අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

GLOBAL CYBER ATTACK :උතුරු කොරියානු ඔත්තු සේවයේ Unit 180


උතුරු කොරියානු ඔත්තු සේවය වන Reconnaissance General Bureau (RGB) මගින් මෙහෙයවන Unit 180 ලෙසින් හැඳින්වෙන සයිබර් ප්‍රහාර ඒකකයක් පිලිබඳව බටහිර ඔත්තු සේවාවලට වාර්තා වී තිබෙනවා. උතුරු කොරියාවේ දක්ෂ පරිගණක විද්‍යාඥයින් හැකර් වරුන් ලෙස පුහුණු කරවා විදෙස් රටවලට යවන අතර ඔවුන් එම රටවල සිටිමින් රහසිගතව ප්‍රහාර දියත් කරනවා.

WannaCry ප්‍රහාරය මෙන්ම පසුගිය වසරේ බංග්ලාදේශ මහ බැංකුවෙන් ඩොලර් මිලියන 81ක් සොරාගත් ලාසරස් ලෙස හඳුන්වාගත් කණ්ඩායමක් සිදුකල සයිබර් බැංකු කොල්ලයද සිදුකරන්නට ඇත්තේ උතුරු කොරියාවේ Unit 180 කණ්ඩායම් විසින් බවට දැන් සැක මතුවී තිබෙනවා. 

උතුරු කොරියාවේ සිට දකුණු කොරියාවට පැන ආ පරිගණක විද්‍යාඥයෙකු වන Kim Heung-kwang පවසන අන්දමට, Unit 180 ඒකකය හැකර් කණ්ඩායම් උතුරු කොරියාවට සම්බන්ධ විදෙස් සමාගම් වල රැකියා සඳහා යයි කියමින්, චීනය, මැලේසියාව, වියට්නාමය වැනි රටවලට යවා එම රටවල සිට ප්‍රහාර දියත් කරනවා. 2004 සෝනි චිත්‍රපට සමාගමට එල්ලවූ හැකර් ප්‍රහාරයත් මොවුන් මෙහෙයවන ලද බවට සැක මතුවී තිබෙනවා.

පසුගිය වසරේ පමණක් උතුරු කොරියානු හැකර්වරුන් දකුණු කොරියානු සමාගම් හා රජයේ ආයතන 160ක පරිගණක 160,000කට පමණ සොරෙන් ඇතුලුවී දත්ත සොරාගැනීම්, වෛරස් ඇතුලු කිරීම් සිදුකොට ඇති බව වාර්තා වනවා. එමෙන්ම 2014දී දකුණු කොරියානු න්‍යෂ්ඨික බලාගාරයකටද සයිබර් ප්‍රහාරයක් ප්‍රහාර එල්ලකොට තිබෙනවා.




_________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments