අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

4 X 4 / OFFROAD : නිසාන් සමාගම Titan 4X4 Pickup එකක් මොඩිෆයි කරලා තියෙන හැටි බලන්න.


























ඔබ මේ දකින්නේ නිසාන් ටයිටන් 4X4 පික්අප් රියක් ඕනෑම දුෂ්කර කැලෑවක යන්න පුලුවන් විධියට මොඩිෆයි කරලා තියෙන විධිය. මේ මොඩිෆිකේෂන් සිදුකරලා තියෙන්නේ නිසාන් සමාගම විසින්මයි. මේ රථය එලිදැක්වූවේ ඇමරිකාවේ විශාලතම ඔෆ්-රෝඩ් වාහන, උපකරණ හා සේවා පිලිබඳ ප්‍රදර්ශණය වන "Overland Expo 2017" ප්‍රදර්ශණයේදී.

මේ පික් අප් රථයේ මාදිලිය Nissan TITAN XD PRO-4X. මෙහි එන්ජිම 5.6-liter DOHC 32-valve V8 ඩීසල් එන්ජිමක්. අශ්වබල 390ක ජවයක් නිපදවන මෙම එන්ජිම හා සම්බන්ධව වේග 7ක ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් පද්ධතියක් තිබෙනවා. ඉදිපස හා පසුපස ඩිස්ක් බ්‍රේක් වලින් සමන්විත නිසාන් ටයිටන් XD ප්‍රෝ  රථයට ධාවනයේ සිදුවන අතරම 2WD සිට 4WD ආකාරයට වෙනස් කරගත හැකියි. මෙය සිදුකිරීමට ඩැෂ්බෝඩ් එකෙහි ස්විචයක්  ලබාදී තිබෙනවා.

නිසාන් පික් අප් රථ ඕනෑම ඕෆ් රෝඩ් වික්‍රමයකට සූදානම් කරගත හැකි ආකාරය පෙන්වීම සඳහා නිසාන් සමාගම මෙම මොඩිෆයි කරනලද රථය ප්‍රදර්ශණයට ඉදිරිපත් කල එතර ඔවුන් එම ව්‍යාපෘතිය "Project Basecamp" ලෙස හඳුන්වන්නේ මෙම මොඩිෆිකේෂන් වලින් පසුව මෙම රථය ඕනෑම කැලෑවක් තුල සුවපහසු කඳවුරක ඇති පහසුකම් ලබාදෙන නිසායි.

රථයට සිදුකොට ඇති වෙනස්කම් හා සවිකර ඇති අමතර උපාංග. 

1. ඉදිරිපස හා පසුපස ෆෙන්ඩර (බෆර්) වෙනස් කර ඇත
2. අමතර ෆොග් හා ස්පොට් ලයිට්
3. වින්ච් මෝටර් පද්ධතිය
4. විශේෂයෙන් නිපදවන ලද Rhino Rack හුඩ්රැක් එක
5. රූෆ් රැක් එක මත සවිකරන ලද කූඩාරම
6. ජංගම ශීතකරණය
7. අමතර ජලය හා ඉන්ධන ගෙනයා හැකි ටැංකි
8. ආපදා නඩත්තු කට්ටලය, සවල හා ලිෆ්ට්-ජැක් එක








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments