Xiaomi 17 Ultra දුරකථනය දියත් කිරීමේ නිල උත්සවය අද (දෙසැම්බර් 25) චීන වේලාවෙන් පස්වරු 7:00 ට පැවැත්වීමට Xiaomi සමාගම සූදානම් වෙනවා.
සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයේදී සිය 'Ultra' මාදිලි හඳුන්වා දෙන ඔවුන් සම්ප්‍රදාය බිඳ දමමින් මෙවර කලින්ම මෙම දියත් කිරීම සිදු කිරීම විශේෂත්වයක්.
මෙම හඳුන්වාදීමේ වැඩසටහනේදී 'Leica Camera AG' සමාගම සමඟ පවතින උපායමාර්ගික හවුල්කාරිත්වයේ නවතම දියුණු කිරීම් පිළිබඳවද කරුණු අනාවරණය කිරීමට නියමිත අතර, එමගින් ජංගම දුරකථන ඡායාරූපකරණයේ (mobile photography) නව සන්ධිස්ථානයක් සනිටුහන් වනු ඇතැයි සමාගම අපේක්ෂා කරනවා.
මෙහි 'octa-core' ව්‍යුහය තුළ ගිගාහර්ට්ස් 4.61ක වේගයක් සහිත prime cores දෙකක් සහ ගිගාහර්ට්ස් 3.63ක වේගයකින් ක්‍රියා කරන performance cores හයක් අඩංගු වෙනවා.
මීට අමතරව, 12GB ක RAM සමග එන මෙය Android 16 පාදක කරගත් නවතම 'Xiaomi HyperOS 3' මෘදුකාංග පද්ධතිය මගින් ක්‍රියාත්මක වේ.
Xiaomi 17 Ultra දුරකථනයේ සුවිශේෂී විශේෂාංගයක් වන්නේ එහි ඇති මෙගාපික්සල් 200ක periscope telephoto කැමරාවයි. ඉමෙජ් සෙන්සරය, ලෙයිකා සමාගම මගින්, සිය කැමරා තාක්ෂණයට ගැලපෙන ලෙස වැඩිදියුණු කරනලද එකක් බවයි වාර්තා වෙන්නේ.
එසේම, මිලිඇම්පියර් පැය 6,000ත් 7,000ත් අතර ඉහළ ධාරිතාවකින් යුතු ප්‍රබල බැටරියක් මීට ඇතුළත් කර ඇති අතර, වොට් 100ක වේගවත් ආරෝපණ තාක්ෂණය (wired charging) මගින් එය ඉතා කෙටි වේලාවකින් ආරෝපණය කර ගැනීමේ පහසුකම ද තිබෙනවා.

Comments
Post a Comment