාලාවක් වන "Stranger Things", වසර නවයක සිය ගමන නිමා කරමින් දෙසැම්බර් 31 වැනිදා රාත්‍රී 8ට (Eastern Time, USA) විකාශය වීමට නියමිතයි. පැය දෙකයි විනාඩි පහක කාලයකින් සමන්විත මෙම අවසාන කොටස, "Peak TV" ලෙස හැඳින්වෙන දැවැන්ත පිරිවැයක් දරා ටෙලි නිර්මාණ නිපදවීමේ යුගයේ අවසානය සනිටුහන් කරන බවයි විචාරකයින් පවසන්නේ.

"The Rightside Up" ලෙස නම් කර ඇති මෙම අවසාන කොටස නෙට්ෆ්ලික්ස් හරහා ලොව පුරා විකාශය වන අතරම, ඇමරිකාවේ සහ කැනඩාවේ සිනමා ශාලා 620කට අධික සංඛ්‍යාවක ද ප්‍රදර්ශනය කෙරේ. 

මෙහි සම-නිර්මාණකරු රොස් ඩෆර් පවසන පරිදි, සිනමා ශාලා දර්ශන සඳහා පුද්ගලයින් මිලියන 1.1ක් ලියාපදිංචි වී ඇති අතර දර්ශන වාර 3,500ක් සම්පූර්ණයෙන්ම විකිණී අවසන්.

නෙට්ෆ්ලික්ස් නිර්මාණයක් සඳහා මෙවැනි ද්විත්ව මුදාහැරීමේ ක්‍රමයක් මීට පෙර අනුගමනය කර නොමැති අතර, එයින්ම මෙම කතා මාලාවට හිමි සුවිශේෂී ස්ථානය පැහැදිලි වෙනවා.

Stranger Things 5 වැනි සීරීස් එකේ වොලියුම් වන් (Volume 1) පළමු කොටස දැනටමත් වාර්තා රැසක් බිඳ දමා තිබෙනවා. එහි මුල් කොටස් හතර නිකුත් වී දින පහක් ඇතුළත මිලියන 59.6ක නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබා ගනිමින්, නෙට්ෆ්ලික්ස් ඉතිහාසයේ ඉංග්‍රීසි භාෂා නිර්මාණයක් තැබූ ඉහළම වාර්තාව සතු කර ගත්තා.

මෙය 2022 වසරේ නිකුත් වූ 4 වැනි කොටසේ ආරම්භයට වඩා 171%ක දැවැන්ත වර්ධනයක්.

$400-480 MILLION FOR 8 EPISODES


Puck වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට, Stranger Things 5 වැනි කේතයේ කොටස් අටක් පමණක් නිෂ්පාදනය කිරීම සඳහා නෙට්ෆ්ලික්ස් ආයතනය ඇමරිකානු ඩොලර් මිලියන 400ත් 480ත් අතර මුදලක් වියදම් කර තිබේ. ඒ අනුව මෙහි එක් කොටසක් සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 50ත් 60ත් (ආසන්න වශයෙන් රුපියල් කෝටි 1,500ත් 1,800ත්) අතර අගයක්. මෙය ලෝක ටෙලි ඉතිහාසයේ සිදු කළ මිල අධිකම නිෂ්පාදනයක් ලෙස සැලකෙනවා.

මෙම වියදම 2016 වසරේ නිකුත් වූ මෙහි Season 01 සඳහා වැය වූ ඩොලර් මිලියන 48ක මුදල හා සැසඳීමේදී 900% ක දැවැන්ත වැඩිවීමක් පෙන්වනවා. දශකයකටත් අඩු කාලයකදී මෙම කතා මාලාවේ නිෂ්පාදන පිරිවැය මෙතරම් ඉහළ යාම ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

STREAMING + THEATER DUAL RELEASE - A WORLD'S FRIST FOR A TV SHOW


නෙට්ෆ්ලික්ස් හි ‘Tudum’ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් මෙහි නිර්මාණකරුවන් වන ඩෆර් සහෝදරයන් පවසා සිටියේ, මෙම අවසාන කොටස සිනමා තිරයට රැගෙන ඒම තමන් වසර ගණනාවක සිට දුටු සිහිනයක් බවයි.

ඒ අනුව, උදාවන අලුත් අවුරුදු සැඳෑව විශේෂයෙන්ම ඇමරිකාවේ හා කැනඩාවේ සිනමා හල්වල අවසන් කොටස නරඹන්නට ටිකට් පත් ගන්නට සමත්වූ ස්ට්‍රේන්ජර් තින්ග්ස් ලෝලීන්ට සුවිශේෂී අත්දැකීමක් වනු ඇත.

 එදිනට හෝකින්ස් (Hawkins) නගරය සහ 'Upside Down' ලෝකය අතර පැවති මහා සටන මෙන්ම, ලෝක ටෙලි ඉතිහාසයේ දැවැන්තම සහ වඩාත්ම නිර්භීත යුගයක නිමාව සනිටුහන් වනු දැකීමට රසිකයින්ට අවස්ථාව ලැබෙනවා.

Comments