NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

ARTIFICIAL INTELLIGENCE : කෘත්‍රිම බුද්ධි තිර රචකයෙක් ලියපු විද්‍යා ප්‍රබන්ධ කෙටි චිත්‍රපටයක් බලන්න ආසද?













ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැතිනම් කෘත්‍රිම බුද්ධිය ඇති පරිගණක, මෑතකදී ඉතා වේගයෙන් දියුණුවෙමින් තියෙනවා. දැන් කෘත්‍රිම බුද්ධියෙන් පියාසර කරන ඩ්‍රෝන යානා යුධ කළාපවල අහසේ ප්‍රහාර මෙහෙයවනවා, කෘත්‍රිම බුද්ධි රියැදුරන් ධාවනය කරන වාහනවල පරීක්ෂණ ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ මහාමාර්ගවල නිරන්තරයෙන් සිදුවෙනවා. ඉතා ඉක්මණින් කෘත්‍රිම බුද්ධිය මගින් මෙහෙයවන රථයක දරුවන්ව පාසැලට යවන්න හැකිවන තරමට ඒවා ආරක්ෂාකාරී වේවි.

එපමණක් නොවෙයි, කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන්, තවත් නොයෙකුත් මානව ක්‍රියාකාරකම් අත්හදා බලන්නට පටන් අරගෙන. සංගීත තනු නිර්මාණය, ආහාර පිසීම, කළාකෘති නිර්මාණය, චෙස් / චයිනීස් ගෝ වැනි සංකීර්ණ ක්‍රීඩා විතරක් නෙමෙයි දැන් ඔවුන් චිත්‍රපටවලට තිර රචනයන් පවා සිදු කරන්න පටන් අරගෙන.

"Sunspring" කියන විද්‍යා ප්‍රබන්ධ කෙටි චිත්‍රපටය, කෘත්‍රිම බුද්ධි පරිගණකයක් විසින් තනිවම ලියන ලද තිර රචනයකින් නිර්මාණය වූවක්. මෙහි කතාව, දෙබස් පවා කෘත්‍රිම බුද්ධිය මගින් ලියා තිබෙනවා. එපමණක් නොවෙයි, මෙම කෘත්‍රිම බුද්ධි වැඩසටහන, මෙම තිර රචනය ලියන අතරෙම, තමන්ටද නමක් දීගෙන තියෙනවා. යම් හේතුවක් නිසා මෙම කෘත්‍රිම බුද්ධිය "බෙන්ජමින්" කියන නමින් තමන්ව හඳුන්වාගන්න පටන් අරගෙන.

"Sunspring" චිත්‍රපටය බිහිවුනේ චිත්‍රපට අධ්‍යක්ෂක ඔස්කාර් ෂාප් හා නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ කෘත්‍රිම බුද්ධි විශේෂඥයෙකු වන මහාචාර්ය රොස් ගුඩ්වින්ගේ හවුල් ව්‍යායාමයක් විදියට. 

Sci-Fi London කියන කෙටි චිත්‍රපට උළෙලේ පැය 48 අභියෝගය (48 hour challenge) කියන තරඟයට තමයි මොවුන් මේ කෘත්‍රිම බුද්ධිය විසින් ලියන ලද තිර රචනය කෙටි චිත්‍රපටයක් ලෙස රූගත කරලා නිර්මාණය කරලා තියෙන්නේ. 48 අභියෝගයේදී, තරඟ කරුවන් පැය 48ක් ඇතුලත අලුත් විද්‍යාප්‍රබන්ධය කෙටි චිත්‍රපටයකට තිර රචනය කරලා,චිත්‍රපයටක් ලෙස රූගත කරලා, සියලු සංස්කරණ පැය 48ක් ඇතුලත අවසන් කරලා ඉදිරිපත් කරන්න ඕනෑ. එම තරඟයට තමයි කෘත්‍රිම බුද්ධි බෙන්ජමින් ලියපු "Sunspring" චිත්‍රපටය ඉදිරිපත් කලේ.











__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. Attend The Artificial Intelligence course From ExcelR. Practical Artificial Intelligence course Sessions With Assured Placement Support From Experienced Faculty. ExcelR Offers The Artificial Intelligence course.
    Artificial Intelligence course

    ReplyDelete
  2. Study ExcelR Machine learning course bangalore where you get a great experience and better knowledge.

    Machine learning course bangalore

    ReplyDelete
  3. Thanks for posting the best information and the blog is very important.artificial intelligence course in hyderabad

    ReplyDelete
  4. Data Science Courses provides meaningful information based on large amounts of complex data or big data. Data science, or data-driven science, combines different fields of work in statistics and computation to interpret data for decision-making purposes.

    https://www.excelr.com/data-science-course-training-in-pune

    ReplyDelete
  5. Thanks for posting the best information and the blog is very important.artificial intelligence course in hyderabad

    ReplyDelete
  6. Nice information, valuable and excellent design, as share good stuff with good ideas and concepts, lots of great information and inspiration, both of which I need, thanks to offer such a helpful information here.

    best digital marketing services

    ReplyDelete
  7. I feel very grateful that I read this. It is very helpful and very informative and I really learned a lot from it.
    aluminium cable wires manufacturer

    ReplyDelete
  8. I am looking for and I love to post a comment that "The content of your post is awesome" Great work!
    Welcome to VS Bakery

    ReplyDelete
  9. s is also a very good post which I really enjoyed reading. It is not every day that I have the possibility to see something like this..
    Best Cake Bakery in Hyderabad

    ReplyDelete
  10. Thanks for posting the information and very useful to us
    < a href="https://fushionfootwear.dbrandmind.online/">best footwear

    ReplyDelete

Post a Comment